(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
ස්වයං නිරෝධායනයට ලක්වන පවුල්වලට රජයෙන් හා අදාළ ප්‍රාදේශීය සභාවෙන් ලබාදෙන රුපියල් 15,000ක් පමණ වටිනා බඩු මලුවලට ලොබ බැඳ තමාටත් ඒවා ලබා ගැනීමට ස්වයං නිරෝධායන දැන්වීම ලබා ගැනීමට සිය බිරියගේ කරාබු දෙක උකස් කොට ගහන්නට ගිය ගැටයෙන් බණ මඩුවේ නිරෝධායනය වීමට සිදුවූ පුද්ගලයකු පිළිබඳව අපූරු පුවතක් වාර්තාවේ.
කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයන් බහුල ප්‍රදේශයකි. මේ නිසාම ස්වයං නිරෝධායනයට ලක්වූ පවුල් ද එහි හිඟ නොවීය. එම පවුල්වලට රජයෙන්, ප්‍රාදේශීය සභාවෙන් හා හිතවතුන්ගෙන් ලැබෙන බඩු මලු ද අඩුවක් නොවීය. ඔහු ස්වයං නිරෝධායනයට ලක්නොවුන ද ස්වයං නිරෝධායනයට ලක්වූ පවුල්වලට ලැබෙන බඩු මලුවලට ලොබ බැඳගත්තේය.
මිතුරකු දුන් ලණුවක් අනුව ඔහු ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හමුවීමට ගියේ ‘ස්වයං නිරෝධායනයට ලක්වූ නිවසකි’ යන දැන්වීමක් ලබා ගැනීමටය. ඒ ඔහු සිය භාර්යාවගේ කනේ කරාබු ජෝඩුව උකසට තබා මිලට ගත් වටිනා අරක්කු බෝතලයක් ද රැගෙනය. මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාට සිය කාරණය කීවේ රැගෙන ගිය මත් පැන් බෝතලය ද ඔහු අතට දෙමිනි. සෞඛ්‍ය පරීක්ෂක මහතාට අසූ හාරදහසටම කේන්ති ගියේය. ඔහු දුන් අරක්කු බෝතලය සෞඛ්‍ය පරීක්ෂක මහතා පොළොවේ ගැසුවේ දෑහෙට නොපෙනී යන ලෙසට ද ඔහුට තර්ජනය කරමිනි.
තමාගේ කරාබු දෙක ද උකසට තබා හිස් අතින් ගෙදර පැමිණුනු ඔහු දුටු භාර්යාවට යකා වැහුණි. ඒ සමගම භාර්යාව ඔහු සිය නිවසින් පිටමං කළේ කොහෙන් හෝ මුදල් සොයාගෙන තමාගේ කරාබු දෙක බේරා දෙන ලෙසට බල කරමිනි.
රාත්‍රිය ද උදාවෙමින් තිබිණි. කර කියා ගත හැකි දෙයක් නොවූ තැන ඔහු සිය විහාරස්ථානයේ බණ මඩුවේ පිහිට පැතුවේය. බණ මඩුවේ සිට භාර්යාවගෙන් බේරී නිරෝධායනය වෙමින් සිටි ඔහු කල්පනා කළේ භාර්යාවගේ උකසට තැබූ කරාබු දෙක බේරා ගන්නා සැටිය. අනුන්ගේ බඩු මලුවලට ලොබ බැඳ බොරුවට ස්වයං නිරෝධායන දැන්වීමක් ලබා ගැනීමට ගිය තමා වැටුණු අලි අමාරුව ගැනය.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘බඩු මලු චාන්ස් එකක්’ ගන්න ගිහින් ‘බණ මඩුවේ’ නිරෝධායනයේ