කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
මහ කක්කුට්ටා ඇදට ගියාට කමක් නෑ පැටවු කෙළින් යන්න ඕනෑ යැයි මත්ද්‍රව්‍ය පානය කර ඇඳක වැටී සිටි වැඩිමහල් පිරිමි දරුවාට තදින්ම මත්පැන් පානය කරන ලද අපූරු පියකු දුන්න ඔවදනක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ 63 හැවිරිදි සිව් දරු පියෙකු බිරිඳ හා බාල අවිවාහක 23 හැවිරිදි පිරිමි දරුවා සමග පදිංචිව සිටියි. මෙම සිව් දරු පියාගේ වැඩිමහල් ගැහැනු දරුවන් තිදෙනාම විවාහ වී දුර බැහැර පළාත්වල පදිංචිව සිටින අතර ගැහැනු දරුවෝ මාස කිහිපයකට වරක් මවුපියන් බැලීමට නිවසට පැමිණෙති.
කුලී වැඩ කරන සිව් දරු පියා අවුරුදු ගණනාවක සිට හැන්දෑවට මත්පැන් පානය කර නිවසට පැමිණෙයි. ඇතැම් දවස්වලට බිරිඳ උයා පිහා තිබුණු කෑම හොඳ මදි යැයි පවසා සිව් දරු පියා ගැටුම් ඇති කරගෙන තිබුණු අවස්ථාව ද එමටය. මවට පහර දෙන අවස්ථාවේ දී පිරිමි දරුවා ඊට මැදිහත් වී ඇය කිහිප අවස්ථා ගණනාවක දීම බේරා ගෙන ඇත.
මෙම මවුපිය යුවළගේ 23 හැවිරිදි පිරිමි දරුවා මෑතක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති තරුණයෙකි. මවුපියන්ගේ මුදල් ගෙදර බඩු මුට්ටු උස්සාගෙන ගොස් උකස් කර මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී ඇති තරුණයා දින කිහිපයකට ඉහතදී මත්ද්‍රව්‍ය පානය කර කල්තියා නිවසට පැමිණ කාමරයේ ඇඳේ තද නින්දට වැටී තිබේ.
පියා ද හැන්දෑවේ මත්පැන් පානය කර පැමිණ බිරිඳ ගෙන් කොල්ලා තාම ආවේ නැද්දැයි විමසා ඇත. එහිදී කොල්ලා අද කල්තියා ඇවිල්ලා කාලා නිදි යැයි බිරිඳ පැවසුවාය.
පසුව සිව් දරු පියා පුතා නිදාගෙන සිටියා යැයි කියන ඇඳ අසලට ගොස් පිරිමි දරුවා ඇහැරවා ‘‘පුතේ කක්කුට්ටා ඇදට ගියාට කමක් නෑ පැටවු කෙළින් යන්න ඕනෑ’’ යැයි එහාට මෙහාට වැනි වැනී පියා පවසා තිබේ. ‘‘මහ එකා යන විදිහට තමයි පැටවු යන්නේ ඒක අහන්න දෙයක් යැයි’’ බිරිඳ සිව් දරු පියාට කීය. ‘‘ඒකත් ඇත්ත තමා මගේ කොල්ලා මම වගේ නැතිව වෙන කවුරු වගේ ඉන්න දැයි’’ බිරිඳගේ කීම සත්‍ය බව සිව් දරු පියා වටහාගෙන ඇති බව ආරංචිය.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
බීපු තාත්තාගෙන් ලොකු පුතාට අපූරු උපදෙසක්