IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


බෝතලය ලොකුවී බිරියටත් එපාවූ සුවසේවා ලොක්කා නි​ෙරා්ධායනයට

(උණවටුන - ඩි.ජී. සුගතපාල) 
රජයේ සුව සේවා ස්ථානයක ප්‍රධානියාට ද නොසිතූ ලෙස නිරෝධායනය වීමට සිදුවීමේ අපුරු සිදුවීමක් දකුණු පළාතේ සුව සේවා ස්ථානයකින් අසන්නට ලැබිණ. මෙම ස්ථානයේ ප්‍රධානියා බෙහෙවින්ම මත්පැනට ලොල් වුවකු බවද එහි සේවක සේවිකාවෝ පවසති. 


මේ දිනවල පැතිර යන කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන ස්ථානයක් පරීක්ෂා කිරීමට ඔහු පසුගිය දිනෙක රාත්‍රී ගියේය. මිතුරන් සමග පදමට රත් වූ ඔහු එම ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගොස්  රෝගීන් සමග කතා බස් කළේය. එහි සිටි අනෙක් අය සමග ද කතා කළේය. ඔහු කතා කළේ මොනවාදැයි ඔහුට අමතකය. දැන් ඔහු සිටින්නේ බෙල්ල සාක්කුවේ දමාගෙනය. ටික වේලාවකදී ඔහු එම ස්ථානයේම නින්දට වැටිණ. 


පසුව ගිලන් රියක් ගෙන්වා ඔහු නිවෙසට යැවීමට එහි සිටි  පිරිස කටයුතු කළේය. එහෙත් ඔහුට නිවෙසේ දොර ඇරුණේ නැත. බිරිඳ කීවේ ඔහු නිරෝධායනයට ගෙන යන ලෙසය. ගිලන් රියේ පැමිණි සේවකයෝ අසරණ වූහ. ලොක්කා මිදුලේ තනි කර දමා ගිලන් රිය ඉගිල ගියේය. 


බෙල්ල සාක්කුවේ දමාගෙන මිදුලේ වැතිර සිටියත් දොර නම් ඇරුණේ නැත. මේ අතර බිරිඳ ඔහුගේ බලධාරීන්ට දුරකතන ඇමතුමක් දී සැමියා නිරෝධායනයට ගෙන යන ලෙස කීවාය. ඒ අනුව තවත් ගිලන් රියක් පැමිණ ඔහු නංවා ගත්තේය. 


ඔහු ද දැන් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයේ කාමරයක නිරෝධායනය වෙමින් සිටී.   



අදහස් (0)

බෝතලය ලොකුවී බිරියටත් එපාවූ සුවසේවා ලොක්කා නි​ෙරා්ධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 380 1

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 468 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 622 1

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 632 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 714 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 698 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 670 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site