බිත්තරයක් රැගෙන යෑමට කඩේට පැමිණි අයකුට කඩේ බිත්තර නොමැතිව හිස්අතින් නිවෙස බලා යන අතරේ බස් නැවතුමේ තිබූ පෙට්ටියකින් ඇසුණු කිකිළියකගේ කෑ ගැසීමට එම පෙට්ටියට අත දැමූ විට නොමිලයේම බිත්තර දෙකක් ලබා ගැනීමට හැකි වූ පුවතක් හසලක නගරයෙන් වාර්තා විය.
මිනිපේ ගොවි ජනපදයේ ගොවියකු වන ඔහු මෙදින කොළඹ බලා ගියේ වුවමනාවකටය. එය ඉටු කර ගෙන නගරයේ ඇවිද යන විට ඔහුගේ නෙත ගැටුනේ අසල තිබූ කුකුළන් අලෙවි කරන වෙළෙඳසලකි. එය දැක ඔහුට සිතුනේ මෙම ස්ථානයෙන් කිකිළියන් දෙදෙනකු මිලට ගෙන නිවෙසට රැගෙන ගොස් ඇති කළහොත් මේ දිනවල පවතින අධික මිලට බිත්තර ගන්නවා වෙනුවට පහසුවෙන් නිවෙසේදීම එම අවශ්‍යතාව සපුරා ගත හැකි බවයි.
එම අදහස මත වෙළෙඳසලෙන් කුකුළන් දෙදෙනකුත් කිකිළියන් දෙදෙනකුත් මිලදී ගත් ඔහු එම සතුන් කාඩ්බෝඩ් පෙට්ටියක දමාගෙන මහියංගණය බලා ධාවනය වූ බස් රථයක නැගී හසලක බලා පැමිණියේය.
සවස 4ට පමණ හසලක නගරයෙන් බස් රථයෙන් බැසගත් ඔහු කුකුළන් සහිත පෙට්ටිය බස් නැවතුමේ කොනක තබා නගරයට ගියේය.
මේ අතරේ අසල ගමක අයකු බිත්තර සොයා නගරයේ කඩ කිපයකට ගියත් බිත්තර නොමැති වූ තැන සිය පාපැදියේ නැග බස් නැවතුම හරහා හිස් අතින් පෙරළා නිවෙස බලා ගමන ආරම්භ කළේය.
බස් නැවතුම අසලට පැමිණෙනවාත් සමඟම බස් නැවතුමේ තිබූ පෙට්ටියෙන් එක් වරම කිකිළියක් කෑ ගසන හඬක් ඔහුට ඇසුණි. මේ සතා මේ විදිහට කෑ ගහන්නේ බිත්තර දැමූ පසු ඒ බව හැඟවෙන්නට බව ඔහුට වැටහුණි.
පා පැදිය නතර කර ඔහු වට පිට බලා පෙට්ටිය අසල කිසිවකු නොමැති බව දැක පෙට්ටිය අසලට ගොස් පියන ඇර බැලූවිට කුකුළන් සහිත එම පෙට්ටියේ බිත්තර දෙකක් තිබෙනු දැක ආ මේ තියෙන්නේ බඩු යැයි කියා නැවත වරක් වටපිට බලා බිත්තර දෙක රැගෙන මල්ලකට දමාගෙන පා පැදියේ නැගී එතැනින් වහා පිය මැන්නේ තමන් කළ සොරකම කිසිවකු දැක යම් අවැඩක් වෙයැයි ඇතිවූ සැකයෙනි.
ගමේ කඩය අසලට ගිය ඔහු තමන් මුහුණ පෑ සිදුවීම කඩය අසල සිටි අයට පැවසුවේ “ඔන්න උඹලට නැති බිත්තර මට දෙවියෝ ගෙනත් දුන්නේ සල්ලිත් ගන්නේ නැතිවයි” යැයි කොක් හඬලා සිනාසෙමිනි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිත්තර නැති දුකට දෙන දෙයියෝ කිකිළියක්ම දීලා