IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


බිරියට හොරෙන් මිතුරියට මුදල් දෙද්දී මාට්ටු

සාමාන්‍ය ඇඳුමින් සැරසුණු මැදිවියේ අයෙක් තරුණ පෙනුමැති කාන්තාවක සමග රජරට ප‍්‍රධාන නගරයක ආයතනයකට ගොඩවැදුණේය. එහි අඹ ගස් සෙවණ යට යතුරුපැදිය නවතා කාන්තාවද සමග ඔහු එහි ඇතුළට ගොස් ගනුදෙනු කළේය.
ඔවුහු මුදල් ගනුදෙනුවකින් පසුව පිටතට පැමිණියහ.  මැදිවියේ පුද්ගලයා මෝටර් සයිකල් ආරක්ෂිත හිස්වැසුම ද පැළඳ තමන් සමග ආ කාන්තාවද කැටුව ආපසු යාමට සැරසුණේය.


විනාඩියක්වත් ගතවූයේ නැත. කාන්තාවක් කඩිමුඩියේම එහි ගොඩවැදුණාය. ඇය කෙළින්ම ගියේ මැදිවියේ පුද්ගලයා අසලටය. ඇය ඒ පුද්ගලයාට ඉවක් බවක් නැතිව දිගට හරහට පහර දුන්නාය. ආරක්ෂිත හිස්වැසුම පැළඳ සිටි නිසා පුද්ගලයාගේ ඔළුවට පහරදීමට ඇයට අසීරු විය. එය ගලවන ලෙස කාන්තාව ඔහුට අණ කළාය. ඔහු එය ගැලවූයේ නැත. සෙසු ගනුදෙනුකරුවෝ අන්දමන්ද වූහ. මේ සිදුවන්නේ කුමක්දැයි ඔවුන් තේරුම් ගත්තේ පහරදුන් කාන්තාවගේ වාග් විලාශයෙනි.


මේ කාන්තාව පහරකෑ පුද්ගලයාගේ නීත්‍යනුකූල බිරියයි. ඇය තම තරුණ දියණියන් තිදෙනාද සමග අනුරාධපුරයේ වන්දනාවට පැමිණ සිටියදී තම සැමියාගේ මිතුරියක සමග බැංකුවට පැමිණ සිටින බව ඇයට දැනගැනීමට ලැබී ඇත. සැමියාට නිසි පාඩමක් ඉගැන්වීමට සිතා ඇය ඔහුට පහරදුන්නාය.


පහරදීම වැළැක්වීමට ආයතන ආරක්ෂකයෝ ඉදිරිපත් නොවූහ. ඒ වෙනුවට ඔවුන් කළේ පොලිසිය කැඳවීමයි. පොලිසිය පැමිණි පසු මැදිවියේ පුද්ගලයා තමන් සමග ආ කාන්තාව කැටුව එම ආයතයෙන් පිට වී ගියේය.
ගුටිබැට හුවමාරුව ගැන රාජකාරියක් කළ බවක්ද දැනගන්නට නැත.



අදහස් (0)

බිරියට හොරෙන් මිතුරියට මුදල් දෙද්දී මාට්ටු

සුරංග Friday, 02 August 2013 01:14 PM

මහත්ය විතරනේ මාට්ටු උනේ. නෝනා මොකටද හදිස්සියේ ඔය තැනට ගියේ ? (අ)

:       0       0

රූපවතී Friday, 02 August 2013 01:22 PM

මේකට මුකුත් ලියන්න හිත එකළස් කරගන්න බැහැ. අද උදේ දුටු ප්‍රවෘත්ති වලට හිතට හරිම දුකයි (නි)

:       0       0

වරුණ Friday, 02 August 2013 01:23 PM

මටත් කියන්න තියෙන්නේ සරත් කියපු එක තමයි. වෙන මනුස්සයෙක් නම් නෝනට නෝනගේ දන්ත සුත්තරේම අතටම දෙනවා (නි)

:       0       0

කුමාර Friday, 02 August 2013 07:47 PM

මට නම් හිතෙන්නේ අර සල්ලි ගත් ගැහැනු කෙනාම තමයි අර මහත්මයාගේ නෝනට පණිවිඩේ දෙන්න ඇත්තේ. අඹු සැමියෝ වුණහම හොර රහස් හොඳ නැහැ.විවෘත බව තිබිය යුතුයි. (නි)

