IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


බේබදු සැමියා මට්ටු කරන්න බිරය අමුතු කෑමක් දීලා

පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි

මත්පැන් පානයටත් මස් අනුභවයටත් ඇබ්බැහි වී සිටින  ස්වාමිපුරුෂයාට  මස් වෙනුවට කොස් වහලු‍ තම්බා කවන ලද පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

ඔහු ජීවනෝපාය වශයෙන් නීති  විරෝධීව මත්පැන් අලෙවි කරන්නෙකි. නිරන්තරව නීතියේ රැහැනට අසුවුවද ඔහු හොර මත්පැන් ජාවාරම නතර නොකළේය.

හොර මත්පැන් පානය කිරීමට නිරන්තරව පැමිණෙන සුරාසොඬුන් සමග එකතුවී කාබී බාල් නැටීම ඔහුගේ එකම විනෝදාංශයයි.

එම අවස්ථාවලදී වාදනය කිරීම සඳහා හොඳ යක් බෙරයක්ද ඔහු සතුය. මේ පුද්ගලයා  සුරාපානයට මෙන්ම මස් අනුභවයටද අධික ලෙස ලොල් වී සිටින නිසා හැන්දෑ වන විට එම නිවසේ මුළුතැන්ගෙයි ළිප මත මස් හොද්දක් වරදින්නේ එහෙමත් දිනකය.

ඒවා නිසියාකාරව පිළියෙළ කරදීම බිරියගේ අත්හැරිය නොහැකි වගකීමක් වන අතර කිසියම් අඩුපාඩුවක් ඇය අතින් සිදුවුවහොත් ඇයටද දැඩි දඬුවම්වලට මුහුණ දෙන්නට සිදුවෙයි.

ඒ මොන තරම් අඩම්තේට්ටම්වලට ලක්වුවද ඇයද සිටින්නේ කැත්තට පොල්ල මෙන් කුමක් හෝ එකට එක කිරීමේ සූදානමෙනි.

මස් කෑමට මොහු කොතරම් කෑදරද යත් මස් හොද්ද ළිප තබා යාන්තම් රත්වන්නට පටන් ගත් මොහොතේ පටන් එය අනුභව කරන්නට පටන් ගනියි.

මත්වතුර සාජ්ජය ආරම්භ කර බෙර පදයක් ගසා අඩව්වක් අල්ලන හෙතෙම කුස්සියට දිවගොස් ළිපේ පැහෙන මස් හොද්දෙන් දීසියක් ගෙනැවිත් පිරිස සමඟ අනුභව කරන්නේ බිරියගේ රැවුම් ගෙරවුම් තඹයකට නොතකාය.

මේ ආකාරයට කෑම නිසා සාජ්ජය අවසන් වීමටත් පෙර හොද්දේ මස් කෑලි අහවරවීම සුලබ සිද්ධියකි. හැමදාමත් බිරිඳට ඉතුරුවෙන්නේ මස් හොදි පමණි.

මේ  නිසා පුරුෂයාට ⁣යස පාඩමක් ඉගැන්වීමට හිතා ගත් ඈ දිනක්  කොස් කපා ඉතුරුවූ කොස් වහල්ල මස් කෑලි තරමට කපා කලින් තම්බා සූදානම් කර ගත්තාය.

මස් හොද්දෙන් අඩක් අවසන් වන විට තම ප්‍රයෝජනයට මස් කෑලි ටිකක් භාජනයකට බෙදා සඟවා තබාගත් ඈ කොස් වහලු‍ කෑලි හොද්දට එකතු කළාය.

සුපුරුදු පරිදි බමන මතින් බෙර පදයක් ගසා අඩව්වක් අල්ලා කුස්සියට දිව ගිය පුරුෂයා මස් පීරිසියක් ගෙනැවිත් සහචරයන් සමඟ කන්නට විය.

අධික ලෙස මත් වී  සිටි බැවින් මස් හොද්දේ මහ වෙනසක්   කිසිවෙකුට දැනී නැතත් එක් අයෙක්”‍ මොකද බං මේ මස් නිකං දිය රහයි වගේ”‍ යැයි කීය.

එවිට ඔහු ‘‘ඔව් බං, මං හිතන්නෙ මුදලාලිය මට මේ සැරේ බාල කුකුළෙක් දීල තියෙන්නෙ, ඉඳපන්කො මං ඕකට හෙට ගිහින් හොඳවයින් දෙකක් කියන්න”‍ යැයි කියමින් තවත් බෙර පදයක් ගසා වරද්දමින් කවියක්ද කියනු අසා දොර මුල්ලේ විපරමෙන් සිටි බිරිඳ බඩ අල්ලා ගෙන සිනාසුණාය.



අදහස් (0)

බේබදු සැමියා මට්ටු කරන්න බිරය අමුතු කෑමක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 353 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 382 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 619 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 643 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1084 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 909 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 482 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 287 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site