IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


බඳින්න කියා ඇවිත් තරුණියගේ අංකය හතර වටේටම දීලා


ඇය එතරම් ගම්බද දිළිඳු තරුණියක වූවාය. මවුපියන් සමග හුදෙකලා ජීවිතයක් ගෙවු ඇයට කිසිදු ආදර සබඳතාවක් නොතිබිණි.


මවුපියෝ ඇයට සුදුසු සහකරුවකු සොයා වෙහෙසුණහ. අවසානයේදී ඇයට විවාහ යෝජනාවක් ගෙනාවේ කපු මහතකුගේ
මාර්ගයෙනි. ඉතාමත් තැන්පත්, විනීත, සංවරශීලී තරුණයකු වූ ඔහුට අකමැති වන්නට මෙම තරුණියට කිසි හේතුවක් තිබුණේ නැත. ඉතා විනීත ගතිපැවතුම් පෙන්නුම් කළ මෙම තරුණයා ඇය වැනි අහිංසක තරුණියක් විවාහ කරගන්නට කැමැති බව පැවැසීය. තරුණියගේ තොරතුරු අසා දැනගත් සැණින් මවුපියන් සමග සාකච්ඡා කොට ඇය දැකගන්නට පැමිණෙන්නට ඔහුට තිබුණේ පුදුමාකාර හදිස්සියකි.


ඇය දකින්නටත් පෙර පටන් ඇයට පුදුමාකාර කැමැත්තක් දැක්වූ ඔහු වහාම නිවාඩු ලබාගෙන ඇය දැක ගන්නට පැමිණියේය. එහෙත් සියල්ල වෙනස් වූයේ එතැන් පටන්ය. තරුණියගේ දුරකථන අංකයට නාඳුනන පුද්ගලයන්ගෙන් ඇමතුම් ගලා එන්නට පටන්ගත්තේ එතැන් පටන්ය. සියලු දෙනාම ඇයට විවාහ යෝජනා ඉදිරිපත් කරන්නට වූහ. මේ පිළිබඳව ඉතා සූක්ෂමව විමසා බැලූ තරුණියට දැන ගත හැකිවූයේ මෙය එම තරුණයාගේ වැඩක් බවයි. පුවත්පත්වල හා කපු මහතුන් ලවා විවාහ කර ගැනීමට යැයි පවසා අහිංසක තරුණියන් රවටා අවසානයේදී තම මිතුරු කල්ලිය අතර එම තරුණියන්ගේ දුරකතන අංක බෙදා දී පහත් සතුටක් ලබාගන්නා අයකු බව පසුව හෙළි විය.

(වැල්ලව ශිවා බණ්ඩාර)



අදහස් (0)

බඳින්න කියා ඇවිත් තරුණියගේ අංකය හතර වටේටම දීලා

පිටබැද්දර ජයා Tuesday, 05 July 2016 09:59 AM

නැගණියේ පරෙස්සමින් මෙවන් වංචා කාරයන් අද හැමතැනම (බ)

:       0       0

සරසි Tuesday, 05 July 2016 01:05 PM

එතකොට දැන් ඉස්සෙල්ලම මනමාලි බලන්න එනකොට වැඩිහිටි කවුරුවත් ඇවිල්ලා නැද්ද ? එහෙම නැතිව තනියම ආවා නම් එතැනින්ම සැකයක් ඇති වෙනවානේ මොලය තිබෙන කෙනෙකුට නම්. (බ)

:       0       0

රෝහණ Wednesday, 06 July 2016 02:51 PM

ඔය වගේ අය පිරිමි ජාතියටම කැළලක්. අනිවාර්යයෙන්ම නිසි දඬුවම් දියයුතුයි (නි)

:       0       0

අසෝකා Monday, 04 July 2016 03:58 PM

හැදී මිටකම දුරයි කියනා ගැහැණු මොලේ.... රව්ටන්නටත් බැරිඋනි මහා උගත් මොලේ. (ර)

:       0       0

සරණපාල Monday, 04 July 2016 08:44 AM

ඔය පහත් වැඩ කරන සතා පොලීසිය ට අල්ලලා දෙන්න. අහිංසක මිනිසුන්ට වදදෙනවට. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 753 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 766 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1135 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9449 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 873 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 334 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site