IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


බෑණාගේ කරාබු කැඩිල්ලට මාමාට දවල් තරු පෙනිලා

හදිසි රාජකාරියක් සඳහා හදිසියේම නිවෙසින් බැහැරව යාමට සිදුවූ මාමා කෙනකු, එදිනට යොදාගෙන තිබූ තම නිවෙසේ ඉදිරිපිට තිබූ කරාබු ගස් දෙකේ කරාබු කැඞීම තම ආදරණීය බෑණාට පවරා නිවෙසින් බැහැරව ගොස් පැය කීපයකින් ආපසු නිවෙසට පැමිණි අවස්ථාවේ නිවස අභියසින් දක්නට ලැබුණු දෙය මාමාට අදහාගත නොහැකි විය.
මාමාට සිටියේ එකම දියණියකි. එබැවින් ඇය ගෙදරින් පිටතට යැවිය නොහැකි බැවින් බෑණා කෙනකු නිවෙසටම ගෙන්වා ගැනීමට මාමා කටයුතු කළේය. ඒ අයුරින්ම තමන්ට කීකරු බෑණා කෙනකු වැඩිකල් නොගොස් නිවසට ගෙන්වා ගැනීමට හැකිවූ අතර, බෑණා මාමාගේ අවවාද උපදෙස් අකුරටම පිළිපැදීම නිසා මාමා තම දියණියට වඩා බෑණා කෙරෙහි ලෙන්ගතුකමක් දැක්වීය.
මේ දිනවල කරාබු කැඩෙන කාලය විය. ඒවායේ මිල ද ඉතා ඉහළ මට්ටමක පැවතුණි. මාමාගේ නිවස ඉදිරිපිට ඇති කරාබු ගස් දෙක මුලූ වත්තටම තිබුණු කරාබු ගස් දෙකයි. ගස් දෙක නවා වැටෙන තරමට කරාබුනැටි තිබුණු හෙයින් ඔවුහු ඒවා සුරක්‍ෂිතව රැක බලා ගත්හ.
මීට දින කීපයකට පෙර මාමාත් බෑණාත් කරාබු කඩන්නට දින නියම කර ගත්හ. ඒ අනුව නියම කරගත් දිනයේ උදේ මාමාට හදිසියේ ම විශේෂ රාජකාරියක් යෙදී නිවෙසින් පිටතට යෑමට සිදුවිය. බෑණා ගේ බිරිඳ ද හදිසි අවශ්‍යතාවයකට නිවෙසින් පිටව ගොස් තිබිණි.
”පුතේ, මම හදිසි ගමනක් යනවා. එන්ට ටිකක් වෙලා යයි. මම එනකන් කරාබු ටික පුළුවන් විදියට කඩන්නැ” යි පවසා මාමා නික්ම ගියේ ය.
”හොඳයි මාමෙ, මම වැඬේ කරන්නම්” කියා බෑණා මාමා ගිය පසු කරාබු කැඞීමේ රාජකාරිය පටන් ගත්තේය. ඔහු පොරවක් ගෙන කරාබු ගස් දෙක මුලින්ම කපා බිම හෙළුවේය. ‘මාමා එන්න ඉස්සර මම කරාබු ටික කඩාල ඉවර කළා නම් මාමා හොඳටම සතුටු වේවි’ කියා සිතූ බෑණා ලහිලහියේ බිම ඇද වැටී තිබුණු කරාබු ගස් දෙකේ කරාබු කඩන්නට විය. නමුත් කරාබු ගහක කරාබු නැටි කඩන්නත් පෙර මාමා නිවසට ළඟා විය.
”මගේ බුදු බෑණෝ මොකක්ද මේ උඹ කරපු අලූගෝත්තර වැඬේ. මෙච්චර හොඳට තිබුණු කරාබු ගස් දෙක පත බාලා තියෙන්නේ” යැයි මාමා මොරදෙන්නට විය.
”ඇයි මාමාමනෙ කිව්වෙ කරාබු ටික කඩන්න කියලා. මට ගස් නගින්න පුලූවනෑ. ඉතින් මම ගස් දෙක බිම දාලම කරාබු කඩන්න පටන් ගත්තා”
මාමාට කිසිවක් කර කියා ගත නොහැකි විය. සුලූ මොහොතකින් දියණිය ද නිවෙසට පැමිණියාය. කිසිවක් කරකියා ගත නොහැකිවූ ඔව්හු තිදෙනාම එක්ව කරාබු කඩන්නට වූහ.



