(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
ඉදිරියෙන් වෙට්ටු දම දමා යතුරු පැදිය පදවන කාන්තාව දාසට මහා ඇණයක් විය. තමා පදවන මෝටර් රථය යතුරු පැදියට ඉස්සර කිරීමට ඔහු අවස්ථා කිහිපයකදීම උත්සහා කළත් ඊට ඉඩක් නම් ඇයගෙන් ලැබුණේම නැත.
සිය මෝටර් රථයේ නලාව අවස්ථා කිහිපයකදීම දාස මහ හඩින් ශබ්ද කළේ ඊට මාර්ගයේ ඉඩහසර ලබා ගැනීමටය. නෑසූ කන් ඇති ඇය වගේ වගක් නැතිව යතුරු පැදිය ධාවනය කරමින් සිටියාය. යතුරු පැදියේ දකුණු පස සංඥා එළිය ඔහේ දැල්වෙමින් තිබීම නිසා දාසට මෝටර් රථය ඉස්සර කිරීමට දෙපාරක්ම සිතන්නට සිදුවිය. ඒ යතුරු පැදිය කොයිවෙලේ දකුණට හරවා දැයි නොදන්නා නිසාය.
ආයතනයේ ප්‍රධානියා සහ සෙස්සන් සමග එදා දාස ගියේ වැටලීමකටය. ගමන අතිශයින්ම ඉක්මන්විය යුතුය. නමුත් යතුරු පැදියේ ගමන් ගත් කාන්තාව නිසා තමා අපේක්ෂා කළ වේගයට රිය ගෙනයාමට නොහැකිවූ දාසට යකා නැග්ගේය. අනේ මෙහෙමත් ගෑනු මේ ගෑනිට නෙමේ ගහන්න ඕන මේ යතුරු පැදිය අරන්දුන්නු ගෑනිගේ මිනිහාට යයි දාසට කියවුණේ ඉබේටමය. ඒ ලොක්කාට සහ සෙසු අයට ඇහෙන්නය. ඒ ආපු ආවේගයටය. කාන්තාවන් යතුරු පැදිවලින් ගමන් ගනිත් දී මෙවැනි අත්දැකීම් වැලක් තමන්ට අත්විදීමට සිදුවූ නිසා ඇයට හොඳවයින් දෙකක් කියන්නට දාසට සිතුණේය.
ඔහු කොහොම හරි තමා ධාවනය කරනු ලැබූ මෝටර් රථය යතුරු පැදියට ඉස්සර කළේය. ඒ යතුරු පැදියට යාමට නොහැකි ආකාරයටය. ‘‘ඔහොමද ඕයි බයිසිකලේ යන්නේ’’ අනෙත් ඈයෝ පාරේ යන්නේ නැද්දයි? අසමින් දාස යතුරු පැදියේ යමින් සිටි කාන්තාවට බැනගෙන බැනගෙන ගියේය. තොපිලට නෙමෙයි ගහන්න ඕන මේක අරන් දුන්නු එකාලට යයි දාස වැඩිදුරටත් කීවේය. ඒ එක්කම යතුරු පැදියේ සිටි කාන්තාව එය නවතා හිස් ආවරණය මෙන්ම මුඛ ආවරණය ද ගලවා දාස දිහා බැලුවාය. දෙයියෝ සාක්කි මේ යකඩෝ මගේ භාර්යාව නේ. ළමයි පාසලට එක්ක යන්න එක්ක එන්න මමනේ මේ ගෑනිට බයිසිකලයක් අරන් දීලා පුරුදු කළේ යයි දාසට කියවුණේය.
ඔහුට කර කියා ගන්න දෙයක් නොමැතිවිය. ඒ තමා සමග මෝටර් රථයේ ගමන් ගත් කිහිපදෙනෙකුම සිය භාර්‍යාව හඳුනන බැවිණි.
ඇය තමාගේ යතුරු පැදියේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසා එදා ළමයි ගැනීමට පාසලට ගොස් තිබුණේ යෙහෙලියකගෙන් ඉල්ලා ගත් යතුරු පැදියකිනි. ඒ නිසාම දාසට එම යතුරු පැදියේ ගමන් ගත්තේ තමාගේ භාර්යාව බව අදුනා ගැනීමට නොහැකිවීම නිසා මේ අලකලංචියට මුහුණ දීමට සිදුවිය.
එදා සිට දාස භාර්‍යාව ගේ යතුරු පැදි ගමන නතර කළ අතර දූදරුවන්ගේ පාසල් යාම් ඊම් සදහා පාසල් ප්‍රවාහන රථයකට පැවරුවාලු.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බයිසිකල් මාරුවෙන් ගෙදර නෝනත් පැටලිලා