සැමියා ඉදිරියේ රඟපාන බිරියගේ හැඳියාව අසුවීමෙන් ඇයට උන්හිටි තැන් අමතක වූ පුවතක් රජරටට අයත් එච් 9 මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට ලැබුණි.
සැමියා පෞද්ගලික ආයතනයක රැකියාවක නියැලෙන්නෙකි.
දිනපතා සේවයේ නියැලී උපයන වැටුපෙන් බිරියත් දරුවාත් රැක ගැනීමට වෙහෙසෙන ඔහු පෙම් සබඳතාව මත හඳුනාගත් ඇයට පණ මෙන් ආදරය කළේය.
බිරිය කෙරෙහි විශ්වාසය තබා ඇති ඔහු නිවසේ කටයුතු ඇයට බාර දී ආයතනය තුළම රැඳී සිටි අවස්ථා ද තිබුණ අතර ඉදහිට ඔහු යහඵවන් ද කැටුව නිවසට පැමිණියේය.
ඒ අතරේ මත්පැන් තොළ ගෑමට ද එක්වෙන අවස්ථාවල දී ඔවුනට සප්පායම්වීමට අවශ්‍ය දේවල් බිරිය සකසා දුන්නාය.
කාලය කෙමෙන් ගෙවී ගියේය. ඔහු අසනීප වී නිවසේ රැදුණේය. ලියුම්කරුවා ලිපියක් රැගෙන නිවෙසට පැමිණියේය. ලියුම ඔහු අතට ගත්තේය.
බිරිය පැමිණියාය. ලියුම ඉල්ලා ගත්තාය. තම අම්මා එවා ඇති ලිපියක් ඇය කියවාගෙන ගියාය. ඔහු අසා සිටියේය. ඇය සැමියා ඉදිරියේම අම්මාට පිළිතුරු ලිව්වාය. එය පසුදින තැපෑලටත් දැම්මාය. ඒ ඔවුනට දුරකතන පහසුකම් නැති නිසාය.
දිනක් ඇය නැති අතරේ එවැනි තවත් ලිපියක් ලියුම්කරු ගෙනාවේය. එය බිරියට හොරෙන් ඔහු රැගෙන ඔහුගේ ඥාති පාර්ශවයක් වෙතට ගියේය.
ඇය ආයතනයේ සේවකයකු සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යන තතු එවිට හෙළිකර ගත්තේය.
සැමියා අකුරු නොදන්නා බව වටහා ගත් ඇය සැමියා නොමඟ යවමින් එළිපිටම රඟ දැක්වූ ජවනිකාව අනියම් පෙම්වතා සමග නගරයට ගොස් සිටි ඇයටත් කෙසේ හෝ හෙළි විය.
හැංගි හැංගි වෙස් බැන්දන් එළිමහනේ නටන්නට නොව ගුටි කන්නට ඇති බිය නිසා ඇය නිවහන බලා නොපැමිණියාය. ඇය අම්මාගේ නිවස බලා ඇදිවත පිටින්ම පියනැගුවේ අන් සරණක් නොවූ හෙයිනි.
මේ සිද්ධිය සැමියා සේවය කළ ආයතනයට ද දැන ගන්නට ලැබුණි. ඔහු නිවාඩු නිමවා වැඩට ගියේය. එදින ඔහුගේ ගජ මිතුරා ද අතුරුදන්ය. ඒ විවාහක යුවළකගේ පෙම් කැඳැල්ල කඩා දැමීමේ පාපයට දඬුවම් ලැබීමට ඇති බිය නිසාලු.
බිරිය නැති සැමියා ආයතනයට නොඑන ගජ මිතුරා සොයා එම නිවසටත් ගියත් ගජ මිතුරා නොසිටියේය. සිද්ධිය දැන ගත් ඔහුගේ විවාහක බිරියත් තම මව් පිය ඇසුර බලා නික්ම ගියේ ඒ තම සල්ලාල සැමියාට ප්‍රසිද්ධියේම දොස් නගමිනි.
2025 දෙසැම්බර් මස 04
766
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිරියගේ රංගනය ලියුමකින් මාට්ටුවෙලා