කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
අබලි ද්‍රව්‍ය එකතු කරන්නාගේ අතට ආ වාසනාව සාක්කුවට දාගන්න නොදුන් අයකු පිළිබඳව අලුත් කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
හේ කෙටි නිවාඩුවක් දා නිවසට පැමිණියේ ඇඟේ පතේ අමාරුවටය. එසේ පැමිණි ඔහුට දරුවන් භාවිතයෙන් ඉවත් කොට කාමරයක ගොඩ ගසා තිබූ අභ්‍යාස පොත් තොගය දකින්නට නොලැබිණ. ඒ සමගම ඔහුට තුන් මුහුණින් දාඩිය දාන්න පටන් ගත්තේය. ඇඟේ පතේ වේදනාව තවත් වැඩි වූවේය.
ඔහු එකත් එකටම සිතුවේ භාර්යාව මේ පොත් තොගය ගිනි රකුසාට භාර දෙන්නට ඇතැයි කියාය. ඒ ඇයගේ නුවණ හැදිමිටේ ඇති බව දන්නා නිසාය. කෝකටත් ඒ පිළිබඳව ඔහු ඇයගෙන් විමසුවේය. කෝ කාමරේ ගොඩ ගසා තිබූ පොත් තොගය’ යයි ඔහු භාර්යාවගෙන් ඇසුවේ ගැහෙන හදවතින් යුතුවය. මොකටද මේවා ගොඩ ගහගෙන ඉන්නේ කියලා ඔන්න ඔහේ මම අබලි ද්‍රව්‍ය එකතු කරන කෙනෙකුට දීලා සල්ලි ගත්තා යයි ඇය කීවාය. ‘ඉතිං මොකක්ද ප්‍රශ්නය’ යයි ඇය ඇසුවේ නිකමට මෙන්ය.
‘මම ඒ පොත් ගොඩේ එක පොතක රුපියල් පන්දහසේ කොළ ගහලා තිබුණා. ඒකයි ඇහැව්වේ’ යයි ඔහු පිළිතුරු දුන්නේය. කොහේ කෙනෙකුට ද ඒවා දුන්නේ, යයි ඔහු යළිත් භාර්යාවගෙන් ඇසුවේය. අල්ලපු නගරයෙන් එන අයෙකුට තමයි දුන්නේ. ඉදහිටලා ඒ මනුස්සයා මේ ගමට එනවා. මම හිතන්නේ ටවුමේ තියෙන්නේ ඒ ගොල්ලන් එකතු කරන දේවල් යයි භාර්යාව කීවාය.
ඒ සැනින් ඔහු අබලි ද්‍රව්‍ය එකතු කළ තැනැත්තාගේ ආයතනයට ගියේය. අපේ ගෙදරින් අභ්‍යාස පොත් තොගයක් ගෙනත් තියෙනවා. ඒ පොත් තොගයේ එක පොතක මගේ වටිනා කියන සහතික ටිකක් ඇති. ඒක බලන්නයි ආවේ යයි කීවේය. ඔහුගේ හොඳ වෙලාවට ඔහුගේ නිවසින් අභ්‍යාස පොත් තොගය රැගෙන ආ සේවකයා ද සිටියේය. අන්න මහත්තයා අතන ඇති මිටි බැඳපු ගමන්ම. යන්නකෝ මම පෙන්වන්නම්, යයි සේවකයා වැඩි දුරටත් කීවේය.
සේවකයා අනුගමනය කරමින් ඔහු ඔහුගේ පිටුපසින් ගියේය. එහි ගිය ඔහු තමාගේ නිවසින් ගෙන ආ අභ්‍යාස පොත් තොගය හඳුනා ගත්තේය. බැඳ තිබූ අභ්‍යාස පොත් තොගය ලිහූ ඔහු තමාට අවශ්‍ය කරන අභ්‍යාස පොත රැගෙන පිටු පෙරළුවේ සේවකයා ඉදිරිපිටදීමය. එහි ලියුම් කවරයක දා තිබුණු පන්දහසේ කොළ විස්ස දුටු ඔහුට ඇති වූ නිම්හිම් සතුටට සමගාමීව සේවකයාගේ සිත දුකින් පිරී ගියේලු.
අබලි ද්‍රව්‍ය එකතු කරන්නාගේ අතට ආ වාසනාව සාක්කුවට දාගන්න නොදුන් අයකු පිළිබඳව අලුත් කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
මවුපියන් විසින් කරදුන් යෝජිත විවාහය නීරස වූ තරුණ බිරිඳ සිය පැරණි පෙම්වතා නිවසට ගෙන්වාගෙන අල්මාරියේ සඟවාගෙන සිටියදී සැමියාගේ පවුලේ සාමාජිකයන්ට හසුව
ට්‍රැක්ලන්තේ අලුත්ම තත්වේ ගැන කතා කරන්න ගියොත් ඉතින් ආණ්ඩු පෙරලිලා මොන මොන දේවල් සිද්ද වුණත් ට්‍රැක්වාසීන්ගේ කිසි වෙනසක් නෑ. අව්වට වේලි වේලි, වැස්සට ත
වසර දෙකකටත් පෙර මියගිය තම සැමියා ඉකුත් සතියේ මැදියම් රැයක තනියම පොලිස් මාර්ග බාධකයකින් වාහනයක් පදවාගෙන යාම සම්බන්ධව පොලිසියෙන් පසු විපරමක් කළ අරුම ප
පෙම්වතියගේ නිවසට ගොස් කතා බහ කරමින් සිටින අවස්ථාවේ දී තරුණයකුට දොර පොල්ලකින් පහර දී ඇතැයි කියන අපූරු වයෝවෘද්ධ කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශය
මෙය බලංගොඩ ප්‍රදේශයේ සිදුවු අපුරු සිදුවීමකි. හෙතෙම ගොවි මහතෙකි. කුඹුරු ගොවිතැන මෙන්ම ගොඩ ගොවි තැනද කර ගෙන ගියේය. දිනක් සිය බිරිඳට පැවැසුවේ කුඹුරට පොහො
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පොතක හැංගූ පන්දහසේ කොළ බෝතල් පත්තර කඩයෙන් මතුවෙලා