තමා නැති අතරේ තම රූමත් බිරිය බැලීමට කිසියම් පුද්ගලයකු පැමිණ ඇතැයි සිතා මුර්ති ප්‍රතිමාවකට රැවටී අකරතැබ්බයකට මුහුණ පෑ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි.
හෙතෙම නිවසේ සිට දුර බැහැර ප්‍රදේශයක කාර්යාලයක සේවය කරන පුද්ගලයකි. ඔහු විවාහකයෙකු වන අතර, එකම පුතු 18 හැවිරිදි හෙතෙම තම ගෙවත්ත අලංකාර අන්දමින් පවත්වාගෙන යාමට දැඩි උනන්දුවක් දැක් වූ අතර මවගෙන්ද ඊට නොමද සහයක් ලැබිණි.
මෙම මව වයසට වඩා ළබාල පෙනුමෙන් යුත් රූමත් කාන්තාවක විය. මේ නිසාම දකින කියන බොහෝ අයගේ සිත් ඇය කෙරෙහි යොමු විය. ඇයද ගමෙහි සියලු දෙනා සමඟ කුළුපගව ජීවත් වූවාය. මේ නිසා සමහර අය මැය දෙස බැලුවේ අමුතු බැල්මකි. එය සැමියාට නුරුස්සන සුළු විය. මේ නිසා ම ඔහු ඇය ගැන සැකයෙන් බලන්නට විය.
දිනපතා රැකියාවට යන මොහු නිවසට පැමිණෙන්නේ තරමක් රෑ බෝවන විටය. ඒ එන විට තම යහළුවන් සමඟ මධු විත බිඳක් පානය කිරීමට ඔහු අමතක කළේ නැත.
දිනක් තම සේවය නිමකොට නිවසට පැමිණි ඔහු මඳ අඳුරේ ගෙවත්තෙහි කිසියම් පුද්ගලයකු සිටින බවට ඡායාවක් දැක කලබලයට පත් වූයේ, තම බිරිඳ හමුවීමට කවුරුන් හෝ පැමිණ ඇතැයි යන සැකය නිසාය. කලබල වූ ඔහු කවුද ඔතන මොකද කරන්නෙ යනුවෙන් ඇසීය පිළිතුරු නොවු හෙයින් තවත් වරක් එසේ ඇසීය.
එයටත් පිළිතුරු නොලැබුණු නිසා කෝපයෙන් ඉදිරියට පැන එම පුද්ගලයාගේ පපු පෙදෙසට වේගවත් පහරක් එල්ල කළේය. තද දෙයකට අත වැදීමෙන් ඇති වූ වේදනාවත් සමග කෑ ගසාගෙන ඔහු බිම ඇද වැටුණේ එතැන සිටි තැනැත්තාත් සමගිනි. මෙම ශබ්දය ඇසුණු බිරිඳ එතැනට දුවගෙන ආ අතර, ඇය දුටුවේ එදින තම පුතා ගෙවත්ත අලංකාරය සඳහා ගෙනවිත් සවිකර තිබූ මාළු බිලීබාන රුවක් ඇති කොන්ක්‍රිට් පිළිරුව සමග තම සැමියා බිම ඇද වැටී සිටින අයුරුය.
තම පුතාගේ ද සහාය ඇතිව සැමියා නැගිටුවා ගත් ඇය සිදුවූ දෙය අසා මවිතයට පත්විය. සැමියාගේ ද ඉහමොළ රත් වූයේ හදිසි කලබලය නිසා තමාට සිදු වූ අකරතැබ්බය නිසාය. දෙකට කැඩී ගිය පිළිරුව දෙස ද බැලූ ඇය දකුණු අතේ අස්ථියක් බිදී ගිය සැමියා වෛද්‍යවරයකු ළඟට කැඳවාගෙන ගියේ කිසිවක් හරිහැටි නොසොයා මින්මතු වැඩ නොකරන ලෙස තම සැමියාට අවබෝධ කර දෙමිනි.
කඹුරුපි්ටිය විශේෂ - කේ. අජිත්
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිරියට දැල දාන්න ආ ‘ධීවරයාට’ තඩි බා රෝහලේ