කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
සෙල්ලම් කරමින් තිබූ පන්දුව අත්අඩංගුවට ගත් අසල්වැසියාට අපූරු දඬුවමක් දුන් කොල්ලන් පිරිසක් පිළිබඳ කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
පාසල් පිටියකි. වැඩිමනත්ම එහි සෙල්ලම් කළේ ක්‍රිකට්ය. කොල්ලන් මේ ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ගහන්න වෙලාවක් කලාවක් නොවීය. මේ පිටිය වැඩිමනත් ප්‍රසිද්ධ ලෙදර් බෝල සෙල්ලම් කරන පිටියක් ලෙසය.
සීමා ඉර බිමින් සහ උඩින් පසු කර යන ලෙස ලෙදර් බෝලයට පහර දෙන කොල්ලෝ ද සිටියහ. සීමා ඉරටත් උඩින් ක්‍රීඩාංගණය වටා ගසා ඇති දැලටත් ඉහළින් පන්දුවට පහර දෙන කොල්ලන්ද මේ අතරය. ඒ හයිය හත්තිය තියෙනවුන්ය.
මේ හයිය හත්තිය තියෙන කොල්ලන් එල්ල කරන පන්දු පහරවල් යාබද නිවවෙස්වල වහලයට, දොර, ජනෙල්වලට, මිදුලට වැටෙන අවස්ථා නැත්තේද නොවේ. එවන් අවස්ථාවලදී එම නිවෙස්වල වහලය, දොර ජනෙල්වලට පන්දුව වැදී පළුදූවු අවස්ථා සුලබය.
මේ නිසා මේ ක්‍රිකට් ගැහිල්ලට අසල්වාසීහූ බරබරය දැම්මෝය. ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට ද පැමිණිලි කළහ. ඒත් ඔවුහු නොඇසූ කන්ව සිටියෝය. මේ සම්බන්ධයෙන් අසල්වාසින් සිටියේ අදාළ බලධාරීන් සමග කේන්තියෙනි.
කාලය කෙමින් ගෙවෙමින් තිබිණ. හයියහත්තිය තියන කොල්ලකු ගැසූ පන්දු පහරක් අසල්වාසී නිවසකට ආයෙත් කඩා වැදුණේ ඊයේ පෙරේදාය. එසේ කඩා වැදුණ පන්දුව අසල්වැසියා අත්අඩංගුවට ගත්තේය. කොල්ලන් ඉල්ලුවත් දුන්නේම නැත. කොල්ලන්ට කේන්තිය. පන්දුව නොලැබූ ඔවුහු ආපසු ආහ.
පන්දුව අත්අඩංගුවට ගත් අසල්වැසියා සිය නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියට නැග්ගේ අවශ්‍යතාවකටය. අසල්වැසියාට දෙලෝ රත්විය. තමා නවතා ගිය යතුරු පැදියේ තිබූ යතුර යතුරු කටේ නැත අසල්වැසියාට වැඩේ තේරුම් ගියේය. තමා අත්අඩංගුවට ගත් පන්දුව කොල්ලන්ට දී කොල්ලන් අරගෙන ගිය යතුරු පැදියේ යතුර හුවමාරුකර ගත්තේ ඉන් අනතුරුවය.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
බෝලෙට බරබරේ දැම්මාට කොල්ලන්ගෙන් අපූරු දඬුවමක්