IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


බූරුපොළට ආ පොලිසියට බයේ බලූ කූඩුවකට පැනලා

බූරු පොළකට පොලිසිය කඩාවදිද්දී දුවන්නට වූ සැකකරුවකු කන්දකින් පහළට පනින අවස්ථාවේදී අසල නිවසක බලූ කූඩුවක වහලයට වැටී එය කඩා වැටී ඒ තුළ සිරවී සිටියදී අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක් සබරගමු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
ප‍්‍රදේශයේ නමගිය බූරුපොළකි. පොලිසියට පැමිණිලි පිට පැමිණිලි ලැබෙන්නේ මෙයින් ජනතාවට කරදර බැවිනි. පොලිසිය නිතර කඩාවැදුනත් පිරිස පලා යන්නේ ඊට කලින් තොරතුරු ලැබෙන නිසාය.
මේ තත්ත්වය  වළක්වන්නට ක‍්‍රියාත්මක වූ පොලිස් පිරිසක් හොර රහසේම කිසිවකුටත් නොදන්වා මේ බූරු පොළ වැටලූහ. පිරිසක් අත්අඩංගුවට පත් වෙද්දී තවත් පිරිසක් පලාගියේ  පොලිස් පිරිස ප‍්‍රමාණවත්  නොවූ බැවිනි. පලාගිය පිරිස අල්ලා ගැනීමට පොලිස් පිරිසෙන් කොටසක් ලූහුබඳිද්දී එක් තරුණයකු  පොලිසියෙන් බේරෙන්නට කන්දකින් පහළට පැන්නේය.
ඔහු පහළින්වූ බලූ කූඩුවක වහලයද කඩාගෙන වැටී සිරවිය. මේ අනපේ්ක්ෂිත සිද්ධියෙන් කලබලයට පත් බල්ලා කූඩුව කඩාගෙන එළියට පැන බුරන්නට වූයේය. නිවෙස අයිතිකරු ශබ්දය බලන්නට ඇවිත් බල්ලා අල්ලාගත්  අවස්ථවේ එහි කඩාවැදුණු පොලිස් පිරිස සැකකරු අල්ලා ප‍්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.
නමගිය බූරු කප්පිතකු වූ ඔහුගෙන් බලූ කූඩුවෙත් බූරු පොළක් තිබුණාදයි අහද්දී දැන් මුවින් නොබැන ඉන්නේ පුරුද්ද අත්හරින්නට බැරි නිසාලූ.



අදහස් (0)

බූරුපොළට ආ පොලිසියට බයේ බලූ කූඩුවකට පැනලා

ජෙෆ් Thursday, 23 May 2013 11:27 PM

මීට වසර ගණනකට පෙර මා කුඩා කාලයේ සිදුවීමක්! අපේ ගමේ ඇට වර්ගයක් යොදාගෙන කරන සූදූ ක්‍රීඩාවේ යෙදෙනවා තරුණයන්. හරියටම ඒ අවස්ථාවල් වලට පොලිස්සියේ සාජන් මහත්තයෙක් කඩා පනිනවා. ක්‍රීඩාවේ යෙදෙන තරුණයෝ පැන දුවනවා. බිම දමා තිබෙන තරුණයන්ගේ මුදල් ඔට්ටු එකතු කර ගෙන සාජන් මහත්තයා සාක්කුවේ දමාගෙන යන්නට යනවා. (නි)

:       0       0

නිමල් පුනාන්දු Tuesday, 21 May 2013 12:39 PM

බලු කුඩුවේ ඉන්න පොලීසියෙන් අවසර ගන්න ඕනෑද? බූරු ගහන්න තහනම් උනාට බලු කූඩුවේ ඉන්න තහනම් නැහැ නේද?(නදී)

:       0       0

අබු ධබි Tuesday, 21 May 2013 03:50 AM

මෙන්න නියම කතාව...අර පහුගිය කලේ දාපු කතා වලට මම අපේ මල්ලිට කියලා කිචි කවාගෙන හිනා වුණේ.මේක නම් හොද කතාවක්. (නි)

:       0       0

දුලාජ් Wednesday, 12 June 2013 11:49 PM

හිර කුඩුව ලොකු හින්දා හොදයි.මොකද බලු කුඩුව ඊට වැඩිය ලොකු නිසා. ඒ මිනිහට දුර පැනලා සම්මානත් ඇති මම හිතන්නේ. (නි)

:       0       0

රුහුනු Tuesday, 21 May 2013 10:09 PM

පොලිස් කූඩුවට වඩා බලු කූඩුව හොද ඇති නේද? (නි)

:       0       0

උපාලි Tuesday, 21 May 2013 07:13 AM

බල්ලාගේ වැඩේ කරන්න බුරුවෙක් ආවා කියලා බල්ලට තරහ ගියා. බල්ලා තමන් බව එයා බුරලම පෙන්නුවා. අසරණ බුරුවව පොලිසියට අල්ලලා දුන්නා. හොඳ නැහැ බල්ලගෙ හැසිරීම. (නි)

