IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


බුලත් කොළේ එතූ තෑග්ග සාස්තරේටත් බාල්දුවක්

ඔහු දකුණේ නමගිය වාස්තු විද්‍යාඥයෙකි. නිවාස සැලසුම් සකස් කර ගැනීම සඳහා සතර  දික් භාගයෙන්ම විවිධ තරාතිරමේ මිනිසුන් නිවසට පැමිණෙන නිසා  දවස ඉතාමත් අවිවේකීය. කෙසේ වුවද නැකත් ඇති දිනවලට නම් ඔහුට නම් ඉස්පාසුවක් නැත. අලූතෙන් තනන නිවෙස්වල පාද බෙදීම සඳහා විශාල ඇරයුම් ප‍්‍රමාණයක් ලැබෙන අතර ඔහුට සහභාගි වියහැක්කේ එක් ස්ථානයකට පමණි.


 එහෙත් අනෙක් සේවාදායකයන්ගේ ඉල්ලීම අනුව ඔහු නිවෙස්වල වැඩ කරන ප‍්‍රධාන බාස් නිවසට කැඳවා අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකර එක් ස්ථානයකට පමණක් වාස්තු විද්‍යාඥයා යාම සාමාන්‍ය සිරිතකි. කෙසේ වුවද බල කරන්නේ නම් යා යුතුම වෙනත් ස්ථානවලට ඔහුගේ පුහුණුව ලද කෙනෙකු යවන්නේද මුදලක් පොරොන්දු වීමෙන් අනතුරුවය.


කෙසේ වුවද තම වත්කමේ හැටියට මේ කාර්යය සඳහා නිවෙස් හිමියන් විසින් මුදල් ගෙවීම සිදුකරයි. ඒ සඳහා රු. 10,000ක් වැනි මුදලක් ලබාදෙන අතර  වත්කම් අනුව ලැබෙන මුදල ඊට අඩු වැඩි වන අවස්ථා ඇත. 


පසුගිය දිනෙක මොහුට නිවෙස් විශාල සංඛ්‍යාවක ලණු ඇදිමට තිබුණද ඒ සඳහා කළුතර ප‍්‍රදේශයේ අයෙකු ඇවිටිලි කළ නිසා එම නිවසේ කාර්යය ඉටුකර දීමට මොහු සිතා ගත්තේය. අපේ වාස්තු විද්‍යාඥයාද රත්ගම ප‍්‍රදේශයේ සිට පෙ.ව. 6.00ට පමණ වාද්දුවට යා යුතු බැවින් රාතී‍්‍ර 3.00ට පමණ නැගිට අවශ්‍ය වතාවත් සිදුකර තී‍්‍රරෝද රථයකින් අදාළ ස්ථානයට හැරලවාගෙන ඒ සඳහා රු. 1500ක්ද ගෙවා දැම්මේය.


කෙසේ වුවද කාර්යය අවසන් වූ පසු නිවෙස් හිමියා විසින් බුලත් කොලයක ඔතා ”ඔබ තුමා මේ තුටු පඬුර බාරගන්න” යැයි අයදිමින් බොහෝ ගෞරවාන්විතව දෑතින්ම අල්ලා එය පිළිගැන්වීය. ගෘහ නිර්මාණ ශිල්පියාද දෙවරක් නොසිතා එම බුලත් කොළය අඩංගු මුදල සාක්කුවේ බහාගෙන රත්ගම ප‍්‍රදේශයට පැමිණ නිවසට අවශ්‍ය අඩුම කුඩුම ටිකක් මිලට ගැනීම සඳහා වෙළෙඳසැලට ගොඩ වැදී රු. 5000ක පමණ බඩු මිලදී ගෙන බුලත් කොළය දිග හැරියේ බිල ගෙවා දැමීමටය. ඒ තුළ රු.200ක් තිබිණි. ඔහුට ඉබේම දෙයියෝ සාක්කි යැයි කියැවිණි. සාක්කුවේ මුදල් තිබූ නිසා බිල ගෙවා දමා බේරාගෙන නිවසටවිත් ඇඳට වැටුණේ කිසියම් පාඩමක් ඉගෙන ගත්තා යැයි සිතමිනි. 



