(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
බිරියගේ උපදෙස් මත ගෙවත්තක පින් තකා වෙන් කර තිබූ පොල් ගසක පොල් ගෙඩි හොරෙන් කඩා විකිණීමට ගිය ඇයගේ සැමියාට මුහුණ පෑමට වූ අකරතැබ්බයක් යාපහු පුරවරයේ ගම්මානයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
අක්කර ගණනාවකින් යුත් පොල් ඉඩමකි. ගෙවත්ත තාප්පයකින් වට කර තිබේ. ගෙවත්තේ පොල් කැඩීමේ වාරය එළඹුණු නිසා දෙතුන් දෙනෙකු කුලියට ඒ සදහා කැඳවා තිබුණි.
පොල් කඩන්නන් එම කාර්යය කරදීමෙන් අනතුරුව ගත මනාව ගෙන නික්ම යාමෙන් පසු පොල් ඇහිලීමට තවත් කිහිප දෙනකු කුලියට කැඳවීමට ගෙවතු හිමියා කටයුතු කළේය.
ඒ සඳහා පැමිණියේ කාන්තාවන් කිහිප දෙනෙකි.
ඔවුන් පොල් අහුලන අතරවාරයේ තාප්පයේ වැට සීමාවේ සරුවට පළදාව ඇති පොල් ගස දෙස ඔවුනගේ නෙත ගැටුණි.
මහත්තයා. මෙන්න එක පොල් ගසක පොල් කඩන්න අමතක වෙලා.
පොල් අහුලන්නට පැමිණි කතක් ගෙවතු හිමියාට කීවාය.
ආ.. ඒක ළමයෝ පිනට ඇරලා තිබෙන පොල් ගහක්.
අපි විතරක් පොල් කඩාගෙන කාලා බැහැනේ. සත්තුත් කන්න ඕනෑ නේ.
ඔහු ඇයට පිළිතුරු දුන්නේය.
ඔවුහුද පොල් අහුලා දී මුදල් ගෙන ගෙවත්තෙන් නික්ම ගියහ.
නිවෙසට ගිය කත තම සැමියා අමතා ගෙවත්තේ පිනට වෙන්කර ඇති පොල් ගහේ පොල් ගෙඩි පිරිලා තිබෙන බව කීවේය.
පොල් මිල ඉහළ ගොස් ඇති මොහොතක අවුරුදු සමරන්නට පොල් ටික කඩා ගන්නට සැමියා අපූරු නුවණක් කල්පනා කළේය.
පොල් ගස් නැගීමට හැකි යහලුවෙක් ඒ සඳහා තෝරා ගත්තේය. දෙදෙනා මැදියම් රැයේ කාටත් හොරා තාප්පය අතරින් ගෙවත්තට ඇතුළු වූහ.
පොල් ගෙඩි බිමට වැටෙන්නට නොදී වලු පිටින් ලණුවල ආධාරයෙන් බිමට බෑවේය.
දැඩි අපහසුතා මැද ඒවා තාප්පය අතරින් පිටතට ගත්තේය. පාළු පෙදෙසකට ඔසවාගෙන ගොස් උදැල්ලක් ගෙනැවිත් ලෙලි ගසා උරවලට පුරවාගෙන රහසිගතවම දුර බැහැර ප්‍රදේශයක වෙළෙද සලකට විකිණීම සඳහා පිටත් විය.
මුදලාලි පොල් පරීක්ෂාකර බලා ඒවා පුහු පොල් ගෙඩි බව පැවසීමෙන් අන්ද මන්ද වූ ඔවුනට එලොව පොල් පෙනුණාලු.
මෙම ගෙවත්තේ එම පොල් ගස පුහු පොල් ගසක් නිසා එහි ගෙඩි කැඩීම සිදු නොකරන බව ඔවුනට පසුව වැටහී ඇතත් බිරියගේ උපදෙස් මත පොල් කඩන්නට ගිය සැමියාට අත් වූ අකරතැබ්බය දැන් ගම පුරා ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේලු.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිරියගේ කීමට හොර පොල් කඩලා සැමියාට එලොව පොල් පෙනිලා