:       0       0

උපාලි Friday, 02 August 2013 01:24 PM

ඔය මෝටර් බයිසිකල් පදින කට්ටිය මේක හොඳ ආදර්ශයකට ගන්න. පේනවා නේද අනතුරක් වෙන්න යන වෙලාවට ජීවිතාරක්ෂාවට හෙල්මට් එක කොයිතරම් ප්‍රයෝජනවත්ද කියලා (නි)

:       0       0

සරත් Saturday, 03 August 2013 06:10 PM

චන්දා ,ඇයි අහලා නැද්ද පුරාණයේ වගේම ලංකාවේ පුරාණම රැකියාව කරන වැඩිම දෙනෙක් ඉන්නේ ඔය අඩවියේ කියලා! (නි)

:       0       0

ආනන්ද Saturday, 03 August 2013 06:17 PM

අනේ මෙහෙමත් දේවල් (දී)

:       0       0

හේරත් Wednesday, 07 August 2013 03:19 AM

බිරියට හොරෙන් මිතුරියට හාදු දෙද්දී මාට්ටු වුණා නම් මොකද වෙන්නේ? (නි)

:       0       0

කාන්ති Monday, 05 August 2013 10:01 AM

තරුණ දුවරු ඉන්න තාත්තලා කරන වැඩද මේවා. (නි)

:       0       0

ආනන්ද ආර් Monday, 05 August 2013 07:53 PM

පිරිමියකු කාන්තාවකට කුමන අවස්තාවක හෝ උදවු කිරීම නොහොබිනා දෙයක් ලෙස දකින්නෙත් කාන්තාවන්මයි. වාසනාවකට වගේ පිරිමින් අතරේ ඔය කුහකකම ගොඩක් දුරට අඩුයි. (මම කිව්වේ වැරදි වැඩ කරන පිරිමි ගැන නොවෙයි. අවංකවම කෙනෙකුගේ අපහසුතාවයකදී උදවු කරන පිරිමි ගැන) (නි)

:       0       0

චන්දා Sunday, 04 August 2013 03:26 PM

සරත් ඒ යුද්දේ කාලේ... (නි)

:       0       0

හේරත් Wednesday, 07 August 2013 05:34 AM

දත් කුට්ටම අතට අරන් කම්මුල් ගායට අලි හක්ක බේතට හොයන්න යන්න තිබුනා (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 04 August 2013 10:57 AM

නිල්මිණි පනින රිලවුන්ට ඉනිමන් තියනවද?

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Friday, 09 August 2013 01:09 AM

ෂෙරිෆ් මහත්තයට ප්‍රශ්නේ හරිම බරපතල වෙලා. මෙයා හත් දෙනෙකුගෙන් ගුටි කනවා.(නදී)

:       0       0

ලලිත්- Saturday, 03 August 2013 07:45 PM

දන්නේ නැති හින්ද අහන්නේ පිඉමියෙකුට ගැහැනියකට සල්ලි දෙන්න බැරිද මේ වගේ ප්‍රසිද්ධ තැනක ?? ආරක්ෂකයෝ ඉල්ලලා අස්වෙන්න ඕන. හැබැයි ඕක ලැගුම් හලක හෝ හොටෙල් එකක උනානම් කතාව ටිකක් හිතල බලන්න වෙනවා. (දී)

:       0       0

නිල්මිණි Friday, 02 August 2013 02:10 PM

එතකොට පිරිමි කෙනාට කියන්න තිබුනේ ඔයාට මාලේ අරන් දුන්නේ මෙයාගෙන් ගත්ත ණය මුදල් වලින්, ඒක දෙන්න තමා මේ ආවේ කියලා (නි)

:       0       0

මීනු Friday, 02 August 2013 02:28 PM

හොද වැඩේ. ගහලා මදි (නි)

:       0       0

බාතනේ Friday, 02 August 2013 02:29 PM

මහත්තයා යුතුකමක් ඉටුකරන්න ගිහින් මිසක් අයුතු දෙයක් කරන්න ගිහින් නැහැ (නි)

:       0       0

සරත් Tuesday, 06 August 2013 07:46 PM

මේ නිල්මිනිම වෙන්න බැරිද? (අ)