අදහස් (0)

බෑණාගේ කරාබු කැඩිල්ලට මාමාට දවල් තරු පෙනිලා

ඉසාම් Thursday, 31 January 2013 01:40 PM

අපි නොදන්න මොනර තැන්න (ස)

:       0       0

නුවන් Sunday, 03 February 2013 07:57 PM

ගැලපෙන මාමයි බෑනයි (දී)

:       0       0

ඉසුරන්දි Thursday, 31 January 2013 02:18 PM

හරිම බොළඳ කතාවක් . (ස)

:       0       0

නුවන් Sunday, 03 February 2013 07:57 PM

ඕක ඉතින් දෙයියෝ සාක්කි එකට දාන්න තරම් ලිපියක් නෙමෙයි.(නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 31 January 2013 02:22 PM

අපි රැවටෙන්නේ නෑ (ස)

:       0       0

අරුණ Friday, 01 February 2013 11:40 AM

මම‍ හිතුවේ වෙන ‍කතාවක්. (නි)

:       0       0

දිසානායක Tuesday, 05 February 2013 05:19 PM

මේක ලියන්න ඇත්තේ නැන්දම්ම නේද?(නු)

:       0       0

ෂෙරීෆ් Wednesday, 06 February 2013 12:38 AM

නැන්දා ගෙදර හිටියා නම් ගස් දෙක බේරගන්න තිබුණා. (නි)

:       0       0

දිසානායක Tuesday, 05 February 2013 05:19 PM

අනිවාර්යයෙන්ම කියන්න ඇත්තෙ නැන්දම්මා..!(නු)

:       0       0

දසනායක Tuesday, 05 February 2013 05:19 PM

මේක ලියන්න ඇත්තෙ නැන්දම්මාම තමයි..!(නු)

:       0       0

හේමන්ත Thursday, 31 January 2013 10:48 AM

මේකනම් බොරුවක් වගේ (ස)

:       0       0

වරුණ Thursday, 31 January 2013 10:51 AM

මට මේක දැක්කහම පරණ බණ කතාවක් මතක් වෙනවා (ස)

:       0       0

සිල්වා තබුක් Thursday, 31 January 2013 10:49 AM

තවමත් අපේ රටේ මේ වැනි මිනිසුන් ඉන්නවාද? ආශ්චර්යයක් කරා නිතරම කෑ මොර දෙනවා අවාසනාවකට හරිම කණගාටුයි..!(නු)

:       0       0

නිත්‍යා Saturday, 02 February 2013 04:20 PM

මගේ බුදු බෑනෝ.....මොකද මේ කරේ (ස)

:       0       0

ලලිත්-කටාර් Thursday, 31 January 2013 03:09 PM

මදෑ ඔයින් ගියා... (නි)

:       0       0

අමිල Thursday, 31 January 2013 11:09 AM

මෙයා හරි බෑනෙක්නේ . කාන්තාවනම් මෝඩයි වගේ (ස)

:       0       0

සජී Thursday, 31 January 2013 11:14 AM

මෙයානම් මනුස්සයෙක් නෙමෙයි (ස)

:       0       0

දමිත් Wednesday, 06 February 2013 01:25 PM

නියම කතාව (දී)

:       0       0

r රංජිත් Thursday, 31 January 2013 11:25 AM

මේ වගේ මෝඩයෝ අපේ ලංකාවේ තවත් ඉන්නවද?????? (ස)