:       0       0

දිසානායක Tuesday, 21 May 2013 10:23 PM

ප්‍රිය ඔලිම්පික් වලට බලු කුඩුවට පනින තරගත් තියනවද අපි අදනේ දන්නේ .(නදී)

:       0       0

කිත්සිරි Tuesday, 21 May 2013 08:06 AM

උපාලිගේ විවරණයත් ඉතා රසවත් (නි)

:       0       0

සරත් ද Tuesday, 21 May 2013 10:46 PM

සුදුව අනුමත නොකරමි, එතකොට තට්ටු ගණන් කැසිනෝ මාලිගාවල අරක්කු බිබී ජංගි කොටයක් ගහගෙන නටනවා බලබලා බොරුගහනක එක හොදද? මට හෙතගන්න බැරි පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි හරියක් නායකයෝ රටේ මිනුස්සුන්ට සුදුලුනු පොඩි කර කර මොන ආගමද අදහනේ කියලා?(පහත් තැනින් යයි ගලා ජලේ).(නදී)

:       0       0

හේරත් Tuesday, 21 May 2013 05:34 PM

ඕක නෙවැ අපේ මාමත් කියන්නේ වැරදිච්ච වෙලාවට බලු කුඩුවේ හිටියත් අහු වෙනවා කියලා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 21 May 2013 02:05 PM

බුරුවෙක් සහ බල්ලෙක්... (නි)

:       0       0

චතූ Wednesday, 22 May 2013 12:40 PM

කොහොම හරි ගැලපෙනම තැනට වැටිලා තියෙන්නේ (නි)

:       0       0

දිසානායක Wednesday, 22 May 2013 01:49 PM

ප්‍රභාකරන් ඉන්න කාලේ මෙහෙම කිව්වා. මම ජනතාවගෙන් සල්ලි එකතු කළොත් අල්ලස් ගත්තා කියනවා. උන් එකතු කළොත් ඒවා බදු මුදල් කියනවා.(නදී)

:       0       0

සරත් Tuesday, 21 May 2013 10:43 AM

මල්ලිට කියල කිචි කවා ගන්න එකත් නරකම නැහැ.(නදී)

:       0       0

නිමල් Tuesday, 21 May 2013 10:45 AM

පව් බල්ලා හොඳටම බය වෙන්න ඇති. (ස)

:       0       0

සරත් Tuesday, 21 May 2013 10:56 AM

රසවත්.(ස)

:       0       0

චතුරංග Tuesday, 21 May 2013 11:04 AM

කාලෙකට පස්සේ රසවත් කතාවක්.(නදී)

:       0       0

ප්‍රියා Tuesday, 21 May 2013 11:09 AM

මොහු ඔලිම්පික් යැව්වා නම් වඩා හොඳයි. (ස)

:       0       0

පාරින්ද Tuesday, 21 May 2013 11:29 AM

මටත් ඔහොම දෙයක් වුනා. දවසක් මගේ යාලුවෙක් ලයිෂන් නැතුව යතුරුපැදියක යන ගමන් මට ලිෆ්ට් එකක් දුන්නා. ටික දුරක් යනකොට පොලිසියෙන් නවත්වන්න නියෝග කලාම යාළුවා කරපු වැඩේ නොනවත්වා පලා යාම. නවත්තන්න කියලා මම මොන තරම් කිව්වත් නැවැත්තුවේ නැහැ. පොලිසියත් පස්සෙන්ම ආවා. අතුරුපාරවල් වලත් ගිහින් බැරිම තැන තාප්පයක් ළඟ නතර වෙලා යාලුවා තාප්පෙන් පනිමු කියල පැන්නා. මාත් පැන්නා, වැටුනේ වහලයක් උඩට. එතනින් නතර වුනෙත් නැහැ. වහලේ කඩාගෙන කාමරයක් ඇතුලට වැටුනා. කාමරේ ඉඳලා තියෙන්නේ මුස්ලිම් තරුණියක්. එයා කෑ ගහගෙන එලියට දුවලා. මගේ වෙලාවට මන්නයක් අරගෙන කාමරේට ආවේ මගේ තවත් මිත්‍රයෙක්. අර තරුණියගේ සහෝදරයා. යතුරු පැදිය පොලීසියෙන් රැගෙන ගිය නිසා මගේ අර අනිත් මිත්‍රයට පොලීසියට යන්න වුනා. මාත් ගියා. හොඳ සිංහල පාඩමක් ඉගෙන ගෙන ආවා. (නි)

:       0       0

සම්පත් Wednesday, 22 May 2013 09:20 AM

බලු කුඩුවේ ලගින්න පෙරහුරුවක් (නි)

:       0       0

චතූ Wednesday, 22 May 2013 03:00 PM

එයා ගැලෙපන තැන හොයාගෙනයි ගිහින් තියෙන්නෙ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 431 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 564 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1053 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 890 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2342 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 813 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site