අදහස් (0)

බුලත් කොළේ එතූ තෑග්ග සාස්තරේටත් බාල්දුවක්

උපාලි Sunday, 25 October 2015 03:00 AM

තමන්ගේ සාස්තරේට මෙහෙම නිගරු කරන අයගේ තැන් වලට ආයෙත් නම් යන්න එපා (නි)

:       0       0

උනම්බුව Sunday, 25 October 2015 03:05 AM

මෙතන කල්ලිවාදය මම සම්පුර්ණයෙන්ම අනුමත නොකරමි. ඇත්තෙන්ම හෙලා දකිමි (රේ)

:       0       0

කාන්ති Saturday, 24 October 2015 05:39 AM

මේකේ අනිත් පැත්තත් මේ වගේම තමයි. මෙහෙම සේවාවන් සපයන උදවියත් හතර අතේ ගසා කනවා. මගේ ඥාතියෙකු පිටරට ඉන්න ගමන් බත්තරමුල්ලේ අලුත් ගෙයක් හදනවා. වස්තු විශේෂඥයා , අයිතිකාරයා ඉන්නේ පිට රටක කියලා සාමාන්‍ය ගාස්තුව වගේ පස් ගුණයක් අරන්. එක අහු වුනේ අපි දන්නා වෙනත් දෙන්නේකුටම අර මුදලට වඩා අඩු ගාස්තු අරන් . ඉන් එක්කෙන්කුගේ ගෙදර අර මුලින් කියපු ගෙදරට වැඩිය දෙගුණයක් විශාල එකක්. (රේ)

:       0       0

අජිත් Sunday, 25 October 2015 04:02 AM

චන්දි, ඔය වෙන රටක ඉදලත් තම ඕවට රැවටෙනවනේ. ලිඳ තියන තැන තියෙන්න අරින්න. ඔය දේවල් හරිනම්,ලංකාව ලෝකේ දියුණුම රට වෙන්න ඕන, නැකත් බලන තරමට....(රේ)

:       0       0

සම්පත් Wednesday, 28 October 2015 04:04 AM

මටත් මෙහෙම වේද වෙලා තියෙනවා ටියුසන් කරන්න ගිහින් විශ්වවිද්‍යාලෙ ඉන්න කලේ මොකක් කරන්නද ? (ම)

:       0       0

ඉනෝකා Saturday, 24 October 2015 06:19 AM

නමගිය කෙනෙකුට,ඒත් දුරක ඉඳන් තමන්ගේ අතින් වියදම් දරාගෙන සේවයට අපු කෙනෙකුට සේවා ගාස්තුව වශයෙන් රුපියල200ක් දුන්නේ ඇයි කියලයි මම කල්පනා කලේ.ලංකාවේ කෙටිම දුරක් ත්‍රීවීලර් එකකින් ගමන් කරන්නත් ඔවැනි මුදලක් නේද අය කරන්නේ...?(රේ)

:       0       0

නාලනී Monday, 26 October 2015 03:13 AM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

සෑම් Saturday, 24 October 2015 06:40 AM

ඕස්ට්‍රේලියාවේ සමාගම් හිමියෙක් ලංකාවේ සුඛෝපභෝගී (බුටික් )හෝටලයක නවාතැන් ගෙන පිටව යනවිට සාම්ප්‍රදායිකව දෙන 'ටිප්' එක අඩංගු කවරය විවෘත කරද්දී හැමෝම වටවෙලා බැලුවාලු. මොකද එයා කොතරම් ලොකු ධනවතෙක්ද කියන එක හෝටලයේ කළමනාකාරිණිය දැන සිටි නිසා සියලුම දෙනා ලවා ඔහුට ඉහලින්ම සැලකිලි ලබා දුන්න නිසාලු . ඩොලර් පනහක් ඒකෙ තියනවා දැක්කාම කාටත් අනේ අපොයි කියවුනාලු . (රේ)

