IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


ප්‍රෙග්නට් එස්.එම්.එස් එකෙන් බිරිද යකින්නියක් වෙලා

සිය කාර්යාලීය සේවිකාවගේ කෙටි පණිවුඩයක්  නිසා බිරියගෙන් ගුටි පූජාවක් ලැබීමට සිදු වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය,
ඔහු එම කාර්යාලයේ ඉහළ තනතුරක් දරන මැදි වියේ පුද්ගලයෙකි. එම  කාර්යාලයේ විවාහක තරුණියක සේවය කළ අතර ඇය රූමත් දඟකාර ගති ඇත්තියකි. ඇය නිතර විහිළුවෙන් විනෝදයෙන් කාලය ගත කරන අතර ඇය පිළිබඳව කාර්යාලයේ අනෙකුත් සේවිකාවන් ඇය නොමැති තැන කතා කරන්නේ ‘‘බැඳලත් ඇයට විසේ අඩු වී නොමැති බවය.”‍
මේ පිළිබඳව ඔහුගේ බිරිඳ වෙතත් ආරංචි වී ඇත්තේ කාර්යාලයේම ඇයගේ හිතවත් සේවිකාවන්ගෙනි. එම තරුණියද තමන් දරන තනතුර පවා නොසිතා විහිළු තහලු කරන අතර ඔහු ඒවා ගණනකට නොගෙන ඇත්තේ එම විහිලු‍ වලින් තමන්ට හෝ තම තනතුරට හානියක් නොවන බැවිනි. 
එම නිසාම ඇය හා තමන් අතර සම්බන්ධයක් ඇති බව  කාර්යාලයේ සේවිකාවන් තැන තැන කතා කර ඇති අතර ඔහුගේ බිරිඳ වෙතද එම පණිවිඩය ගොස් ඇත . ඇය මේ සම්බන්ධයෙන් විමසුම් කළ අවස්ථාවල ඔහු පවසා ඇත්තේ  “ඒ ළමයා කාත් එක්කත් විහිළුවෙන් තමයි”‍ යැයි පවසමිනි. කෙසේ වෙතත් සිය බිරිඳ ගැන දන්නා ඔහු ඇය තමන් කියූ දෙය විශ්වාස නොකරන බව දන්නා නමුත් වැඩිදුර ඒ පිළිබඳව වෙහෙසී නැත්තේ තමන් වැරදි නොකරන බැවිනි.


කෙසේ වෙතත් පසුගිය දිනක  කාර්යාලයේ වැඩ නිමවා පැමිණ නාන කාමරය තුළ සිටියදී සිය බිරිය යක්ෂාරූඩයෙන් කෑගසන අයුරු ඇසී ඔහු පැමිණ ඇත්තේ ගිය කාරිය පවා බාගෙට සිදු කරමිනි. සිය ජංගම දුරකථනය අතේ ඇතිව සිටි ඈ මුලින් එයින් පහර දී පසුව අතට හසුවන සියලු‍ම උපකරණ වලින් පහර දීමට පටන් ගෙන ඇත්තේ ඇයගෙන් හේතු කාරණා ගැන දැන ගන්නට හෝ අවස්ථාව නොදෙමිනි.
 පහර දීම අවසානයේ ඇය සිය එකම දියණියත් සමග නිවසින් පිටව ගොස් ඇත. වේදනාව පැත්තකින් තැබූ ඔහු සිය ජංගම දුරකතනය පරීක්ෂා කර ඇත්තේ මෙහි අග මුල සොයා ගැනීමටය. සිය ජංගම දුරකතනයේ කලින් සඳහන් තරුණිය එවා ඇති වට්සැෆ් පණිවිඩය දැක ඔහුට කාරණය අවබෝධ වී තිබේ.
 එහි සටහන් වී ඇත්තේ ‘‘සර් මම ප්‍රෙග්නට්”‍ යැයිද ? දෙවනුව සඳහන් කර ඇත්තේ ‘‘සර් දැන් බිසිද ? මැසේජ් බලන්නේ නැති නිසා ඇහුවේ”‍ යනුවෙනි. ඉන් එහා එකදු මැසෙජ් එකක් වත් ඇය එවා නොමැති අතර ඇයට බැන වැදී සිද්ධිය කීමට ඇයගේ දුරකතනය වෙත ඇමතුම් ලබා ගත්තද එයද ක්‍රියා විරහිත කර ඇති බව දැනගත් ඔහු සිදුවූ තුවාල සඳහා ප්‍රතිකාර සඳහා ෆාමසියකට ගොස් ඇත්තේ නාන කාමරය තුළ ඇද වැටුණු බව පවසමිනි. තුවාල වලට බෙහෙත් දමා නැවත පැමිණෙන අවස්ථාවේ නැවත ඇයට දුරකතන ඇමතුමක් ලබාගත් අවස්ථාවේ ඇය පවසා ඇත්තේ ”‍ සර් මම ප්‍රෙග්නට් , හෙට පොඩි පරීක්ෂණ වගයකට මහත්මයා එක්ක යන්න තියෙනවා, මට නිවාඩුවක් ගන්න පුළුවන් ද? ඒකයි මැසේජ් එකක් දැම්මේ, ඉතුරු මැසෙජ් එක එවන කොට  ෆෝන් එක ඕෆ් වුණා”‍  යැයි  ඇය පවසා ඇත. ඔයාට විතරක් නෙමෙයි මටත් සතියක් විතර  නිවාඩු ගන්න වෙලා තියෙන්නේ , ඇයි ඔයා , ඔය මැසේජ් එක පාර එවුවේ නැත්තේ. ඒකට කමක් නැහැ හෙට ඇවිත් මගේ නෝනා හම්බ වෙලා ඔය ටික කියනවා”‍ යැයි පවසා ඇත්තේ කෙදිරියත් සමගය.

