IMG-LOGO

2024 ඔක්තෝබර් මස 23 වන බදාදා


පළමු හොරා දෙවැනි හොරාගේ පාමුලටම පුවක්වල්ල ගෙනත්

පළමු හොරා දෙවැනි හොරාට බයවී කඩාගත් පුවක්වල්ල ගහමුල දමා පැන ගිය පුවතක් ගම්මානයකින් වාර්තා විය. සිද්ධිය සැකෙවින් මෙසේය. ඔවුහු දෙදෙනාම සුළු හොරකම්වලට ඇබ්බැහිවූ අය වෙති. මේ දිනවල පුවක් මිල හොඳ නිසා දෙදෙනාගේම අවධානය යොමුවී තිබුණේ පුවක් වගාවන් දෙසටය. ගං ඉවුරේ සරුවට වැඩුණු පුවක් ගසක ඉදුණු පුවක් වල්ලක් දෙස දෙදෙනාම ඇස ගසා සිටියහ. මේ දෙස තව දුරටත් බලා සිටිය නොහැකි එක හොරෙක්, තරමක් රෑ බෝ වී හොඳට අඳුර වැටුණු පසු හිමින් ගසට නැඟ පුවක් වල්ල කඩා අතට ගත්තා පමණි. ඔහු ගස උඩ සිටින බව නොදත් දෙවෙනි හොරාත් ගසට නගින්නට සැරසුණා පමණි. ගසෙන් බැසීමට බිම බැලූ පළමු හොරා සිතුවේ ගස මුල සිටියේ ඉඩම අයිතිකරු බවයි. ඉක්මනින් පහළට බැසගත් ඔහු පුවක් වල්ලත් ගහ මුල දමා වැටෙන් පැන අතුරුදන්වී තිබේ. දෙන දෙයියෝ ළඟටම ගෙනත් දෙන බව සිතූ දෙවෙනි හොරා, පුවක් වල්ලත් රැගෙන හිමින් සීරුවේ එතැනින් මාරු විය. සිද්ධිය ගමේ සැලවූ පසු දැන් දෙදෙනාම මුහුණට මුහුණ හමුවන්නේ නැති ලූ.



අදහස් (0)

පළමු හොරා දෙවැනි හොරාගේ පාමුලටම පුවක්වල්ල ගෙනත්

කැරපොත්තා Monday, 25 June 2012 03:37 PM

පුවක් උණත් ඉතිං වල්ලක් නේ....

:       0       0

සමන්ත Friday, 22 June 2012 09:42 AM

දැන් කවුද ඔය කතාව කිවුවේ? පළමුවැන්නා කිවුව නම් එයා ගොනෙක්.දෙවැන්නා නම් එයා බූරුවෙක්

:       0       0

කිරි පණුවා Friday, 22 June 2012 10:55 AM

ඒක පාරුවේ පුවක් වැසියනි

:       0       0

මදූ Saturday, 23 June 2012 10:32 AM

දෙවැනි හොරා උඩ බලනකොට මොකද උනේ දන්නෑ....

:       0       0

විජය බණ්ඩාර කළුආරච්චි Sunday, 24 June 2012 12:03 AM

දෙවෙනි හොරත් ,ඔය පුවක් වල්ල අරගෙන ගිහින් ,’කන්න ’ නෙවෙයිනෙ කාට හරි විකුනන්න ඇති නේ … ඔය වල්ල අඩු මුදලකට අරගත්තු හොර මුදලාලි කෙනෙකුත් ඔය ගමේම ඇති …

:       0       0

හසි Saturday, 23 June 2012 11:24 AM

දෙවැනි හොරා පුවක් මල්ල හොරාගෙ පාමුලටම ගෙනල්ල තියලද?

