IMG-LOGO

2024 දෙසැම්බර් මස 18 වන බදාදා


පුහුපොල් ගෙනත් අම්බානට බැනුම් අහලා

බෙන්තොට ජේ. ඉඳුරුවගේ 


මේ දිනවල පොල් මිල ඉහළ යාමෙන් හා පොල් හිඟය හේතුවෙන් නිතර ගෝරනාඩු කරන තම බිරිය පුදුමයට පත් කිරීමට සිතා ස්වාමි පුරුෂයෙකු විසින් ගෙදර ගෙන ගිය පොල් ගෝනියේ පොල් පුහුවීමෙන් බිරිඳගේ ඇනුම් බැනුම් මැද පොල් ගෝනිය ඔහුටම ආපසු රැගෙන යාමට සිදුවීමේ පුවතක් බෙන්තර ගඟ අසබඩ ගම්මානයකින් අසන්නට ලැබිණි . 

එදිනෙදා කුලී වැඩකින් ලැබෙන ආදායමෙන් තම පවුලේ ජීවිකාව කරගෙන යන ස්වාමි පුරුෂයාට මේ දිනවල පවතින පොල් සහ හාල් මිල ඉහළ යාම නිසා බිරියගේ කන් කරච්චලය ඉවසිය නොහැකි තරම් විය. 

වෙනදාට වඩා පොල් පාවිච්චිය අඩුකිරීමට බිරිඳට සිදුවිය. ව්‍යංජන රස නැතැයි කියමින් ස්වාමි පුරුෂයාද බිරිඳට චෝදනා කළේය. බිරිඳ කීවේ ඇතිවෙන්න පොල් ගෙනත් දුන්නොත් රසට කෑම හදා දිය හැකි බවයි.

කොහෙන් හරි පොල් ගෙඩි කීපයක් සොයාගෙන එන බව පවසා නිවසෙන් පිටවූ ස්වාමි පුරුෂයා ගමේ පොල් එකතුකර පොල් වෙළඳාමක් කරන අයකුගේ ගෙවත්තේ වැටක් අසල පොල් පැටවූ ගෝනි කීපයක් තිබෙනු දුටුවේය.

මේ ගැන රෑ බෝ වෙනතුරු අවධානයෙන් සිට එම වැටෙන් රිංගා පොල් අසුරා තිබූ ගෝනියක් සොරාගෙන හෙමින් සීරුවේ කරේ තියාගෙන ගෙදර ගියේ සින්දුවක්ද කියමිනි.

රැගෙන ගිය ගෝනිය තම නිවසේ ඉදිරිපිට තබමින් ඔන්න හාමිනේ අද මට යාළුවෙකුගෙන් පොල් ගෝනියක්ම නිකම්ම ලැබුනා. දැන් ඉතින් කෑම රසට හදන්න පුළුවනි යයිද කීවේය. පොල් ගෝනියක්ම ගෙන ඒමෙන් සතුටට පත් බිරිඳ ස්වාමි පුරුෂයාට ලොකු තේ කෝප්පයක්ද පිළිගැන්වූවාය. 


බිරියද පොල් ගෝනිය ගේ ඇතුළටම ගෙන ගියේ මේක එළියේ තිබුණොත් අවට සිටින අයද පොල් ඉල්ලාගෙන ඒවි යයි කියමිනි.
ටික වෙලාවක් ගතවිය. ස්වාමි පුරුෂයාට බිරිඳගෙන් හොඳ හොඳ කියුම් ටිකක් අසන්නට ලැබිණි.

තමුසෙව රවට්ටලා යාළුවා දීල තියෙන්නේ පුහු පොල් ගොඩක්. ගෝනියේ තිබුණු පොල් ගෙඩි 10 ම පුහු පොල්. මේවා දීපු කෙනාටම ගිහින් දීල එනවා. මගේ තේ එකත් අපරාදේ යයි කියමින් බිරිඳ තව තවත් ගෝරනාඩු කළාය.

ස්වාමි පුරුෂයාට වැඬේ තේරුම් ගියේ එවිටය. පොල් එකතු කරන වෙළෙන්දා පොල් ගොඩවල්වලින් තෝරා ගන්නා පුහු පොල් එකතු කර ඒවා ගෝනිවල දමා වැට අයිනේ තබා තිබියදී එයින් ගෝනියක් තමන් විසින් රැගෙන ඇවිත් තිබෙන බව ඔහුට අවබෝධ වුයේ එවිටය. බිරියගේ ගෝරනාඩු මැද්දෙම කරේ තබාගත් පුහු පොල් ගෝනිය රාත්‍රියේම නිවසෙන් ඈත කැලෑ බද පෙදෙසකට දමා ආවේ කර කියාගත හැකි වෙන දෙයක් නොමැතිවය.



අදහස් (0)

පුහුපොල් ගෙනත් අම්බානට බැනුම් අහලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මනාලියක් ඉල්ලා සීයා දැන්වීමක් දාලා
2024 දෙසැම්බර් මස 18 115 0

තමාට බිරිය සලකන්නේ නැතැයි පවසා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර කාන්තාවක් සොයා ගැනීමට පුවත්පත් දැන්වීම් කාර්යාලයකට කිහිලිකරු ආධාරයෙන් ගොස් ඇතැයි කියන


වැඩි තණ්හාවට ගිහින් රෙදි ගලෝගෙන
2024 දෙසැම්බර් මස 17 519 1

ඉහළ නැග ඇති පොල් මිල මෙන්ම සහන මිලට පොල් නගරවාසීන්ට අලෙවි කරන පෝලිම් ගැනද දේශපාලන කරළියේ ද කතාබහට ලක්ව ඇති මේ දිනවල අපූරු සිදුවීමක් බස්නාහිර පළාතේ මුහ


මසුරුකමට ගිහින් අතට තට්ටු වෙලා
2024 දෙසැම්බර් මස 16 677 0

නිතරම අනුන්ගේ පහනේ එළියෙන් තමාගේ වැඩ කටයුතු කරගන්නා පුද්ගලයකුට මුහුණපෑමට සිදු වූ අපූරු පුවතක් මාතර දිසාවෙන් වාර්තා වෙයි. තමා සතුව යතුරුපැදියක් හා ත්


හිස් ටින් දෙකෙන් සහෝදරකමත් නැතිවෙලා
2024 දෙසැම්බර් මස 14 300 0

මිල අධික පිටිවර්ගයක හිස් ටින් දෙකක් නිසා සහෝදරකමත් පියාගේ මළගමට සහභාගීවීමත් දෙකම අහිමි වූ පුවතක් පස්දුන් කෝරළයේ පිටිසර ගමකින් වාර්තා වෙයි.


පුහුපොල් ගෙනත් අම්බානට බැනුම් අහලා
2024 දෙසැම්බර් මස 13 750 0

මේ දිනවල පොල් මිල ඉහළ යාමෙන් හා පොල් හිඟය හේතුවෙන් නිතර ගෝරනාඩු කරන තම බිරිය පුදුමයට පත් කිරීමට සිතා ස්වාමි පුරුෂයෙකු විසින් ගෙදර ගෙන ගිය පොල් ගෝනියේ ප


හාල්වලට පොල් හිලව් කරලා
2024 දෙසැම්බර් මස 12 732 0

බඩු මිල මත හුවමාරු ක්‍රමයට හාල් ගෙනා ගැමියෙකුගේ කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබුණි.


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21321 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13824 10

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 265 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 256 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 118 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site