IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


බෝතලයක් ඉස්සරහට ඇවිත් වන්දනා ගමනත් අමතක වෙලා

දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න ස්වේච්ඡා සංවිධානයක පිරිසක් පසුගියදා විනෝද චාරිකාවක නිරත වෙමින් තෙවන දිනයේ රාතී‍්‍ර නතර වූයේ උතුරු මැද පළාතේ ප‍්‍රධාන නගරයක් අසලවූ පන්සලකය.

සෙසු අය රාතී‍්‍ර  කෑම පිළියෙළ කරද්දී කණ්ඩායමේ තිදෙනෙක් අසල නිවෙසක තිබූ කුඩා ප‍්‍රමාණයේ ඡන්ද ප‍්‍රචාරක රැස්වීමකට ගියේ කාලය ගත කිරීමටය.
මේ තිදෙනා ඉතා උනන්දුවෙන් රැස්වීම  නරඹනු දුටු සංවිධායකවරයා ඔවුන් ගේ පිටුපසට කැඳවූයේ සංග‍්‍රහයක් ඇති බව පවසමිනි. එහි මත්පැන්ද නොඅඩුව තිබිණ. මතට ලොල්වූ මේ තිදෙනාට උන්හිටි තැන් අමතක විය.

 මැදියම් රෑ වනතුරුත් කණ්ඩායමේ තිදෙනකු රෑ කෑමට නොපැමිණි නිසා චාරිකා  සංවිධායකයන් දෙදෙනකු ඔවුන් ගැන සොයමින් මග දිගේ එනවිට මේ තිදෙනා තම කමිසද ගලවා කරේ දමාගෙන වැනි වැනී එන ආකාරය දුටු සංවිධායකවරුන්ට දෙවියන් සිහිවුනාලූ.



අදහස් (0)

බෝතලයක් ඉස්සරහට ඇවිත් වන්දනා ගමනත් අමතක වෙලා

චතුරංග Saturday, 14 September 2013 01:19 PM

21 සිය වසේ ශ්‍රී ලාංකීය දේශාපලන සංස්කෘතිය. කවද්ද අපි ගොඩ එන්නේ ? බෝතලේට රටේ අනාගතය පාවලා දෙනවද? තීරණය ඔබ අතේ.(නදී)

:       0       0

කසුන් Wednesday, 11 September 2013 01:26 PM

රුවන් ඔයා නියම පොරක් මමත් ඔය කියන දෙය පිලිගන්නවා. මටත් ඔය ගැටලුව තියනවා. ගණන් ගන්න එපා. (අ)

:       0       0

චන්දි Thursday, 12 September 2013 09:56 AM

පහන් මල්ලි , ඔයාගේ කතානම් නියමයි හොදේ !!! හැමදාම ලියන්න ඔයාට ලස්සන අනාගතයක් පතමි

:       0       0

වරුණ Wednesday, 11 September 2013 09:35 AM

අද ඔන්න ඕක තමයි රටට තියෙන එකම කොඩි විනේ. පවුල් විනාස වෙලා යනවා. දරුවෝ මහපාරට වැටිලා අනාත වෙනවා . අපේ පාලකයන් නම් කියන්නේ මතට තිත කියලයි. ඒ වුනාට මට නම් පෙනෙන්නේ මතට කොමාවක් වගෙයි. අපේ සමහර උදවියට පොඩි ෂොට් එකක් දාගත්තම උන්හිටි තැන් අමතක වෙනවා. ගෙවල් දොරවල් බිරිද දරුවෝ සියල්ලම නැති ගානට තමා වැඩ. සමහර මිනිස්සු ඉන්නවා බෝතලයක් දෙනවා කිව්වොත් වැසිකිලි වලකට හරි බහිනවා.(නදී)

