IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


බිත්තර ගන්න ගිහින් බිත්තර “වී’’ වෙලා

රාස්සගල සම්පත් ප්‍රියනන්දන 
අඩු මිලට බිත්තර ගැනීමට ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවකට සිදුවූ අකරතැබ්බයක් බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විස්තර සොයා බැලීමේදී මෙසේ වාර්තා විණි.
මෙම කාන්තාව බලන්ගොඩ නගරයේ සිට කිලෝමීටර් විසිපහක් පමණ දුරක ඇති ග්‍රාමීය ප්‍රදේශයක පදිංචිව සිටින්නීය. ඇය නිවසේ සිල්ලර වෙළෙඳසලක් පවත්වා ගෙන යන කුඩා ව්‍යපාරික කාන්තාවකි. 
මීට දිනකට පෙර එම ප්‍රදේශයේ සිට පැමිණෙන බස් රථයක නැග ඇය බලන්ගොඩ නගරයට පැමිණ ඇති අතර ඒ එන අතරතුර ගොවි ජන මධ්‍යස්ථානයක් ඉදිරිපිට කාඩ්බෝඩ් කැබැල්ලක ලියනලද අඩු මිලට බිත්තර විකිණීමට ඇත යනුවෙන් ප්‍රදර්ශනය කර තිබුණ දැන්වීමක් දැක ඇත.


ඇය බලන්ගොඩ නගරයට පැමිණ අවශ්‍යතා ඉටුකරගෙන නැවත පදිංචි නිවස බලායෑමට පෙර වෙනත් බස් රථයක නැග අඩු මිලට බිත්තර මිලදී ගැනීම සඳහා අර කලින් දුටු ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගොස් ඇත. එහි මිදුලේ සිටි නිලධාරියකු සමග කතා කර ඇති ඇය එම නිලධාරියාගෙන් විමසා තිබෙන්නේ මහත්තයා බිත්තර කීයද යනුවෙනි.
එහිදී එම නිලධාරියා සිනා මුසු මුහුණින් ඇය වෙත පවසා තිබෙන්නේ මිස් ඒක නම් කොහොමද දන්නේ නැහැ කඩයකින් තමයි අහලා බලන්න වෙන්නේ යනුවෙනි. ඇයි මහත්තයා එහෙම කියන්නේ අර බෝඩ් එකක් ගහලා තියෙන්නේ අඩු මිලට බිත්තර විකිණීමට ඇත යනුවෙන් කියා ඇය එහිදී පවසා ඇත.
එහිදී ඒ නිලධාරියා ඇය වෙත කියා තිබෙන්නේ මිස්ට වැරදීමක් වෙලා තියෙන්නේ ඒ බෝඩ් එකේ ගහල තියෙන්නේ “බිත්තර වී”‍ විකිණීමට ඇත කියලයි.
එම නිලධාරියා යමු බලන්න කියා එම බෝඩ් එක ළඟට ගොස් ඇයට පෙන්නා ඇත. එවිට ඇය ලැජ්ජාවට පත් වී අනේ මහත්තයා සමාවෙන්න මම බස් එකේ යන ගමන් අහම්බෙන් බෝඩ් එක දැක්කේ යැයි පවසමින් ඇය එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. ඇය බස් රථයේ ගමන් කරමින් සිටියදී බිත්තර වී විකිණීමට ඇත යනුවෙන් සඳහන් කර ඇති බෝඩ් එකේ වී යන වචනය නොදැකපු නිසා මෙම අකරතැබ්බයට මුහුණ පෑමට සිදුවී ඇති බවට වාර්තා විය.



අදහස් (0)

බිත්තර ගන්න ගිහින් බිත්තර “වී’’ වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 394 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 1030 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 684 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 881 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 295 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


බේබදු සැමියාට බිරිදගෙන් තරු පෙනෙන පාඩමක්
2025 අප්‍රේල් මස 05 165 0

මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 417 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site