:       0       0

ජෙහාන් Saturday, 24 October 2015 06:59 AM

ඉතින් දැන් මේකේ පැහැදිලිව ලියලා තිබෙනවානේ නිවාස හිමියන් තමන්ගේ වත් කමේ හැටියටයි මුදලක් දෙන්නේ කියලා. කවුද දන්නේ එදා අර මනුස්සයා සන්තකට තිබුනේ අර කියපු ගණන විතරයිද කියලා . (රේ)

:       0       0

සරසි Sunday, 25 October 2015 04:58 AM

ගෙයක් හදන්න යන වියදමටත් වැඩිය සැරයි වාස්තු විශේෂඥයාගේ සහ නැකත්කාරයන්ගේ ගාස්තුව.! (රේ)

:       0       0

ඉන්දික Saturday, 24 October 2015 08:53 AM

මුදලට ගිජු බව සහ ඒක කියාගන්න බැරි ලැජ්ජාව තමා මේකට මුල. අපි සාස්තරේ මුදලට විකුනන්නේ නැහැ කියල පෙන්නන්න හදන ගමන් යටි හිතින් මුදල් බලාපොරොත්තු වෙනවා. ඒකනිසා ලැබිච්ච රු200/= සතුටත් නැති වෙලා දීපු මනුස්සයට හිතින් වයිර කර කර යනවා. (රේ)

:       0       0

ශානිිිකා Sunday, 25 October 2015 08:00 AM

අජිත් ඔයාගේ කියමන හරියට හරි.මම දැන් අවුරුදු 7 කට ඉස්සෙල්ල ගෙයක් හැදුවා කවුරුත් විස්වාස කරාවිද මන්දා මම කිසිම නැකතක් බැලුවේ නෑ.සමහර බාස්ල කැමති නෑ නැකතක් නෑ කියනවට ඒ නිසා මම මගේ හිතේ තිබුන වෙලාවක් කිවා නැකත් වෙලාව කියල. ඒ වෙලාවට මුල් ගල තිබ්බා.අනේ කිසිම අවහිරයක් නැතුව වැඩේ හොදින් කෙරුණා.මම මේ කියන්නේ හැමෝම එහෙම කරන්න ඕනේ කියල නෙමෙය් .මේක මගේ අදහස විතරයි...(රේ)

:       0       0

චන්දි Monday, 26 October 2015 04:36 AM

අජිත්, මට ඔයාට උත්තර දෙන්න පුළුවන්. ඒත් දෙන්නේ නැහැ (නි)

:       0       0

ගම්පොල - රියාල් Monday, 26 October 2015 12:34 PM

මුස්ලිම් අයත් ගෙවල් හදනවා නමුත් නැකත් බලන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා උදේම මුල්ගල් තියලා වැඩ පටන්ගන්නේ. (ර)

:       0       0

චන්දි Monday, 26 October 2015 01:01 PM

මම මොනවා කියන්නද සිසිල්, එක එක නම් ඔයාලම ලියනවා. ඔයාලම උත්තරත් දෙනවා. අපි අපේ පාඩුවේ වැඩපල වල යෙදිලා ඉන්නවා. ඇති වෙනකන් ලියන්න මදි නොකියා.අපේ මොකෝ? මම මුකුත් කියන්නෙ නැහැමයි, හිත රිදෙන කතන්දර බොහෝමයි, ඔබලා තේරුම් ගන්නට බැහැමයි, එනමුත් එසැණට මං එනවාමයි... (නි)

:       0       0

ජයනන්ද ඩයස් Tuesday, 27 October 2015 03:10 PM

ගෙවල් හදන කොට නෑකත් බලන එක අවශ්‍ය දෙයක් නොවේ කියන එක මගේ හැගීමයි,මොකද මම මගේ ගෙදරට කිසිම නෑකතක් බෑලුවේ නෑ. (බ)