:       0       0

රාජා Thursday, 31 January 2013 11:29 AM

මටත් හිතෙන්නෙ හේමන්ත කියන දේමයි. ගොතාපු කතාවක් වගේ. අතු ටික කපල තිබ්බා කිව්වනන් පොඩ්ඩක් විශ්වාස කරන්නවත් තිබුණා. (ස)

:       0       0

සරත් Thursday, 31 January 2013 11:35 AM

ගෙදරක නතරවෙන බෑනා කෙනෙකුගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ (ස)

:       0       0

දමිත් Thursday, 31 January 2013 03:56 PM

මාමයි බෑනයි (දී)

:       0       0

බාසුන්නැහැ Thursday, 31 January 2013 11:33 AM

නියම මාමයි බෑනයි (දී)

:       0       0

චන්දි Thursday, 31 January 2013 11:42 AM

දැන් මිනිස්සු මෙච්චරම මෝඩ නෑ (ස)

:       0       0

ගාමිණි Thursday, 31 January 2013 11:59 PM

තාරාවගේ රන් පිහිටු කතාව වගේ . (ස)

:       0       0

පිටිගල Friday, 01 February 2013 08:36 PM

හරි බොළද බබා කතාවක්. (නි)

:       0       0

ගෝතමී Tuesday, 05 February 2013 01:15 PM

අපි රැවටෙයි ඔවට. (ස)

:       0       0

බන්දුල Friday, 01 February 2013 01:23 AM

බෑනා වුණත් වැස්සකටවත් ඉස්කොලේ ගිහින් නෑ වගේ (ස)

:       0       0

චාමර Thursday, 31 January 2013 12:06 PM

බොරු බොරු..... (ස)

:       0       0

සිරිපාල Thursday, 31 January 2013 12:20 PM

මෙච්චරටම මෝඩ මිනිස්සු ඉන්නව කියලනම් හිතෙන් නෑ.. මේක හොදයි පොඩි ළමයෙකුට කියල දෙන කතන්දරයකට... (ස)

:       0       0

රොෂාන් Thursday, 31 January 2013 04:47 PM

මට හිතාගන්න පුළුවං මේ පුද්ගලයාගේ මානසිකත්වය.. ඒ වගේම අර මාමත් බෑනෙක්ව හොයලා තියෙන්නේ වරදට සමාව දෙන කෙනෙක්ද කොහෙද(නු)

:       0       0

ඉම්රාන් Thursday, 31 January 2013 01:06 PM

මේක මහදැන මුත්තගේ ළමා කතාන්දරයක්ද ? (ස)

:       0       0

සේනානායක Friday, 01 February 2013 11:44 PM

දොම්පෙට යන පාර ‍කොයිබදෝ..... වගේමයි. (නි)

:       0       0

විජිත් Monday, 04 February 2013 08:34 PM

අර රජතුමා මැස්සෝ මරන්න වදුරට කඩුව දුන් හැටි මතක් වුනා. ඒ වදුරා නැවත ඉපදිලා.(නදී)

:       0       0

සම්පත් Thursday, 31 January 2013 01:20 PM

දැන් මිනිසුන් මෙතරම්ම මන්ද බුද්ධිකදැයි යන්න විශ්වාස කළ නොහැකි දෙයකි. (නි)

:       0       0

සම්පත් Thursday, 31 January 2013 05:46 PM

බෑනා නියම වැඩේ තමයි කරලා තියෙන්නෙ.!(නු)

:       0       0

හේරත් Thursday, 31 January 2013 06:07 PM

ඔය දේ වුණේ කොහේද දන්නෙ නැහැ. මටත් බැරිද දන්නෙ නැහැ ඔය අහළ පහළින් ගෙයක් ගන්න? (නි)

:       0       0

කපිල Friday, 01 February 2013 10:12 AM

බොරුනේ.. (ස)

:       0       0

කුමාර Tuesday, 05 February 2013 04:02 PM

දුව දෙන්න කලින් බෑනට ගස් නගින්න පුරුදු කරන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 315 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 502 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1022 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 881 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2321 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 806 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site