:       0       0

සරත් Wednesday, 11 September 2013 09:41 AM

ඉස්සර අපේ බාප්පා වෙන කෙනෙක් හිටියා කොහේ ගියත් "රා" පොට් එකක් හොයාගන්න යන්නේ විනාඩි ගානයි. ආයි එතනින් ගන්නවා බොරු. දැන්නම් බාප්පත් නැහැ, "රා" පොටුත් නැහැ.(නදී)

:       0       0

තාරක Saturday, 14 September 2013 11:56 PM

මේගොල්ලෝ විනෝද ගමනක් ගිහින් තියෙන්නේ. එත් වැඩේ වැරදියි.(නදී)

:       0       0

හේමන්ත Wednesday, 11 September 2013 03:32 PM

රුවන්, ඔබ නොවයි ඒ අය කොන් කරලා තියෙන්නේ. ඒ අය අදහනවා කියන ආගමයි. මැරුණු දවසටත් ඒ අය වගේම යාළුවෝ නෑයෝ හොඳට බීල එකතුවෙලා නිවන් සැප ලැබේවා කියල බැනර් ගහයි. නමුත් උන් සියල්ලම අපායේ හෝ තිරිසන් ආත්මවල උපදිවී. සංසාරේ අනන්ත දුකට පත්වේවි. ඔයාට එහෙම වෙන්න විදියක් නැතිනිසා මතුවටත් ඔයා ඒ අයගෙන් කොන්වෙනවා. ඔබට යහපතක්ම වේවා.(නදී)

:       0       0

වරුණ Wednesday, 11 September 2013 03:34 PM

හැබැයි රුවන් මමත් ඔයා වගේ කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ‍ ඒත් ඔය හැම දෙයක්ම සෑම යාලු මිත්‍රයෙක්වම මම ආශ්‍රය කරනවා. කිසි අවුලක් නැහැ. එතන කොන්වීමක් වෙන්නේ තමන්ගේ වැරදි චින්තනයයි.හැබැයි බිව්වහම ඒගොල්ලෝ ගෙන මෝඩ තර්ක වලට අපි කෙලින් උත්තර දුන්නම ආයේ එහෙම වෙන්නේ නැහැ. (ස)

:       0       0

චන්දි Wednesday, 11 September 2013 10:24 AM

හොඳ වෙලාවට බාප්පයි.., රා පොට් එකයි .., දෙකම නැති වුනේ !! තිබුනා නම් අපේ සරත් මල්ලිට වෙන්නෙත් ඒකම තමයි නැද්ද සරෝ ....? වරුණ මල්ලි !! ඔයාගේ අදහස හොඳයි ''නියමයි '' (ස)

:       0       0

එම්.ටී Wednesday, 11 September 2013 10:40 AM

වරුණ මම නම් දකින්නේ මේ විදිහටයි. හැම දෙයක්ම නීති වලින් තහනම් කරන්න බැහැ. පාවිච්චි කරන අය තමන්ගේ සීමාවල් දැනගන්න ඕන. මත් පැන් අපේ රටේ සම්පුර්ණයෙන් තහනම් කලත් වෙන වෙන විදි වලට ක්‍රම හොයා ගනී. සමහරවිට සල්ලි තියන මනුස්සයින් බොයී. මම නම් මගේ සීමාව දැනගෙන පාවිච්චි කරනවා.(නදී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 11 September 2013 10:41 AM

අපේ රටේ හෙළයන් මොනතරම් බල සම්පන්න වුනත් මත් බෝතලය ඉදිරියේදී බලු වෙනවා. (නදෟ)

:       0       0

විජේ Friday, 13 September 2013 10:31 AM

මොනවා කරන්නද ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ. (ස)

:       0       0

ගාමිණී Wednesday, 11 September 2013 11:03 AM

තාවකාලික සතුට වෙනුවෙන් ජීවිතය සදාකාලික දුකක් කරගන්න මිනිස්සු ගැන දුක් සහිත කතා අපි ඕන තරම් අහල තියනවා. මේවා වලට ගැති නොවී සමහරු ඉන්න නිසා මේවට ඇබ්බැහි වෙන අය ගැන මෙයට වඩා හොයන්න වෙනවා.(නදී)