 

 කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



අදහස් (0)

ප්‍රෙග්නට් එස්.එම්.එස් එකෙන් බිරිද යකින්නියක් වෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බාලගිරි ඉහළ ගෙදරටයි කියා බෝඩ් ගහලා
2024 දෙසැම්බර් මස 04 175 0

දකුණු පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයක ජීවත් වූ සහෝදරයන් දෙදෙනා කුඩා කල සිටම ඉතා සහෝදරත්වයෙන් සමඟියෙන් යුතුව ජීවත් වූ අතර තරුණ වියට පිවිසීමත් සමගම ඔවුන් ද


පෙම්වතිය බලන්න ගිය මනමාල සීයාට ගුටි පූජාවක්
2024 දෙසැම්බර් මස 03 1064 0

මැතිවරණ සමයේ අපේක්ෂකයකුගේ ඡන්ද පත්‍රිකා බෙදාදීමේ මුවාවෙන් පැරැණි පෙම්වතියක හමුවීමට ගොස් ඇයගේ මවගෙන් කොසු පහරක් කෑමට සිදුවීමේ පුවතක් ගාලු‍ දිසාවෙන්


“කෝටියේ දිනුමට“ ගිහින් ගෑස් සිලින්ඩරයත් නැතිකරගෙන
2024 දෙසැම්බර් මස 02 644 0

ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ගිය පුද්ගලයකු හදිසියේ පැමිණි ලොතරැයි පත් අලෙවිකරුවකුගේ ලොතරැයි තෝරමින් සිටියදී මිලට ගත් ගෑස් සිලින්ඩරය අතුරුදන්වීමේ


ප්‍රෙග්නට් එස්.එම්.එස් එකෙන් බිරිද යකින්නියක් වෙලා
2024 නොවැම්බර් මස 30 742 0

සිය කාර්යාලීය සේවිකාවගේ කෙටි පණිවුඩයක් නිසා බිරියගෙන් ගුටි පූජාවක් ලැබීමට සිදු වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. සිද


අල්ලපු ඇදේ ලෙඩාගේ පිටි ටින් එක රෝගී යාළුවාට දීලා
2024 නොවැම්බර් මස 30 432 0

රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මිතුරකු බැලීමට ගිය අයකු අසල ඇඳක නිදා ගෙන සිටි රෝගියකුගේ කිරිපිටි පැකට් එකක් සොරකම් කොට මිතුරාට ලබාදීම නිසා මිතුරු රෝගියා


සැමියාට වැඩිය ත්‍රිරෝදය ලොකු වෙලා
2024 නොවැම්බර් මස 30 250 0

සැමියා රිය අනතුරකට පත්වෙන අවස්ථාවේදී විවාහක බිරිය සැමියාගේ රෝගී තත්ත්වය ගැන විමසීම පසෙක තබා ඇය මිලදී ගත් වාහනය බදාගෙන හඬා වැටුණු පුවතක් යාපහුව අවටින


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 69 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 666 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 841 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site