උණවටුන ඩී.ජී.සුගතපාල
තරමක් දුෂ්කර ගම්මානයකි. දුෂ්කර වුව ද ගම ලස්සනය. තේවතු මෙන්ම කඳු හෙල් මිටියාවත්වලින් ගහණ මේ ගමට පිටතින් එන සංචාරකයන් බොහෝය. මේ ගමේ ආයතන ප්‍රධානියෙක් විය. විශේෂයෙන්ම බාල පරපුර යහමගට ගැනීමේ බාරදූර වගකීම පැවරී තිබුණේ ඔහුටය. ඔහුට සිටියේ එකම දියණියකි. ඇය ද නගරයේ පාසලක ඉගෙනුම ලැබුවාය. නිවාඩු දිනවල ගමේ අසිරිය නැරඹීමට යෙහෙළියන් ද ඇයගේ නිවෙසට පැමිණීම සිරිතක් විය.
එහෙත් බලාපොරොත්තු නොවූ අවස්ථාවක මෙයට මාස කිහිපයකට පෙර ඔහුගේ බිරිඳත් දියණියත් ඔහු හැර ගියේ තවත් පිරිසක් සමඟ හදිසි අනතුරකට ලක්වීමෙනි. ඔහු පියා සමඟ නිවෙසේ තනිවූයේය. බිරියගේත් දියණියගේත් අවමංගල උත්සවය පවත්වා දින කිහිපයකට පසු ඔහුගේ මිතුරෙක් යෝජනාවක් ඉදිරිපත් කළේය.
“දැන් ඉතින් කල්පනා කරල වැඩක් නැහැ. මම දන්න ගෑනු කෙනෙක් ඉන්නවා. එයා කසාද බැඳපන්” මිතුරා කීවේය.
තව වසර දෙක තුනකින් විශ්‍රාම යාමට සිටින ඔහුද එයට අකැමැත්තක් දැක්වූයේ නැත. ඒ අනුව බිරියගේත් දියණියගේත් තුන් මාසයේ දානය දීමටත් පෙරම දෙවන විවාහය ලියා පදිංචි කළේය. අලුත් බිරිය ඔහුට වඩා අවුරුදු විසි තුනකින් බාලය. මේ සම්බන්ධයෙන් පවුලේ අය විමසූවිට ඔහු කිවේ ගේ දොර ඉඩකඩම් රැකබලා ගැනීමේ අවශ්‍යතාවක් තිබෙන බවය.
එහෙත් සිදුවූයේ කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ දෙයකි. ඇය කලින් විවාහවී සැමියා අතහැර සිටින කාන්තාවකි. ටික දිනක් යනවිට ඇය තම දරුවාද සහෝදරයින්ද ඇතුළු පවුලේ අයද එම නිවෙසට කැඳවා ගත්තේය.
ඔහු අසරණ විය. දැන් ගේ දොර ඇතුර්‍ළු සියල්ල ඇයගේ අත්අඩංගුවේය. තවදුරටත් තම නිවසේ සිටීමට බැරිවූ ඔහු පියා සමඟ වෙනත් නිවසකට පදිංචියට ගියේය. ඒ සම්බන්ධයෙන් ගමේ පොලිසියේ පැමිණිල්ලක්ද කළේය.
පසුව බහු විවාහයක් සිදුකර ගැනීම සම්බන්ධයෙන් ඔහු ඇයට විරුද්ධව ගාල්ල පොලිසියට ද පැමිණිල්ලක් කළේය. බිරිය සහ දුව මියගොස් මාස එකහමාරකට පසු කරගත් නුසුදුසු විවාහයක් නිසා පීඩා විඳින ඔහු දැන් නීතියේ පිහිට පතමින් සිටී.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිරියගේ තුන්මාසෙ දානෙටත් කලින් ගෙනා අලුත් මනාලිට ගේත් සින්නවෙලා