:       0       0

ඕපා දූප Friday, 02 August 2013 02:58 PM

අපේ ගමේ නම් මේවට කියන්නේ ඕපා දූප කියලා. (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 02 August 2013 03:18 PM

අපේ රටේ වර්තමාන බිරින්දෑවරු හරිම නරකයි. තම ස්වාමි පුරුෂයාට පිනක් දහමක් කරගන්න දෙන්නෙත් නැහැ. කාන්තාවකට සහ තරුණියකට මුදලින් උදව් උපකාර කිරීම කොතරම් වටිනා පිනක්ද? ඇයි දෙයියනේ මේ ගැහැනු මේවා තේරුම් ගන්නේ නැත්තේ. (නි)

:       0       0

බි සෙනෙවි Tuesday, 06 August 2013 02:32 PM

දැන් ඉතින් මොකද කරන්නේ.නගරෙත් ගමත් ගෙදරත් වනසගත්ත වගෙඉ මට පෙන්නේ. විසදගෙන ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ පවුල රැක ගන්න උත්සාහ කලොත් තමයි හොඳ..වයසට ගියාම තේරෙයි .

:       0       0

සරත් Friday, 02 August 2013 11:18 AM

මහත්තයා මහත්මයෙක්ම බව නෝනා මහත්මය දන්නවා ඇති. (ස)

:       0       0

හේරත් Sunday, 04 August 2013 04:41 AM

මාට්ටු වෙලා ඔහොම බේරුනා... (නි)

:       0       0

චන්දා Saturday, 03 August 2013 01:33 PM

රන්සින් දෙයියන්ගේ අඩවිය අනුරාධපුරය, මහා හාස්කම් තියෙනවා. පේනවා නේද ?

:       0       0

චන්දා Saturday, 03 August 2013 01:40 PM

එතකොට නිල්මිණි නංගිට දැන් මාල කියක් තියෙනවද?

:       0       0

චන්දි Friday, 02 August 2013 04:23 PM

මේක නම් පිස්සු හැදෙන කතාවක් (නි)

:       0       0

සරත් Saturday, 03 August 2013 02:19 AM

පහුගිය දවස්වල පත්තර වලින් දැක්කානේ මෙතුමියන්ගේ ගණන් හිලව්! ඉතින් මේ මහත්තයාටත් වෙලා තියෙන්නේ අදාළ ගාස්තුව ටික ටික ගෙවීමේ ක්‍රමයට පියවන්නයි. දන්නවනේ ඉතින් ගෙව්වේ නැත්නම් මීට වඩා ගුටි කන්න වෙන බව (නි)

:       0       0

පීටර් Friday, 02 August 2013 11:54 AM

පරණ ණයක් ගෙව්වා වෙන ඇති! බිරියට හොරෙන් ගෙවන්න ආපු එක තමයි හොඳ නැත්තේ! (ස)

:       0       0

මාධවී Tuesday, 06 August 2013 06:58 AM

ආනන්ද, නොහොබිනා අදහසකින් තොරව කාන්තාවකට උදව් කරන්නේ පිරිමින්ගෙන් 25% පමණි.මේ බව නොදන්නේ කාන්තාවන්ගෙන් 75% පමණි. සමාජයේ මෙපමණ කාන්තාවන් ප්‍රමාණයක් අමාරුවේ වැටෙන්නේ ඔන්න ඔය දහම තේරුම් ගන්න බැරි වීමෙනි.කුහකකම නොවේ මේ තමා යථාර්තය. (නි)

:       0       0

ශශීමාල් Tuesday, 06 August 2013 03:39 PM

නිල්මිණි නම් ඇති කෙනා මොකද පිරිමියාගේ පැත්තට කතා කරන්නේ? (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 06 August 2013 07:10 AM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතෙ වර්ගයේ සැමියෙක්ද දන්නේ නැහැ (නි)

:       0       0

එල්.ගුණවර්ධන Wednesday, 07 August 2013 07:52 PM

ඇයි නිල්මිණි ඔය තරම් නපුරු ඒ මනුස්සයාගේ සල්ලිත් අරන් ඒ මනුස්සයට තඩිබාන හැටිත් බලාගෙන හිටියනේද .

:       0       0

චන්දා Tuesday, 06 August 2013 04:41 PM

හොර වැඩ එපා කියන්නේ ඕකනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 479 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 598 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1063 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 894 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2348 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 819 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 312 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site