:       0       0

අජිත් Monday, 26 October 2015 02:14 PM

අනේ චන්දී, මට ඔයාගෙන් උත්තරයක් ඕනෑමයි. මම බලා ඉන්නවා හො‍ඳේ (නි)

:       0       0

චන්දි Saturday, 24 October 2015 02:02 PM

දැන් හදපු ගෙයක අඩු පාඩු හෝ හොද නොහොද බලන්න ආවත් රු..1000.// ගන්නවනේ මමත් මේ සැරේ ලංකාවට ගිය වෙලේ කෙනෙක් ගෙනත් ගේ බැලෙව්වා රු.1000ක් ගත්ත ගෙදර ලිද කපල තියෙන්නේ ගෙට ගිනිකොනින් කියල ලිද වෙන තැනකින් කපන්න කිව එයින් මට අපලයි කියලා. කෝ ඉතින් මේ වැස්ස නිසා තාම බැරි උන්න ලිද වෙනස් කරන්න රු 200ක් කොහොමත් මදියි තමා (අ)

:       0       0

ටිකිරි Tuesday, 27 October 2015 06:12 PM

දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝය. එනිසා මිනිසුන්ට පහන් සිත් ඇතිකරවන, පරිසරයට හානිදායක නොවෙන විදියට, නැකැත් අනුව ගොඩනැඟිලි ඉදිකිරීම් ආරම්භ කිරීමේ වරදක් දැනට නම් මට පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

සිසිල් Monday, 26 October 2015 07:37 AM

චන්දී,ඔයා බය නැතුව අජිත්ට උත්තර දෙන්න.අජිත් මොනවා කිවුවත් තරහා වෙන්නේ නැහැ. (නි)

:       0       0

සරත් Friday, 23 October 2015 10:31 PM

"එකදා නියං හැමදා වැහි වළාවේ " කියලාවත් දැන් ඒ කියමන වෙනස් කරගනිමු නේද?

:       0       0

ලියොන් ගුනවර්ධන Saturday, 24 October 2015 04:32 PM

තම සේවාවට නිමිත ගාස්තුවක් අයකරන්නේ නම් මවැනි අකරමැදී තැන් වලට උහු වන්න පෑමට සිදුවන්නේ නැත (රේ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 24 October 2015 01:15 AM

මේක තමයි අපේ රටේ කරුමය. කෙනෙක් තමන්ගේ දැනුමෙන් රටට බරක් නොවී ජීවත්වෙන්න උත්සාහ කරනකොට කොහොමහරි කරලා ඒ මිනිහව වට්ටන්න බොරු කරන්න වංචා කරන්න තමයි අපේ රටේ බොහෝ අය පුරුදුවෙලා ඉන්නේ. ඉතින් මේකට ඊර්ෂ්‍යාව කුහකකම නොකියා වෙන මොනවා කියන්නද? (නි)

:       0       0

භානු Monday, 26 October 2015 12:23 AM

නැකැත්කාරයන් මිනිසුන්ගෙන් හම්බ කරගෙන ගොඩ එන හැටි ලස්සනට පෙන්නුම් කරන ටෙලි නාට්‍යයක් මේ දිනවල ප්‍රචාරය වෙනවා. එක බැලුවාම හොඳට වැටහෙනවා එයාලගේ චරිතාපදානය. (නි)

:       0       0

දුල්මි Saturday, 24 October 2015 04:41 AM

අද කාලයේ ඕනෑම සේවාවකට අදාළ ගාස්තුව කලින් කතා කර ගන්නවා. එහෙම නැතිව කොහොමද තමන් හිතන් ඉන්න ගාස්තුව අතමිට මොලවාවී කියලා බලාපොරොත්තු වෙන්නේ. සමහරවිට මේ ලෝභ සේවා ලාභියා නෙවෙයි නියමිත ගාස්තු ගෙවන්න කැමති වුනත් හරියට කලින් නොකිව්වා නම් එදාට කොහොමද නියමිත ගාස්තුව දන්නේ ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 720 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 744 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1118 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9435 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 866 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 331 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2023 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site