තම බෑනණ්ඩිය විසින් ගෙවත්තේ වගා කිරීම පිණිස වැඩි මුදලක් ගෙවා රැගෙන ආ බීජ අර්තාපල් තොගයක් තම්බා හොද්දක් පිළියෙල කර ආහාරයට ගත් බව කියන නැන්දම්මා කෙනෙකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු රජයේ සේවකයෙකි. විවේක පාඩු අවස්ථාවලදී සිය ගෙවත්තේ විවිධ බෝග වගා කරනු ලැබුවේ විනෝදාංශයක් සේම නිවසේ ආර්ථීකයට ශක්තියක් වශයෙනි..
තක්කාලි, බටු, මිරිස්, බෝංචි, ගෝවා ආදී එළවළු වර්ග මෙන්ම ගොටුකොළ මුකුණුවැන්න, කංකුං ආදී විවිධ පළා වර්ග ද ඔහුගේ ගෙවත්තේ අඩුවක් නොවිණි.
පසුගිය දිනෙක කිසියම් අවශ්‍යතාවක් සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශය වෙත ගිය මොහොතක බීජ රෝපණ මධ්‍යස්ථානයකින් බීජ අර්තාපල් කිලෝ ග්‍රෑම් දෙකතුනක් මිලදී ගත්තේ වෙළඳපොළේ සාමාන්‍ය මිලට වඩා වැඩි මුදලක් ගෙවීමෙනි.
සුරක්ෂිතව රැගෙන ආ අර්තාපල් ගෙඩි ටික පාත්ති සකස් කරන තෙක් ඔහු සිය නිවසේ ආරක්ෂිත ස්ථානයක තැන්පත් කර තැබුවේ බීජ වලට කිසියම් හානියක් සිදුවේයැයි පරිස්සමිනි.
එහෙත් මේ කිසිත් නොදත් ඔහුගේ නැන්දනිය වැස්සට තෙමුණු බීජ අර්තාපල් අල මෙලෙස තුනී කර ඇතැයි සිතා ඒ සියල්ල රෙදි කෑල්ලකින් පිස දමා එහි තිබූ මදක් වැඩුණු මොටෙයියන්ද ඉවත්කර ඉන් කොටසක් රාත්‍රි ආහාරය සඳහා ලිප තැබුවේ සිය බෑනණ්ඩියට සිතින් පින් ප්‍රාර්ථනා කරමිනි.
මේ අතර ඔහු සේවාව නිම වී නිවසට පැමිණෙද්දීම ඔහුට දැක ගන්නට ලැබුණේ බීජ අර්තාපල් වලින් පිටතට වැඩුනු මොටෙයියන් කීපයක් මිදුලේ තැන තැන වැටී ඇති අයුරකි.
කඩිමුඩියේ නිවසට ගොඩ වූ හෙතෙම සිය බීජ අර්තාපල් තැන්පත් කළ ස්ථානය පරීක්ෂා කර බැලුවද ඒවා එහි දක්නට නොලැබිණි.
අවසානයේ ඔහු සිය නැන්දම්මාගෙන් ඒ පිළිබඳ විමසද්දී ඇඟට පතට නොදැනී ඇය පවසා ඇත්තේ ‘අනේ පුතේ වැස්සට තෙමිච්ච අර්තාපල්වල මොටෙයියොත් ඇවිත්. මං අන්න ඒ ටික කඩල කොටසක් රෑට හොදි හදන්නට තැම්බෙන්නට තිව්වා යනුවෙනි.
‘‘අනේ මෙහෙමත් ගෑණියක් යැයි තමන්ට කියාගත් හෙතෙම හිස අත ගසා ගත්තේ ඒ වෙනුවෙන් වූ ගෙවූ අධික මුදල ගැනද සිහිපත් කරමිනි.

වියලුව - වාර්තාකරු
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බෑනා වවන්න ගෙනා බීජ අල දුටු නැන්දම්මාට හොදි රහ දැනිලා