:       0       0

හරි Friday, 22 June 2012 10:31 AM

කෝ ආචාර්යතුමා

:       0       0

සොනික් Friday, 22 June 2012 11:14 AM

මෙහෙමත් හොරු ඉන්නවනේ

:       0       0

ඩර්ටිhawk Friday, 22 June 2012 11:16 AM

මේක මම හා හා පුරා කියල අන්තිම පේලියට ලියන කතාව... මේක උනේ අපි ඉස්කෝලේ යන කාලේ. උඩරට තියෙන එල කොල්ලන්ගේ ඉස්කෝලයකට තමයි අපි ඉතින් ගියේ. දන්නවනේ ඉතින් A /L කරන්න අවාම කොල්ලන්ට තියෙන උන. ඔය කියන උන අපිටත් හොඳටම වැඩි වෙලා තිබුනේ. අපි හිටිය maths class එකේ. එකේ හිටිය එකෙකුටවත් ඉගෙනගන්න ඕන කමක් තිබුනේ නෑ. අපේ පන්ති භාර හිටියෙත් අපිටම හරියන sir කෙනෙක්. අපි ආදරේට කිව්වේ බාල වන්නියා sir කියල. මුණ පුරා රැවුල වවාගෙන, බුලත් විටක් එහෙම කාල තමා ඉතින් sir ඉන්නේ. මේ sir හිටියේ ලෝකේ අඩුම වේගයෙන් බස් යන පාරක. මේ පාරේ 15km යන්න ඉතින් 2hrs වත් යනවා. හැබැයි ඉතින් love කරන කොල්ලන්ට කෙල්ලන්ට ඉතින් කියපු පාර. මොකද ඉතින් බස් එකේ පිටිපස්ස වාඩි උනාම අඩු මුදලකට වැඩි කාලයක් ගත කරන්න පුළුවන් හින්ද. අපේ class එකේ හිටිය (අපි කියමු උට සෙවළයා කියල) උට කෙල්ලෙකුත් හිටියා. මූ ඉතින් ඒදවස්වල හිටියේ පොර වගේ. මොකද ඉතින් ඒදවස්වල ඉතින් කෙල්ලෙක් වෙලාව අහන්නවත් අපේ දිහා බලන්නේ නැනේ. අපිත් ඉතින් සෙවළයට හුල්ල හුල්ල හිටියා. මුත් ඉතින් love කරන්න යන්නේ අර sir හිටිය පාරේ බස් වල තමා. ඔන්න ඉතින් දවසක් බාල වන්නියා sir ට මුව බස් එකේ යනකොට මාට්ටු. පහුවදා ඉතින් සෙවළයා හිටියා වීරයා වගේ. Sir ආව class එකට. මේ ඊට පස්සේ ඇති වුන දෙබස. Sir : ආ සරත්(සෙවළයාගේ සිරා නම සරත් කියල කියමුකෝ) මම දැක්ක ඔයා ඉයේ බස් එකේ යනවා අපේ ගෙවල් පැත්තේ. sir ඉතින් ඇඟට පතට නොදැන වගේ ඇහුව. අපේ සෙවළය ඉතින් ලෝර්ඩ් වගේ අත් දෙක එහෙම දිග හැරලා ඇඟ මැලියක් කඩලා මෙහෙම උත්තරයක් දුන්න sir ව කඩේ යවන්න බලාගෙන. සෙවළයා : ඔව් sir, මම නැදෑ ගෙදරක ගියා අපේ අක්කත් එක්ක. Sir : ආ එහෙමද, මම හිතුවේ ඒ සරත්ගේ අම්මා කියල. මොකෝ සරත් කිරි බොන්න එහෙමත් ගියා මම බලාගෙන. ඊට පස්සේ ඉතින් අපේ පන්තියේ ඇහුන සද්දේ ගැන ඉතින් කියන්න ඕනේ නැහැ නේ....

:       0       0

ෆිරෝ Friday, 22 June 2012 10:44 AM

එතකොට මේ සිද්ධිය පත්තරේට කිවුවේ දෙන්නගෙන් ‍කොයි හොරාද?

:       0       0

සදුන් Friday, 22 June 2012 11:36 AM

කෝ අලිබබා?

:       0       0

අලිබබා Friday, 22 June 2012 06:55 PM

මෙවර කතන්දර දෙකක්ම තිබෙන නිසා මම ඊලගවර ඔයාල‍ට කතාවක් කියන්නමි.

