IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


බඩ අඩු කරගන්න අමුතු ව්‍යායාමයක් කියා දෙන්න ගිහින්

 තලාතුඔය – ටී.එච්. සරත්
බඩ අඩු කර ගැනීම සඳහා අමුතු ආකාරයේ ව්‍යායාමයක් කියා දීමට තැත්කළ විශ්‍රාමික හමුදා සෙබළකු පිළිබඳව කතාවක් තලාතුඔයට නුදුරු ගම්මානයකින් වාර්තා වේ.
විසි වයස් වූ ඇය නගරයේ පලතුරු යුෂ අලෙවි සලක සේවිකාවකි. ඊට නුදුරින් එළවළු වෙළෙඳසලක් පවත්වාගෙන යන විශ්‍රාමිකයා, ඇය හා සුහද කතාබහේ ද යෙදෙයි.


ඉකුත් දිනෙක උදෑසන පලතුරු යුෂ අලෙවි සලට පැමිණි මොහු තමාට අත් සෝදා ගැනීමට අවශ්‍ය බව පවසා පිටුපස ඇති ජල කරාමය වෙත යාමට සූදානම් විය. එවිට තරුණිය පවසා ඇත්තේ ඉදිරිපස ඇති ජල කරාමයෙන් අත් සෝදාගන්නා ලෙසයි. එවිට ඔහු, කඩය ඉදිරිපිට ජලයෙන් තෙත්වන හෙයින් එයට නොකැමැත්ත පළකරන මුවාවෙන් පිටුපස වූ ජල කරාමය වෙත ගියේය.


මේ වනවිට තරුණිය සිටියේ පලතුරු යුෂ අලෙවිසල තුළ බිම පිරිසුදු කරමිනි. අත් සෝදාගත් විශ්‍රාමිකයා ඇය වෙත පැමිණ අමුතු බැල්මක් හෙළුවේය. “ඔයාගේ බඩ ටිකක් වැඩියි. ඒක අඩු කර ගන්න. නැතිනම් ඇඟේ ලස්සන නැතිවෙනවානේ. මම ව්‍යායාම් කියා දෙන්නම්, ඒක කරන්න.”‍ යයි කීවේ ඇයගේ බඩ පෙදෙස අතගාමිනි.
 අමුතු ආකාරයේ ව්‍යායාමයකට සූදානම් වන බව තේරුම් ගත් ඇය ඔහු පසෙකට තල්ලු‍කර දමා වෙළෙඳසලෙන් එළියට දිව ගියේ කෑගසමිනි.
ඒ ආසන්නයේ සිටි පොලිස් නිලධාරීන්ට සිද්ධිය පැවැසීමෙන් අනතුරුව විශ්‍රාමික අනංගයා අත්අඩංගුවට පත්වූයේ බළලකුට අසුවුණ මීයකු පරිද්දෙනි.



අදහස් (0)

බඩ අඩු කරගන්න අමුතු ව්‍යායාමයක් කියා දෙන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 252 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 282 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 582 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 635 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1080 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 906 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 429 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 426 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site