IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


බලාගන්න දුන් මෝටර් රිය අයිතිකරුම හොරෙන් අරන් ගිහින්

අලූත්ම මෝටර් රථයක් රාති‍්‍ර නවයට පමණ මාර්ගයේ වේගයෙන් පැමිණ ඉද්ද ගැසුවාක් මෙන් නතර විය. කඩවසම් තරුණයෙක් සමග තරුණියක් රථයෙන් බැස පිටුපස රෝදය පරීක්ෂා කරන්නට වූහ. අසල ආයතනයේ සේවයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරින්ව දුටු තරුණයා ඔවුන් අමතා, ”පැච් එකක්. රෝදේ ගලවලා හදාගෙන එනකන් පොඞ්ඩක් බලා ගන්න පුළුවන්ද? ඒකට මම ඔයාලට ගෙවන්නම්” යැයි කීය.

”හරි සර් අපි බලාගන්නම්” යි පැවැසූ ආරක්ෂක නිලධාරියෙක් රෝදය ගැලවීමට උදව් වුවාට පසු තරුණයා සහ තරුණිය බජට් ටැක්සියකින් පිටත් වූහ. ආරක්ෂක නිලධාරින් තිදෙනාගෙන් දෙදෙනෙක් රාජකාරියේ යෙදී සිටි අතර රාජකාරියේ නොයෙදුනු අනෙකා, ”ෂුවර් එකටම හොඳට බර තියෙන පොරක් දැක්කද දාගෙන හිටපු රත්තරං මාලේ. කඹයක් වගේ. අඩුම ගානේ අපිට රුපියල් දාහක්වත් දෙයි” යැයි පැවැසීය. පැයක් ගතවිය.

මේ අතර රාති‍්‍ර සංචාරක නිලධාරියා පැමිණෙනු දුටු දෙදෙනා වහා තම රාජකාරි ස්ථානවලට ගියහ. තොරතුරු ලේඛනයේ සටහන් යෙදු ඔහු අඩ හෝරාවකින් පිටව ගිය විට ආප්ප රැගෙන පැමිණි මිතුරකු, ”සර් කීයක් දුන්නා දැ”යි විමසීය. ”මොන සර්ද?” අයෙක් ඇසූවිට, ”ඇයි බං කාර් එකේ බොසා කීයක් දීලා ගියාදැයි නැවතත් විමසීය. මෑන් ආවේ නැහැ. මිතුරෝ කීහ. ”එහෙනම් කෝ කාරෙක?” යැයි විමසූ විට අනෙක් දෙදෙනාට තරු පෙනුණි. පාරේ තිබූ මෝටර් රථය පිටවගොස් තිබිණි.

 

 



අදහස් (0)

බලාගන්න දුන් මෝටර් රිය අයිතිකරුම හොරෙන් අරන් ගිහින්

රූපවතී Tuesday, 17 September 2013 09:42 PM

අනේ කවුරුහරි පුලුවන් නම් මටත් ටිකක් කිති කවලා දුවන්නකෝ... හිනා යන්නෙම නැහැනේ (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 17 September 2013 10:07 AM

ඔය මොනවා කිව්වත් ඔය තුන් දෙනාගෙන් කාටහරිම සල්ලි දීලා තමයි ඒ මනුස්සයා ගිහින් තියෙන්නේ. අනෙක් අයටත් පංගුව දෙන්න වෙයි කියලා බයට බොරු කියනවා. ආයතනයේ නවත්වල තිබුණු කාර් එක අරන් යනකන් දන්නේ නැති ආරක්ෂකයෝ මුළු ආයතනයම උස්සගෙන ගියත් දන්නේ නැතිවෙයි. අනෙක සද්දයක් නැතිව කාර් එකක් යනවා නම් ඒක පාපැදියක් වෙන්න ඇති. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 17 September 2013 10:10 AM

වාහනය බලා ගන්නවා කිව්වට ආපහු එනකොට කවුරුවත් වාහනේ ළඟ නොහිටපු නිසා රෝදෙ දාගෙන යන්න ඇති. (නි)

:       0       0

මනෝජ් මොරටුච Tuesday, 17 September 2013 10:29 AM

උදවුවක් කර ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවිමත් වැරදියි. උදවුවක් කළ අය මගහැර යාමත් වැරදියි. කවුද හරි? (නි)

:       0       0

ලලිත්- Tuesday, 17 September 2013 03:55 PM

අපරාදේ අර රාත්‍රී සංචාරක නිලධාරියා නිසානේ ගතමන්ට් එක නැති උනේ ඒ නිසා ඒ අයට අල්ලාගෙන ගහන්න තිබුනේ. ඕව අපේ රටේ සුළු දේවල් නේ. (අ)

:       0       0

සරත් Tuesday, 17 September 2013 10:30 AM

කරිජ්ජ තිබහට බොන්න බැහැනේ මල්ලියේ. (නි)