:       0       0

ජෝන් Friday, 22 June 2012 11:25 AM

කරුවලේ පුවක් ගහේ කියලා මහසෝනාගේ කකුලේ නැග්ගනම් තමයි වැඩේ

:       0       0

තිලා Friday, 22 June 2012 11:31 AM

බැරිවෙලාවත් ඔතනට තුන්වෙනි හොරෙක් ආවනන් ...බඩුම තමයි

:       0       0

Sakala Bujan Saturday, 23 June 2012 01:31 PM

අනේ නෑ පුවක්.. ඒකයි...

:       0       0

අටකිච්ච Saturday, 23 June 2012 01:41 PM

හොරු දෙන්නම තමන්ගේ හොරකම් නොකියන බැවින් , කතාව කියා තිබෙන්නේ තුන්වෙනි හොරෙක් වියයුතුය .

:       0       0

අම්ල Sunday, 24 June 2012 09:49 PM

විජේ බණ්ඩෝ, මේක නම් පළමු හොරාගේ පාරුවේ පුවක්

:       0       0

හර්ෂ ප්‍රදිප් Friday, 22 June 2012 01:02 PM

ඉතිං අපි ඕකට මොකද කරන්නේ?

:       0       0

උනුසුම් කොල්ලා Friday, 22 June 2012 09:23 PM

පලවෙනි හොරා ගහ උඩ ඉන්දෙද්දිම දෙවෙනි හොරාත් ගහට නැග්ගනම් ?????????????

:       0       0

මනෝජ් Tuesday, 26 June 2012 09:37 AM

හිනා යන ප්‍රතිචාර දාමුකෝ

:       0       0

Friday, 22 June 2012 11:04 PM

"ෆිරෝ එතකොට මේ සිද්ධිය පත්තරේට කිවුවේ දෙන්නගෙන් ‍කොයි හොරාද?" ...... දෙවෙනි හොරා විය යුතුයි....

:       0       0

පැණියා Friday, 22 June 2012 02:05 PM

කොයි හොරාද මේක දෙයියෝ සාක්කි එකට කිව්වේ.

:       0       0

පැණියා Friday, 22 June 2012 01:27 PM

අලි බබා ඔබ කොහිද ?

:       0       0

සත්සර Monday, 02 July 2012 03:15 PM

ලස්සන කතාවක්

:       0       0

සත්සර Monday, 02 July 2012 03:56 PM

ලස්සනයි.

:       0       0

අයිතිකාරයා Saturday, 23 June 2012 08:01 PM

මට අහු උනානම්....

:       0       0

වරුණ Friday, 22 June 2012 08:45 AM

කිචි කවාගෙන තමයි හිනා වෙන්න වෙන්නේ

:       0       0

නීල් Saturday, 23 June 2012 08:27 AM

ස්තූතියි අලි බබා....

:       0       0

සිරා Friday, 22 June 2012 03:45 PM

කෝ අපේ ප්‍රියදර්ශනී?

:       0       0

කිරිමාටින් Friday, 22 June 2012 04:25 PM

ඕවා මොනවද ඩර්ටි? ඔයා මෙහේ එනවනම් මුලු දවසම වුණත් බස් එකේ ඉන්න පුලුවන්

:       0       0

සජී Friday, 22 June 2012 09:00 AM

නියම කතාවක්

:       0       0

SK Friday, 22 June 2012 09:10 AM

මෙලෝ රහක් නෑ.අයියෝ,කෝ ආචාර්යතුමා?

:       0       0

ශෂික Friday, 22 June 2012 09:11 AM

හරියට හරි වරුන ,කතාවට හිනා යන්නේ නැති නිසා හිනා යන comments දාමු

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්
2024 ඔක්තෝබර් මස 22 352 0

ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ.


බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා
2024 ඔක්තෝබර් මස 21 942 0

සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියක


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා
2024 ඔක්තෝබර් මස 19 634 0

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන් හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක්


කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා
2024 ඔක්තෝබර් මස 19 628 0

කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.


සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා
2024 ඔක්තෝබර් මස 19 201 0

වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.


ගුලි දෙක මාරුවී ඉහ මොළ රත් වෙලා
2024 ඔක්තෝබර් මස 19 233 0

මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 793 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 545 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site