බළපිටියේ - එස්. ඒ. වයි. ද සිල්වා
මැතිවරණ සමයේ අපේක්ෂකයකුගේ ඡන්ද පත්‍රිකා බෙදාදීමේ මුවාවෙන් පැරැණි පෙම්වතියක හමුවීමට ගොස් ඇයගේ මවගෙන් කොසු පහරක් කෑමට සිදුවීමේ පුවතක් ගාලු දිසාවෙන් දැනගන්නට තිබේ.
ඔහු විවාහකයෙකි. දරුවන්ටත් දරුවන් සිටින සීයා කෙනෙකි.
වාමාංශික අදහස්වලට ගරු කරන හෙතෙම තම පක්ෂය ජයග්‍රහණය කරවීමට මහත් කැපවීමකින් කටයුතු කරනුයේ බිරිය හා දරුවන්ගෙනුත් බැනුම් අසමින්ය. ගියවර මැතිවරණයේ දී තම අපේක්ෂකයා දිනවීමට සිය යතුරු පැදියෙන් දිවා රෑ වෙහෙසී කටයුතු කළ මොහු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට සිතුවේය.
රැකියාවට දුම්රියෙන් ගමන් කරද්දී තරුණියක සමඟ පෙම් සබඳතාවයක් ඇතිකර ගත්තේ කාටත් හොර රහසින්ය. හදවතින්ම ආදරය කළ අතර ඇය විවාහ කරගැනීමට දික්කසාද වීමට ඔන්න මෙන්න තිබිය දී පෙම්වතියගේ මවට මෙය දැන ගන්නට ලැබිණි.
යමක් කමක් තිබෙන පෙම්වතිය අලුත් නිවෙසක් මිලයට ගෙන වෙනම ජීවත් වීමටද සැලසුම් කරගෙන තිබිණි. දැඩි විරුද්ධත්වයක් පෙම්වතියගේ මවගෙන් සහ ඒ පවුලේ උදවියගෙන් එල්ල වූ හෙයින් දරු පවුලක් අනාථවීම නතර වූයේ පසුව බිරිය හා දරුවන්ටද මේ ගැන සැලවීමෙන් පසුවය. දෙපාර්ශ්වයෙන්ම විරුද්ධත්වය එල්ල වුවත් දුරකථනයෙන් දෙදෙනා අතර හොර රහසේ සම්බන්ධතාව පවත්වාගෙන යාමට අමතක කළේ නැත.
මැතිවරණයේ ඡන්ද පත්‍රිකා බෙදාදීමේ මුවාවෙන් අපේක්ෂකයා සහ තවත් හිතවතුන් දෙතුන් දෙනෙකු සමඟ පෙම්වතියගේ නිවෙසට මොහු ගියේ කණ්ඩායමේ පෙරමුණ ගන්මිනි. එසේ ගොස් පෙම්වතියට ඡන්ද පත්‍රිකාව දෙන විටම පෙම්වතියගේ මව දුටුවාය.
‘ආ... තෝ ආයෙත් පාරක් අපේ ගෙදර ආවද..? උඹට මේ හතර මායිමටවත් එන්න තහනම්.... හිටපිය තොට හොඳ පාඩමක් උගන්වන්න යැයි කියමින් පහර දීමට කොස්ස අතට ගන්නවාත් සමඟම අපේක්ෂකයා ඉදිරිපත් වී එය වැළැක් විය.
‘මහත්තයෝ ඔයා හොඳ මිනිහෙක් බව අපි අහල තිබෙනවා. මූ සීයා කෙනෙක්. ඒ දරුවෝ අනාථ කරල අපේ කෙල්ලගේ කරේ එල්ලෙන්න හැදුවා. ඒ හැදුවේ අපේ බූදලයට තිබෙන කෑදර කමට මිසක් මේ අහිංසක කෙල්ලට තිබෙන ආදරයට නොවෙයි.
මුගේ මත්තෙම නැහෙන නිසා මේ කෙල්ල වෙන විවාහයක් කර ගන්නෙත් නැහැ. මහත්තයෝ මේ වගේ අයත් එක්ක ආවොත් නම් ඡන්දය ලැබෙන්නේ නැහැ. මහත්තයා නිසා අද මූ මගෙන් බේරුණා කියල හිතා ගන්න. මහත්තයා තනියම ආවනම් හරි.. නැත්නම් ලකුණ කිව්වනම් අපි ඡන්දය දෙනවා. මූ එක්ක ආව නිසා දැන් මහත්තයටවත් ඡන්දය දෙන්නේ නැතැයි කියමින් දොර වසා ගත්තාය.
දකුණු පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයක ජීවත් වූ සහෝදරයන් දෙදෙනා කුඩා කල සිටම ඉතා සහෝදරත්වයෙන් සමඟියෙන් යුතුව ජීවත් වූ අතර තරුණ වියට පිවිසීමත් සමගම ඔවුන් ද
මැතිවරණ සමයේ අපේක්ෂකයකුගේ ඡන්ද පත්‍රිකා බෙදාදීමේ මුවාවෙන් පැරැණි පෙම්වතියක හමුවීමට ගොස් ඇයගේ මවගෙන් කොසු පහරක් කෑමට සිදුවීමේ පුවතක් ගාලු දිසාවෙන්
ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ගිය පුද්ගලයකු හදිසියේ පැමිණි ලොතරැයි පත් අලෙවිකරුවකුගේ ලොතරැයි තෝරමින් සිටියදී මිලට ගත් ගෑස් සිලින්ඩරය අතුරුදන්වීමේ
සිය කාර්යාලීය සේවිකාවගේ කෙටි පණිවුඩයක් නිසා බිරියගෙන් ගුටි පූජාවක් ලැබීමට සිදු වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. සිද
රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මිතුරකු බැලීමට ගිය අයකු අසල ඇඳක නිදා ගෙන සිටි රෝගියකුගේ කිරිපිටි පැකට් එකක් සොරකම් කොට මිතුරාට ලබාදීම නිසා මිතුරු රෝගියා
සැමියා රිය අනතුරකට පත්වෙන අවස්ථාවේදී විවාහක බිරිය සැමියාගේ රෝගී තත්ත්වය ගැන විමසීම පසෙක තබා ඇය මිලදී ගත් වාහනය බදාගෙන හඬා වැටුණු පුවතක් යාපහුව අවටින
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
පෙම්වතිය බලන්න ගිය මනමාල සීයාට ගුටි පූජාවක්