IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


බැදපු මිරිස් කරලක් නොදුන්නැයි බත්පතම කා හෝටලෙන් ලිස්සා ගිහින්

එළවළු සහිත බත් එකක් ආහාරයට ගැනීමට ආ කාන්තාවකට තම බත්පත අනුභව කිරීමට ආපන ශාලාවෙන් ‘චිලිපේස්ට්’ හෝ බැදපු මිරිස් කරලක් නුදුන්නේ යැයි කියන සිද්ධියක් මත බත් පිඟාන සම්පූර්ණයෙන්ම කා දමා මුදල් නොගෙවා ගියේයැයි කියන පුවතක් මහනුවර නගරයෙන් වාර්තා වුණි.


සිද්ධිය මෙසේය.


කාන්තාව තරමක් මැදිවියේ පසුවන්නියකි. නවීන පන්නයේ ඇඳුම් ආයිත්තමින් සැරසුණු ඇය ඉකුත් සෙනසුරාදා දිනෙක මහනුවර නගරයට පැමිණියේ කිසියම් වූ රෝගයකට ප්‍රතිකාර ගැනීමටය. පේරාදෙණිය පාරේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිය ඈ තම රාජකාරිය නිමවා පිටතට එනවිට පස්වරු එකත් පසුවී තිබුණි. හොඳටම බඩගිනි දැනුණු ඇය තමන් අත වූ වෛද්‍ය සහතික ආදිය ද එල්ලාගෙන අසල වූ ආපනශාලාවකට ගොඩවැදුණේ කුසගින්න නිවාගන්නා අදහසිනි.


මුලින්ම ‘ෆ්‍රයිඞ් රයිස්’ එකක රස බැලීමට සිතුණු ඇය එහි සේවකයකුගෙන් ඒ ගැන විමසද්දී කියූ මිල ගණන් අනුව “අපෝ ෆ්‍රයිඞ් රයිස් එපා. මට එළවළු කෑම එකක් දෙන්න’ යැයි කීවාය. ඇගේ ඉල්ලීම මත අදාළ සේවකයා එළවළු කෑම එකක් බෙදාගෙනැවිත් ඇයට දුන් අතර කාන්තාව ද වටපිට බලමින් ඒ ගැන වැඩි සතුටක් හෝ අසතුටක් ද නොපෙන්වමින් බත් පිඟාන හිස් කරන්නට වූවාය. බත් පිඟානේ හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් හිස්කළ ඇයට එතුළ තවත් ඉතිරිව තිබුණේ බත්කටවල් තුනක් හෝ හතරක් පමණි.


එක්වරම අදාළ කත “කෝ අනේ! මට මේක කන්න චිලි පේස්ට් ටිකක් දෙන්නකෝ” යැයි ඇවිටිලි කළාය.


“මෙහෙම නිකන්ම මේක කන්න බෑනේ” යැයි ද ඇය කී අතර එවිට හෝටල් සේවකයා කීවේ “චිලි පේස්ට් දෙන්නේ ෆ්‍රයිඞ් රයිස්වලට විතරයි” යනුවෙනි.


“එහෙනම් බැදපු මිරිස් කරලක්වත් දෙන්නකෝ” යැයි ඇය යළිත් ඇවිටිලි කළාය. “බැදපු මිරිස් නෑ නෝනා. ඇයි ඔය පපඩම් තියෙන්නේ” යැයි සේවකයා කියූ සැණින් කාන්තාව අසුනින් නැගිට්ටේ “අපෝ! එහෙනම් මට මේ කෑම කන්න බෑ” යැයි කියමිනි.


එහෙත් ඒ වන විටත් පිඟානේ එකදු බත් ඇටයක් හෝ නොවිණි.“ඔය කෑම එකට 120ක් ගන්න” යනුවෙන් අදාළ සේවකයා කඩ හිමියාට උස් හඬින් කීය.


“නෑ! නෑ!! මම ඒ කෑම එක කෑවෙ නෑ. ඔයාල ‘චිලිපේස්ට්’ ටිකක් දුන්නැති හින්දා මම කෑම එක කෑවෙ නෑ” යැයි කී කත හෝටල් සේවකයන් නොයෙක් අයුරින් උසුළු විසුළු කරද්දී මුදල් ද නොදී ආපනශාලාවෙන් පිටමං වූයේ කිසිවක් නෑසූ කන්වය.


අමිල දොළපිහිල්ල.

 



අදහස් (2)

බැදපු මිරිස් කරලක් නොදුන්නැයි බත්පතම කා හෝටලෙන් ලිස්සා ගිහින්

බත් අම්මා Tuesday, 21 January 2020 07:31 PM

කමක් නැහැ.. ලෙඩකට බෙහෙත් ගන්න ආපු රෝගියෙක් නේ. බඩගින්නේ ඉන්න කෙනෙකුට කෑම වේලක් දෙන එකත් පිනක්නේ. ..... (ඒ උනාට කාන්තාව කරපු කැත වැඩේ අනුමත නොකරමි.)

:       1       12

ලුම්බිණි Wednesday, 22 January 2020 04:53 AM

අද කාලේ ලජ්ජා නැති ගැහැණු නැති තැනක් නැහැ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ලොක්කාගේ කතාවෙන් පටිරෝල් වෙලා
2025 අප්‍රේල් මස 24 449 0

මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟු‍ලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 625 1

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 550 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 648 1

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 659 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 728 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 709 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 352 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 499 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site