හඟුරන්කෙත – ඒ.ජේ. කරඳගොල්ල
අලුත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලුණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය.
වාර්තා වන ආකාරයට සිදුවීම මෙසේය.
මතුරට නගරයට නුදුරු ගමක මිත්තණියක් සිය මුනුපුරන් දෙදෙනාට අලුත් අවුරුද්ද නිමිත්තෙන් රසවත් කැවිලි සෑදීමට සිතා මුංගුලි සෑදීම අරඹා ඇත. ඒ සඳහා සීනි දැමූ බෝතලය ලුණු බෝතලය අසල තබා තිබේ. සිය මිත්තණිය සීනි අඩුවෙන් දමන්නට ඇතැයි සිතා කුඩා මුනුපුරන් දෙදෙනා මිත්තනිය ඉවතට යනතුරු බලාසිට සීනි බෝතලයෙන් අඩක්ම කැවිලි සැකසීමට තිබූ බඳුනට දමා තිබේ.
සේවය නිමවා පැමිණි කුඩා පිරිමි දරු දෙදෙනාගේ පියා මුංගුලියක් කෑවේ තම මව දරු දෙදෙනාට සෑදූ මුංගුලිවල තරම බැලීමටය. වෙනදා ප්‍රණීත මුංගුලි කටේ තියන්න බැරි තරම් ලුණු රස මොකදැයි ඔහු සිය මවගෙන් විමසීය. එහිදී හෙළිවූයේ කැවිලි රස කිරීමට සීනි යැයි සිතා කුඩා දරුවන් දෙදෙනා ලුණු දමා ඇති බවය.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බෝතල් මාරු වී ජංජාලයක්