බෑනාගේ කොරෝනා බෙහෙතෙන් නිදන්ගත රෝග පවා සුව වූ මාමණ්ඩියක පිළිබඳව පිටිසර ප්රදේශයකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ඔහු මත් වතුරවලට තදින් ඇබ්බැහි වූ පුද්ගලයකි. කොරෝනා වසංගතය නිසා බාර් වසා ඇති බැවින් ඔහු සිටියේ දැඩි කනස්සලෙනි. ඔහු අරක්කු පානය කළද කිසි දිනෙක නිවසට ඒවා ගෙන නොයන්රිනේ බිරිඳට අසු වූ විට පොළොවේ ගසන බැවිනි. එම නිසා ඔහු නිවසට පැමිණෙන අතරමගදී මත්වතුර බීමෙන් පසුවය. මේ දිනවල ඔහුට පවතින මත් වතුර හිඟකම පිරවීම සඳහා ඔහුගේ මිතුරෙකු විසින් ඔහුට කසිප්පු පෙරා දී තිබේ.
මිතුරා ඈත ගමක නිසාත් පවතින සංචරණ සීමා නිසා එහි යාමට නොහැකි නිසාත් ඔහු මේ සඳහා උපායක් යොදා තිබේ. දිනක් ගැලුමක් රැගෙන පැමිණි සැමියාගෙන් බිරිඳ මේ මොනවාද යැයි ඇසූ විට ඔහු පවසා ඇත්තේ මේ කොරෝනා පැණියක් බවත් රැකියාවට යන නිසා පානය කිරීමට මිතුරෙකු ලබා දුන් බවත්ය.
දිනක් ඔහු රැකියාවට ගිය අවස්ථාවක බිරිඳගේ පියාට දැඩි සෙම් ගතියක් හා කැස්සක් පැවතුන නිසා බිරිඳ විසින් සැමියා ගෙන ආ කොරෝනා පැණිය පියාට ලබාදී තිබේ. බිරිඳගේ පියාද මත් ලෝලියකු වන අතර දෙපා පණ නැතිව ඇඳෙහිම වැතිර සිටින නිසා ඔහුට කාලයකින් මත් වතුර බීමට නොහැකි වී තිබේ. බෑනාගේ කොරෝනා පැණිය බෙහෙතක් නොව කසිප්පු බව දැනගත් ඔහු දැන්නම් ටිකක් හොඳයි එක පාර සනීප වෙන්නේ නෑනේ ටික ටික ගත්තම අඩු වෙයි යැයි දුවට පවසා ඇත්තේ දිගටම කසිප්පු පානය කිරීමට හැකි වන බව දැනගත් නිසාය. ඔහුගේ දුවද සතුටු වූයේ මෙතෙක් කාලයක් අලසව සිටි සිය පියා පණගසා සිටින නිසාය.
එදින හවස පැමිණි බෑනා ඇමතූ මාමණ්ඩිය අමුතු හිනාවකින් ‘කොරෝනා බෙහෙතනම් මරු. මගේ ලෙඩ කොහෙන් ගියාද දන් නෑ’ යැයි පැවසූ විට බෑනාට තරු පෙනී ඇත්තේ තම කොරෝනා බෙහෙතෙන් කොටසක් දැන් මාමණ්ඩියට ලබාදීමට සිදුවන නිසාය.
(කලවාන උපේන්ද්ර - ප්රියංකර ජාතුංගම)
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෑණන්ඩියගේ කොරෝනා පැණියෙන් මාමණ්ඩි අළුගසා නැගිටලා