විහාරස්ථානයක පැවැති ආගමික උත්සවයකට සහභාගි වී එළියට එන අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයකුගේ සපත්තු යුගල ගලවා තිබූ තැනින් එර්දිවී තිබීමේ පුවතක් ඉකුත් දා වාර්තා විය.
විහාරස්ථානයක ධාතු ප්‍රදර්ශනයකට සමගාමීව පැවැති උත්සවයකි. ප්‍රදේශයේ පොලිසිය මගින් අවශ්‍ය සියලු ආරක්ෂක රැකවල් යොදා තිබිණි. පොලිස් ස්ථානාධිපතිවරයාද මෙහි කටයුතුවලට පුද්ගලිකවම සහභාගී වී කටයුතු කරන ලද්දේ හොඳ බොදුනුවකු වශයෙනි .
සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ වූ අවස්ථා වේ ඊට වන්දනා මාන කිරීම සඳහා මෙම ස්ථානාධිපතිවරයාද ගියේ බැති සිතිණි. ඔහු විහාර භූමියට ඇතුළු වූයේ නිල ඇඳුමේ කොටසක් වූ සපත්තු යුගල දොරකඩ ගලවා තබාය.
වන්දනාවේ යෙදුණු ඔහු ටික වේලාවකින් එළියට පැමිණ සපත්තු යුගල පැලඳ ගැනීමට සොයා බලද්දී ඒ දක්නට තිබුණේ නැත. සහායක නිලධාරින් ඒ බව දැන ගත් පසු අවට පිරික්සා බැලුවත් සොයා ගැනීමට හැකි වූයේද නැත. විහාරස්ථානයට පැමිණි කිසිවකු ස්ථානාධිපතිවරයාගේ සපත්තු යුගල සොරාගෙන ගොස් ඇති බවට සැක පහළ වුණේ ඉන් අනතුරුවය.
බොහෝ වේලාවක් විහාරස්ථානයේ රැඳී සිටීමේ බලාපොරොත්තුවෙන් පැමිණ සිටි ස්ථානාධිපතිවරයා කර කියාගත දෙයක් නොහැකිව නිල රියට ගොඩවී පොලිස් ස්ථානය කරා ගියේ වෙනත් සපත්තු යුගලක් පැලඳ ආපසු විහාරස්ථානයට එන අදහස ඇතිවය.
මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
‘‘තමා ජීවත්වන නගරයේ අයියලා සියලුදෙනාම තමාගේ අතේ’’ යයි කියමින් කාර්යාලයේ රඟපාමින් සිටි අයකුගේ මුදල් පසුම්බියට ගැටකපන්නකු ගසා අලි ජංජාලයක් වූ පුවතක
නියමිත බර නැතැයි කියා ලේ ගැනීම ප්‍රතික්ෂේප කළ තරුණයකු නිසි ලෙසට බර සකසාගෙන ලේ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයකට දායක වු පුවතක් යාපහු පුරවරයෙන් අසන්නට ල
විහාරස්ථානයක පැවැති ආගමික උත්සවයකට සහභාගි වී එළියට එන අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයකුගේ සපත්තු යුගල ගලවා තිබූ තැනින් එර්දිවී තිබීමේ පුවතක් ඉකු
බිරිඳට ලොකුකම් පෙන්වන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු ගැන කතාවක් දකුණු ලකේ නගරයකින් අසන්නට ලැබේ.
වයඹ පළාතේ ගමකින් මෙම සිදුවීම වාර්තා විය. කුලී වැඩ ජීවිකාව කරගත් 67 හැවිරිදි ඔහු කරන්නේ කරත්ත රස්සාවය.
පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවකුට ශිෂ්ට සම්පන්න ලෙස කතා කිරීමට එහි ගුරුතුමිය පුරුදු පුහුණු කිරීම හේතුවෙන් දරුවාගේ මවුපියන් අන්ද මන්ද වූ පුවතක් කැබිතිග
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
පොලිස් ලොක්කාගේ සපත්තු වාෂ්ප වෙලා