:       0       0

චන්දි Wednesday, 18 September 2013 11:22 AM

පහන් !! කොහොමද ගැහැණුන්ගේ මොලේ (හැඳි මිටේ තරම්ද ) මොනා වුනත් ඔයාගේ කතා නම් නියමයි හරිම ආසාවෙන් කියවන්නේ.තව ලියන්න හොඳේ .. කටා මාමේ, අර කතාවේ එන සිකුරටි මාමා ඔයාවත්ද ...?මිනීවල බෙදා ගනන්නවයි කියලා දිව්වේ ඔයාද අය්යෝ !!!! (ස)

:       0       0

ෂෙරිෆ් Tuesday, 17 September 2013 10:47 AM

ඇත්තටම කවුද මේ කාර් එකේ හිටපු කපටි ජෝඩුව? අනේ අපේ ලංකාදීප පුවත් පතට අදහස් ලියන අය පොඩ්ඩක් විපරම් කරලා බලන්නකො. (නි)

:       0       0

චාල්ස් Wednesday, 25 September 2013 03:41 PM

අපොයි... මේ මගේ කතාව නේ... ඉතින් මං ඔතන හිටපු කළු මහත කෙනාට සල්ලි දීලයි ගියේ... (ස)

:       0       0

මලිති Thursday, 19 September 2013 04:43 AM

පහන්, ෂෝක් කතාව. ස්තුතියි. නියම අදහසක්. අනිත් දවසේ මටත් අත්හදා බලන්න පුළුවන් (නි)

:       0       0

කුසුම් Thursday, 19 September 2013 05:03 AM

පහන් කියූ වයින් කතාව නම් හොඳයි. මිනිහා පොලිසියට ඇත්ත කතාව කිවුවොත් නම් නියමයි. ඩිකියේ වයින් බෝතල් දමා රිය පැදවූ රූමතියේ, ඔබේ ඇඟිලි සලකුණු කෙලෙසද ආවේ බෝතලයට? (නි)

:       0       0

පෙත්තා Friday, 04 October 2013 04:32 AM

මහත්තයා පැච් එක දාන්න යනකොට නෝනා කොහෙද හිටියේ. මාර ජංජාලයයි. (නි)

:       0       0

ශාන්ති Friday, 20 September 2013 01:42 AM

කටා මාමා ඔබේ කතාවට මම කැමැතියි.(නදී)

:       0       0

දුම්මලසූරිය. Tuesday, 17 September 2013 11:49 AM

මනුස්සයෙකුට කරදරයකදී උදව්වක් කරලා එයට ප්‍රතිඋපකාර බලාපොරොත්තුවෙන එක කැතයි...ලංකාවේ අද වනවිට මිනිස්කම් කොච්චර හෑල්ලු වෙලාද කියනවා නම් උදව්වට ප්‍රතිඋපකාර නොකළැයි චෝදනා කරලා.අහෝ රටකට ගිය කලක්! (නි)

:       0       0

දුම්මලසූරිය. Tuesday, 17 September 2013 11:54 AM

වාහනේ ගෙනගියේ වාහන හිමියානේ....ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. නමුත් "අපි යනවා.....වාහනේ හදාගත්තා..බොහොම ස්තුතියි" කියලා ගියා නම් තමා හොද....... (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Tuesday, 17 September 2013 12:24 PM

අපි ගැනත් මොනවා හරි ලියමුකෝ (නි)

:       0       0

සරත් Tuesday, 17 September 2013 05:56 PM

අපි හිතුවේ රූපවතී අක්කා වින්නඹු විභාගයට පාඩම් කරන්න යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ලා කියලා. (නි)

:       0       0

කුමාරි හාමි Tuesday, 17 September 2013 05:59 PM

මට නම් හිතුනා, දිසා වැවලඟට වෙලා රූපවතී නාන හැටි බලාගෙන ඉන්නකොට කොයි වෙලාවේ හරි ඕක අරගෙන පනිනවා කියලා. මම කොච්චර සෙල්ලම් දැම්මත් නිකන්වත් මා දිහා බලන්නේ නැහැ. හොදම වැඩේ.(නදී)

:       0       0

මොහාන් Thursday, 19 September 2013 05:47 PM

පහන් කියපු කතාව සිද්ධ වුණා. රටේ මතට තිත නැහැ වගේම ලංකාවේ නම් ගැහැනුන්ට ඔය සෙල්ලම් දාන්න බැහැ. මෙහෙ වාහන ඩිකියෙන් හම්බවෙන්නේ කසිප්පු (නි)

:       0       0

සෑම් Tuesday, 17 September 2013 01:57 PM

එතන හිටපු සිකුරුටි ගාඩ්ට රුපියල් 500ක් දීලා යන්න ඇති අනිත් කෙනාටත් දෙන්න කියලා...... (නි)

