IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


බෝතල් පාටිය මීයන් කාලා

 

 

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

සාදයකදී මත්පැනින් සප්පායම්වු තරුණයින් දෙදෙනකු මෝටර් රියක තිබී සොරාගෙන ගිය නවීන පන්නයේ මත්පැන් බෝතල් දෙකකින් මී පැටවුන් මතුවීමේ සිද්ධියක් රාජගිරිය ප‍්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.

කොළඹට නුදුරු ප‍්‍රදේශයක යුවළකගේ ඥාතියෙකුගේ නිවසේ පුංචි පහේ සාදයක් සංවිධාන කර තිබුණේ දියණියකගේ වැඩිවිය පැමිණීමේ සතුට නිමිති කරගෙනය. මේ සඳහා සමීප ඥාතීන් මෙන්ම හිතවත්හු පිරිසක්ද එක්ව සිටියහ.

නැගණියත් මළනුවනුත් මෙම සාදයට යාමට සූදානම් වෙද්දී නිවසේ අල්මාරියක සිටි මී පැටවුන් දහයක් පමණ හමුවිය. අපි මේ මී පැටවුන් කොහාටහරි ගෙනහින් දමමු යැයි බිරිය සැමියාට කීවාය. හොඳයි කී සැමියා අරක්කු බෝතල් දෙකක් ගෙනා පෙට්ටි දෙකක් ගෙන පුළුන් අතුරා මී පැටවුන් එහි දැමුයේ ගමනේ යෙදෙන අතරදී කොහේ හෝ දමා එන අදහසිනි.

මෙම පෙට්ටි දෙක මෝටර් රියේ පිටුපස තබා ගමන පිටත්විය. ආපසු පිටත්වීමට සැරසෙද්දී අනේ මල්ලී මගේ මේ යාළුවන් දෙන්නාත් එක්කන් ගිහින් රාජගිරියෙන් බස්සන්නැයි ඉල්ලා සිටියේය. හොඳහැටි සප්පයාම්වී සිටි මිතුරෝ දෙන්නා පිටුපස අසුනට ගොඩවූහ. ආසනයේ තිබූ අරක්කු පෙට්ටි දෙක ඔවුනට දකින්නට ලැබිණි. බමන බතින් සිටියත් ඔවුන් දෙන්නා කිසියම් අදහසකට එකඟවූයේ හොර රහසේ දෑසින් කතා කරමින්ය.

දෙන්නා රාජගිරියේදී මෝටර් රියෙන් බැස ගියේ අරක්කු බෝතල් දෙකක් බවට විශ්වාසයෙන් මීපැටවුන් පාර්සල් දෙක රැගෙනය. පසුව නිදහස් තැනක වාහනය නැවතු යුවළ මී පැටවුන් පාර්සලය විසි කර දමන්නට සූදානම් වුවත් එය එහි නොවීය. සිදුව ඇත්තේ කුමක්දැයි දෙන්නාට අවබෝධ වූයේ පසුවය.

අරක්කු බෝතල් දෙක ගෙන ගිය මිතුරන් දෙන්නා එය රසවිඳින්නට සූදානම් වෙද්දී මී පැටවුන් ඉවතට පැන්නේය. දෙන්නාගේ වෙරි හිඳුණේ ඒ අවස්ථාවේදීය.  



අදහස් (0)

බෝතල් පාටිය මීයන් කාලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 85 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 775 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 777 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1139 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9459 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 873 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site