:       0       0

අරුණි Wednesday, 11 September 2013 04:20 PM

වරුණ, අර මං කිව්ව කතාව ඇත්තද? අර මැනේජෙර් මහත්තයෙකුගේ වැසිකිලි වලකට බැස්ස කියන කතාව?(නදී)

:       0       0

කුමාරිහාමි Wednesday, 11 September 2013 11:19 AM

උතුරු මැද පළාතේ කොහෙද ඡන්ද ප‍්‍රචාරක රැස්වීම් තියන්නේ? (නදී)

:       0       0

නුවන් Sunday, 15 September 2013 08:25 AM

මේ වගේ කතා 1980 ගණන් වලත් තිබුණා (නි)

:       0       0

අරුනි Wednesday, 11 September 2013 11:25 AM

මට ආරංචි ඔයත් ඔපිස් එකේ මහත්තයෙකුගේ ගෙදර ටොයිලට් වලකට බැස්ස කියල. හික් හික්! එකත් කලේ බෝතලයකටද?(නදී)

:       0       0

කුමාර Thursday, 12 September 2013 02:56 AM

අද හැමදේටම ඉස්සර කරගන්නේ ‍බෝතලය තමයි (නි)

:       0       0

මලිති ඇමරිකා Thursday, 12 September 2013 03:00 AM

පහන්ගේ කතා පොතෙන් තවත් රස කතාවක් (නි)

:       0       0

වරුන Wednesday, 11 September 2013 04:59 PM

ඔව් අරුණිගේ වලටත් බහින්න මම පුල පුලා බලා හිටිනවා මොකද කියන්නේ අරුණි හාරමුද දෙන්නත් එක්ක ? (ස)

:       0       0

චමි Wednesday, 11 September 2013 11:44 AM

දැන් උතුරු මැද ජන්දයක් තියෙනවද? (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 13 September 2013 11:14 AM

රුවන්, ඔබව කොන් කරන්නේ මත්පැන් බොන මෝඩ යහළුවෝ මිසක් බුද්ධිමත් යහළුවෝ නොවෙයිනේ? කණගාටු වෙන්න එපා. ඔබට යහපත් අනාගතයක් සිකුරුයි. (ස)

:       0       0

පහන් මඩුගල්ලේ Wednesday, 11 September 2013 11:42 AM

මම මත පැන් දුම් වැටි වලට ඉතා විරුද්ධයි. ඒත් උසස් පෙළ පන්තියේදී මම දැරුවේ ඕකේ අනිත් පැත්ත. හැබැයි උසස්පෙළ පන්තියේදී මතට විරුද්දව හිටපු බොහෝ දෙනෙක් අද හොදටම බොනවා දවසක් අපි විනෝද චාරිකාවක් සුදානම් කරන්න කතා උනා ගුරුවරු එකගතාවය පලකලත් තරයේ කියා සිටියේ මත්පැන් පානය ගෙනයාම සහ මගදී මිලදී ගැනීම නොකළයුතු හා තහනම් බවයි. අපිත් හා කියල ගමන පිටත් උනා නිට්ටබුව හරියේදී අපේ නඩේ කොල්ලෙක් හොද විස්කි බෝතලයක් අරන් සර් ගාවට ගිහිල්ල සර් මේන් එකෙක් බෝතලයක් ගෙනල්ලනේ මොකද කරන්නේ කියල .හා හා වැඩිය වෙරි වෙන්නේ නැති වෙන්න බීපල්ලා කිව්වා .දැන් කොල්ලොන්ටත් ටිකක් වෙරි මෙන්න එකෙක් ආයිත් බෝතලයක් අරන් සනී සර් ගාවට යනවා සර් මේ තව එකක් තියනවා සර් ලට කියල. හා හා තියල පලයන් කිව්වා. මෙන්න පිළිම තලාව පහුවෙනකොට සනී සර් අහනවා පුතේ ගෙනාපුවා ඉවරද ?(ඒ යුගය අපිට ආයේ ලැබෙන්නේ නැහැනේද කියල හිතෙනකොට විශාල හිස් බවක් දැනෙනවා ) (නදී)

