බිරිය මියගිය සැමියා රෝගාතුරව රෝහල් ගතව ප්‍රතිකාර ලබා නිවසට එනවිට ඔහුගේ දෙවැනි විවාහක තරුණ බිරිය තමන් ගෙනා දෑවැදිත් රැගෙන නිවසින් අතුරුදන් වූ පුවතක් යාපහුව රාජධානියට අයත් ගම්බද පෙදෙසකින් අසන්නට ලැබුණි.
ඔහු රාජ්‍ය සේවාවේ පරිපාලන තනතුරක් දැරූවෙකි. විවාහක පළමු විවාහයේ බිරිය ද රජයේ රැකියාවක නිරතව සිටියාය. ඔවුන්ට දාව දරුවන් තිදෙනෙකි. ඔවුන් තිදෙනාද රජයේ ඉහළ නිලතල හොබවති.
එම දරුවන් ද විවාහ වී ඔවුහු දරු මල්ලන් සමග පිටත වාසය කරති. ඔය අතරේ පියා හා මවද සේවයෙන් විශ්‍රාම ගියහ.
දෙදෙනාම විශ්‍රාම සුවයෙන් පසුවෙන අතරවාරයේ බිරිය හදිසියේ රෝගිව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගියාය.
නිවසේ තනිවූ සැමියා විශ්‍රාම වැටුප ගැනීමට යන එන අතරවාරයේ කඩවසම් රූමත් කතක් ඔහු නෙත ගැටුණි. ඇය තනිකඩය. මැදිවිය ඉක්මවා ඇත. ඔහු නිවසේ තනිය මකන්නට ඇයට ගෙනා යෝජනාවටද ඇයද එක පයින් කැමැති වූවාය.
සැමියාගේ දරුවන්ට හොරෙන් නවක සහකාරිය එම නිවසට පැමිණ එහි නැවතුනාය.
ඇය එනවිට නිකම්ම ආවේ නැත. ඇය තනිව විසූ නිවසේ තිබූ සියලු බඩු මුට්ටු ද දෑවැදි ලෙස ගෙන ආවාය. දෙදෙනා සතුටින් එහි වාසය කරන අතරේ සැමියා ද හදිසියේ රෝගි වූයේය. ඔහු රෝහල් ගත කරනු ලැබීය.
රෝහලේ සිටි පියා බලන්නට දරුවන් පැමිණි දිනෙක ඔවුහු තම මහ ගෙදරට ද පැමිණියහ. නවක කුඩම්මා දැක කරුණු අසා ඔවුහු පුදුම වූහ.
පසුදින දරුවෝ නැවත පියා බලන්නට යාමට සැරසුනහ. ඒ අවස්ථාවේ ඔවුහු කුඩම්මා ඇමතූහ.
‘‘අපි තාත්තා බලලා ගෙදර එනකොට ඔහේට මේ ගෙදර ඉන්න බැහැ. හිටියොත් වෙන දේ බලා ගන්න පුළුවන්’’යි කියා ඔවුහු නික්ම ගියහ.
පියා රෝහලේ වාට්ටුවෙන් ටිකට් කපා ඇත. දරුවෝ පියා කැටුව ගෙදර එති. ඒ වෙලාවේ නවක බිරිය ගෙදර නැත. දරුවන්ගේ තර්ජන හමුවේ ඇය ගෙනා දෑවැදිත් රැගෙන පලා ගොස් ඇති බව වටහා ගත් පියා ඒ ගැන කිසිත් නොකියා ඇඳ මත දිගා වුණේ තවමත් අසනීපය නිට්ටාවටම සුව වී නැති නිසාලු.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිරිය මියගිය සැමියා ෙරා්හලේ සිටියදී නෑඹුල් මනාලියයි දෑවැද්දයි අතුරුදන්