:       0       0

කටා මාමා Wednesday, 18 September 2013 08:40 AM

දවසක් හොරු දෙන්නෙක් කළුවරේ පුවක් මන්ඩියකින් හොරෙන් ගෝනියක් පිරෙන්න කඩාගෙන අරන් යනගමන් පාලු සොහොන් පිටියකට තාප්පෙන් පැනලා පුවක් ටික දෙන්නට බෙදා ගන්නවලු, හීන් හඩින් උඹට එකයි මට එකයි කියමින්, මේ ජාමේ ඒ අසල දෙවට පාරේ වැඩ ඇරිලා ගෙදර යන සිකුරිටි මල්ලියෙක් මේක ඇහිලා දුවලා පණ කඩාගෙන, දුවද්දී පොලිසියේ රාළහාමිට අහුවෙලා, සොහොනේ යක්කු මළමිනී බෙදාගන්නවා ඇහිලා බයට දුවන්නේ කිවුවත් පිළිඅරගෙන නැහැ. බොරුද බලන්න බය වුණ තැනට එද්දී හොරෙක් කියනවලු තාප්පෙන් එහා පැත්තේ දෙකට මොකද කරන්නේ කියලා. ඇසුන සැනින් ගිය දෙන්නා ගම කඩාගෙන දුවලා බයට. හොරා කියලා තියෙන්නේ පුවක් ගෝනිය තාප්පෙන් එහාට දානකොට මෙහාට වැටුණු පුවක් ගෙඩි දෙකක් ගැන. (නි)

:       0       0

කටා මාමා Tuesday, 17 September 2013 02:18 PM

මේක කියවලා මම දෙපාරක් විතර කිති කවා ගත්තා ඕං.. (නි)

:       0       0

පතිරන Tuesday, 17 September 2013 07:24 PM

මගේ වාහනය තමයි මේ සිද්ධියට මූනදුන්නේ. මම රෝදේ පැච් එක දාගෙන එනකොට කවුරැවත් එතන හිටියේ නැහැ. ටික වේලාවකින් වෙන ආරක්ෂක මහතෙක් ඇවිත් කලින් හිටපු අය ඹ්ප් වෙලා ගියාකියලා කිව්වා. කට්ටියම එකතුවෙලා තේ බොන්න කියලා මම රැපියල් දාහක් දීලයි ගියේ. එහෙනම් මිනිහා සල්ලි තනියම ගන්න ඇති. (අ)

:       0       0

රූපවතී Wednesday, 18 September 2013 09:27 AM

කටා මාමේ. ගොඩක් ස්තුයි ඔයාගේ කතාවට. මට උදෙන්ම හිනා වැලයි ඒකට. මමත් හරි ආසයි හොල්මන් කතන්දර අහන්න. මම කුඩා කාලේ කිරි අම්මට කරදර කළා අද වගේ මතකයි හොල්මන් කතන්දර කියන්න... කියල..?(නදී)

:       0       0

පහන් මඩුගල්ල Wednesday, 18 September 2013 09:39 AM

කටා මාමා ලස්සනයි, හොරෙකු නිවසකට ඇතුළු විය ගිනි අවිය පෙන්වා මෙසේ කීය ''ඔබේ සියලුම මුදල් මේ මේසය මත තබන්න ''ගෙහිමියා මෙසේ කීය. මම අහවල් දෙසපාලන පක්ෂේ ඇමතිවරයෙක් '' සොරා නැවත මෙසේ කීය. ''මගේ සියලුම මුදල් මේ මේසය මත තබනු '' (ස)

:       0       0

සෑම් Tuesday, 17 September 2013 08:41 PM

පත්තරේ දාන්න තරම් දෙයක් නෙමේ (අ)

:       0       0

ඇෆ්ගන් නිමල් Tuesday, 17 September 2013 08:47 PM

පතිරණ මත්තය හොදට රස කතා ලියන්න දන්නවනේ. (අ)

:       0       0

පහන් Wednesday, 18 September 2013 10:10 AM

රූමත් කාන්තාවක පදවාගෙන පැමිණි රථය, තවත් මිනිසෙකු පදවාගෙන පැමිණි මෝටර් රථය හා ගැටුණි .වාහන දෙකටම විශාල හානි සිදුවී තිබුනත් දෙදෙනාටම කිසිදු හානියක් සිදුවී නොතිබුණි .ගැහැණිය මිනිසා හා කතාවට වැටුණි ''අපි අදහන ආගමේ නාමයෙන් අපි බේරුනා නේද ''ඒක නම් ඇත්ත මිනිසා පැවසීය ''අපි දැන් හොඳ මිතුරන්. ඩිකියේ ඉස්තරම් වයින් බෝතලයක් තිබුණා නොබිඳි තියේ නම් වාසනාව. වයින් බෝතලය නිරුපද්‍රිතව තිබුණි. ඇය ඔහුට එය පිළිගැන් විය. බෝතලය හිස්කළ මිනිසා තවත් වයින් ඇතිදැයි විමසීය. ගැහැණිය ජයග්‍රාහී ලීලාවෙන් මෙසේ පැවසීය. වයින් නම් නැහැ. ඇල්කොහොල් සඳහා වන පරීක්ෂණය පොලිසියෙන් තව ටිකකින් කරාවි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 505 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 653 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1054 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9366 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 854 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 320 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 490 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 709 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1991 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site