IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


බඩගින්නට ගස්ලබු කෑලි 2 ක් කාලා: අන්තිමේ එ​ලොව පොල් පෙනිලා

(තිහගොඩ - උපසේන ලියනගම)
සිය මෝටර් රථවල ගෙවීගිය කොටස්වලට අවශ්‍ය නව කොටස් කීපයක් මිලදී ගැනීම සඳහා තංගල්ල ප්‍රදේශයේ පදිංචි මේ යහළුවන් දෙදෙනා පසුගියදා අගනුවරට ගියේ කොරෝනා උවදුර තරමක් පහළ ගොස් තිබූ හෙයිනි.


නුගේගොඩ ප්‍රදේශයේ කරක් ගැසූ ඔවුන්ට අවශ්‍ය වාහන කොටස් මිලදී ගැනීමට හැකි වුවත් දහවල් වී තිබූ නිසා සාගිනි නිවා ගැනීමට ගියත් එහි සියලුම ආපන ශාලා වසා තිබීම මහා ගැටලුවක් විය. ඒ ගෑස් හිඟය නිසාය.


දිගු ගමනකින් පසු ඔවුනට දක්නට ලැබුණේ පලතුරු ආශ්‍රිත බීම වර්ග හා පලතුරු කොටස් අලෙවි කරන තරමක් ඉහළ පන්තියේ සුපිරි වෙළෙඳසලකි. එහි විවිධ පලතුරු බීම වර්ග හා සැලඩ් වර්ග තිබුණත් ඒවායේ මිල අධික වනු ඇතැයි සිතූ ඔවුන් ගස්ලබු කැබලි දෙකක් පමණක් ඇනවුම් කළේ සාපිපාසාව මඳක් හෝ නිවා ගැනීමටය.


ගස් ලබු කැබලි දෙක කෑමෙන් පසු වෙළඳ සේවකයා එහි බිල ලෙස රුපියල් දෙදහස් හාරසියයක මුදලක රිසිට් පතක් රිදී තැටියක තබා ඔවුන්ට ඉදිරිපත් කළේ ඔවුන්ට දෙවියන් සිහි කරමින්ලු. 

 



අදහස් (1)

බඩගින්නට ගස්ලබු කෑලි 2 ක් කාලා: අන්තිමේ එ​ලොව පොල් පෙනිලා

vernon Friday, 07 January 2022 02:27 PM

මේ කතාවම හෝටලේක වුණා කියලා මීට වසර කීපයකට කලින් මෙතැනම පළවුණා. නුගේගොඩ ඕනෑතරම් කන්න තැන් තියෙනවා. මෙතන මේ ගස්ලබු කෑලි දෙකක් නොවෙයි, කන්න ඇත්තේ ලොකු ගස්ලබු පලු දෙකක්. ඒකත් වෙන ඒවා නැතිව කෑවා කියන එකත් පිළි ගන්න බෑ. හරියට නේත්‍රපලම් කෙසෙල් කාලා කෙසෙල් ගෙඩියක් මෙච්චර වුණා කියලා හූල්ලනවා වගේ...

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 250 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 531 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 567 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 683 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 675 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1103 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 575 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site