:       0       0

චින්තක Wednesday, 11 September 2013 12:01 PM

ඕනෙම දෙයක සීමාවක් තියෙනවා . මෙතෙනේදී ඒ දෙය විශේෂී. මොකද තරම දැනගෙන වගේම කාටවත් කරදරයක් නොවෙන විදිහට මේ දෙය පාවිච්චි කෙරුවට කමක් නැහැ. නමුත් තමාගේ ශරීර සෞඛය ගැනත් හිතලා. (ස)

:       0       0

රුවන් Wednesday, 11 September 2013 12:23 PM

මම අරක්කු සිගරට්, බියර් කිසිවක් පාවිච්චිකරන්නේ නැහැ. නමුත් මම ඉන්නේ හුඟක් කලකිරීමකින් මොකද මගේ යහළුවෝ මාව නිතරම කොන් කරනවා අරක්කු බොන්නේ නැති නිසා. ඒ අය මට කියන්නේ අරක්කු බොන්නේ නැත්තේ මෝඩයෝ .කියලා. කිසිම වරදක් නොකරන එක සමාජයේ කොන්වීමට හේතුවක්ද?(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 11 September 2013 05:54 PM

මම හිතන විදිහට ලංකාවේ සෑහෙන කොටසක් බීමට ඇබ්බැහි වෙලා. මරණ ,මගුල් ,දාන ගෙයක් යන්න කලින් හොයා බලන්නේ එතන හැමදේටම කලින් බොන්න තියනවාද කියලා.ගොඩක් දෙනෙක් කියන්නේ බොන්නේ හැමදේම අමතක වෙන්න කියලා.එතන අමතකවීමක් නෙමෙයි මොළය විකෘතිවීමක් වෙන්න ඇති.ඒකනේ මේ අය සැණින් පෙළඹෙන්නේ අපරාධ වලට. (නි)

:       0       0

දුමින්ද Thursday, 12 September 2013 01:00 PM

මම අත්දැකීමෙන් දන්නවා දැන් හැදෙන තරුණ කොල්ලෝ බොහෝමයක් බොන්නේ නැ. (ස)

:       0       0

කුමාරිහාමි Wednesday, 11 September 2013 05:56 PM

මේක වෙන්න ඇත්තේ දඹුල්ලේ, සීගිරිය හෝ රාජාංගනය වැනි පෙදෙසකයි. මේ පළාත් අයිති මධ්‍යම හා වයඹටයි.(නදී)

