කාර්යාල මිතුරකු විශ්‍රාම යාම වෙනුවෙන් පැවති උත්සවයක් අවසානයේ දී සිදුකළ මධුවිත සාදයක දී මත්පැන් වෙනුවට වෙනත් ද්‍රව්‍යයක් පානය කොට අකරතැබ්බයකට මුහුණ පෑ මිතුරන් පිරිසක් පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
විශ්‍රාම ගොස් දින කිහිපයක් ගතවීමෙන් පසුව රාජකාරි කාලය තුළ දී සහාය දැක්වූ හිතවතුන්ට සහ ගම්වාසීන්ට ස්තුති කිරීමේ උත්සවයක් විශ්‍රාම ගිය නිලධාරිවරයා විසින් සංවිධානය කර තිබුණි. සවස් කාලය එළඹෙන විට උත්සවය නිම වූ අතර සියලු දෙනා එක්ව විශ්‍රාම ගිය මිතුරා සිය නිවස වෙත කැඳවාගෙන ගියහ.
විශ්‍රාමිකයාගේ නිවසේ රාත්‍රී කාලයේ මදුවිත සාදයක් පැවැති අතර එය රාත්‍රී කාලය දක්වා ඇදී ගියේය. සාදයට ගෙනවිත් තිබූ මදුවිත නිමවීම නිසා මිතුරෙකුට ඇමතුමක් දී තවත් මත්පැන් බෝතලයක් රැගෙන එන ලෙස පවසා තිබේ.
මත්පැන් සොයා ගැනීමට නොහැකි බවත් අවශ්‍යම නම් රා බෝතලයක් ගෙනත් දිය හැකි බවත් මිතුරා පවසා ඇති අතර එය ගෙන්වාගෙන පිරිස පානය කළහ. රා බෝතලය හිස්කර විනාඩි දහයක් පමණ ගතවන විට එක් අයෙකු දෙදෙනෙකු වමනය කිරීම ආරම්භ කර ඇති අතර එය සියලු දෙනා අතර පැතිර යාමට වැඩි කාලයක් ගතවී නොමැත.
සියලු දෙනා වමනය දැමීම පිළිබඳව සැක සිතු එක් අයෙකු සිය ජංගම දුරකථනයේ ආලෝකයෙන් දමන ලද වමනය පරීක්ෂා කර ඇති අතර එහිද විශේෂ දෙයක් තිබී නොමැති නිසා එක් අයකු සිය මිතුරාට ඇමතුමක් ලබා දී රා පිළිබඳව විමසීමක් කළේය.
මිතුරා විසින් නිවසේ රා බෝතලය තිබූ ස්ථානය පරීක්ෂා කිරීමේ දී ඔහුට දෙවියන් සිහිවිය. රා බෝතල වෙනුවට වැරදීමකින් විනාකිරි බෝතලය රැගෙන ගොස් ඇති බව මිතුරාට පවසා ඇත. ලුණු ඇඹුල් ඇතිව මිතුරාට බැණ වැදී සාදයේ සිටි මිතුරන්ට ද විස්තරය සැල කළේය. පිරිස සිද්ධිය වසන් කර ගැනීමට විවිධ ප්‍රයත්නයන් දැරුව ද පසුදින වන විට සිද්ධීය කාර්යාලය පුරා පැතිරී ගිය රස කතාවක් බවට පත්වීම වැළැක්විය නොහැකි විය.
හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බෝතල් මාරුවී සාදයේ ජංජාලයක්