:       0       0

දිසානායක Wednesday, 11 September 2013 06:02 PM

මම දන්නා විදිහට අරක්කු වර්ග 2ක් තියනවා. එකක් නීති විරෝදී අරක්කු අනිත් එක රජයේ අරක්කු නීති විරොදි අරක්කු වලට කියන්නේ කසිප්පු එසේ නැත්තම් සුදුවා කියලත් කියනවා. පොදුවේ මේ දෙකටම නැටුම් තෙල් කියලත් කියනවා. රජය පෙරුවොත් අරක්කු වන මෙම මත් ද්‍රවිය ගම්මුන් පෙරනවිට කසිප්පු බවටත් නීති විරොදි බවටත් පරිවර්තනය වෙනවා. කසිප්පු නිෂ්පාදනය කරන විට මෙයට නොයෙක් විෂකාරක මිශ්‍ර කරනවා. උදාහරණයක් ලෙස යුරියා, කටු කම්බි සහ මෙය පදම් වීමට කාලයක් තබන විට මෙයට එකතුවන සර්පයන් සහ කෘමින් මගිනුත් අපි නොදන්නා විෂකාරක නිෂ්පාදනය වෙනවා. රජයේ නිෂ්පාදනය කරන මත් වතුර අහවල් කල් දේරමේ අහවල් කාලයක් පල් කරන ලද බව සදහන් උවත් පිටරටින් ගෙන්වන විෂ ද්‍රවිය යොදා නිෂ්පාදනය කරන බව පසුගියදා වරායෙන් හමු වූ කන්ටේනරය සාක්කි දරනවා .පන්සිල් පද පහේ අන්තිම පදය කැඩීමේ විපාකයට රටත් වැසියනුත් රටේ සංස්කෘතියත් අගාදයට තල්ලු කරීමේ රජයේ අනුමැතිය ලත් මත් ද්‍රව්‍ය ලේබලය ඍජුව දායකවන බව කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කල යුතුයි. මතට තිත වැඩසටහන රජය ප්‍රකාශයට පත් කලේ රජයේ ආයතනය එදාට වඩා අද මත් ද්‍රව්‍ය නිෂ්පාදනය කරමින්ය. එය කෙසේද යත් රජය හෙළුවෙන් සිට රටවැසියන්ට විලිවහගන්න උපදෙස් දෙමිනි.(නදී)

:       0       0

හේරත් Thursday, 12 September 2013 07:11 AM

තුන් වැනි සිකපදය නොකිව්වා නම් පහට වඩා දේ අමතක වෙනවා. (නි)

:       0       0

දිසානායක Wednesday, 11 September 2013 06:06 PM

වරුණ මළගෙවල්වල බෝතල් පාටි දන ඔහීල සදාචාරය ගැන කියන කතා අහල මට දෙකොනින් හිනා යනවා (අ)

:       0       0

කැනඩා දිසා Thursday, 12 September 2013 07:38 AM

ප්‍රශ්නේ තියෙන්නේ මේක විනෝද සවාරියක් ද වන්දනා ගමනක්ද කියන එකයි. අන්න එතන ඉස්සෙල්ලා හදා ගන්න . (නි)

:       0       0

පහන් මඩුගල්ලේ Wednesday, 11 September 2013 12:30 PM

නියමයි රුවන් ඔයාගේ ස්ථාවරයේ ඔයා ඉන්න .මමත් ඔයා කතාව අනන්තවත් අසා තිබෙනවා. මම කියන්නේ නැහැ මම නොබිව්වා කියලා මම නොමැරෙන මිනිහෙක් කියලා .මම කියන්නේ මට සල්ලි දීලා මැරෙන්න ඕනේ නැහැ කියලා .අර කකුළුවෙක් කෙලින් යන්න ඉගෙන ගත්තලුනේ ,අනිත් උන් ඌට අංග විකලයි කිව්වලු. (ස)

:       0       0

හේරත් Friday, 13 September 2013 01:33 AM

කව්ද?..මොනවද කියන්නේ...? එන්න එපා ඕවට, තේරුනාද? එක්කගෙන යනවා බාර් එකට..... (නි)

:       0       0

උපාලි Wednesday, 11 September 2013 12:40 PM

රුවන්, බොන අය අතරේ නොබී ඉන්න පුළුවන් නම්, හොරකම් කරන අය අතරේ හොරකම් නොකර ඉන්න පුළුවන් නම්, වැරැදි කරන අය අතරේ වැරදි නොකර ඉන්න පුළුවන් නම්, එයා උතුම් පුරුෂයෙක් . ඔවුන් ඔබව කොන් කලාට කමක් නැහැ. (ස)

:       0       0

ඩොක් Wednesday, 11 September 2013 07:05 PM

අර මොකාගෙද මතට තිත ඇත්තෙ කොහේද (අ)

:       0       0

ලකින් Thursday, 12 September 2013 08:48 AM

පහන්, ඔයාගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා. යාලුවෝ කියන මාළුවෝ ටික වෙනස් කරලා බලන්න . ඔබට ජය ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 457 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 579 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1058 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 891 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2346 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 816 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 282 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site