වලව - කේ.පී. සුමනදාස
අයාලේ ගොස් තුවාල වී සිටි බල්ලෙකුට වෙදකම් කරන්න ගොස් සෙවනගල ප්‍රාදේශයේ තරුණ දුප්පත් කාන්තාවකට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න සිදු වූ අපූරු පුවතක් වාර්තා වේ.
ඉතා අහිංසක දුප්පත් විවාහක අවුරුදු 30 ක් පමණ වන කාන්තාවක් රෝගාතුරව සිටින බල්ලන්, බළලුන්, හරක් වැනි සතුන් සුවපත් කිරීම සඳහා පශු වෛද්‍ය කාර්යාලයට ඇගේ වියදමින් රැගෙන ගොස් වෙදකම් කර සුව කරන්නීය.
ඇය මෙම කාර්යය කරන අතරතුර ඇගේ ජංගම දුරකථනයේ මුහුණුපොත හරහා මෙම කාර්යය සඳහා කණ්ඩායමක් ගොනු වූහ. මේ සඳහා කොළඹ ප්‍රදේශයේ ආරක්ෂක අංශයට සම්බන්ධකම් කියන අයකුගේ බිරියක්ද කණ්ඩායමට ගොනු වී සිටියාය.
දිනක් සෙවනගල තරුණ කත අයාලේ යන බල්ලකු බරපතළ ලෙස තුවාල වී සිටිනු දැක එම බල්ලාට වෙදකම් කර සුව කිරීමට සිතා බල්ලාගේ පින්තූරයක් තම මුහුණු පොතට යොමු කළාය.
කණ්ඩායමේ අය ඇය කරන සත් ක්‍රියාවට උදව් උපකාර කළහ. ඔවුහු මුහුණු පොත හරහා මෙම ක්‍රියාව සිදු කළහ. ඇය මුහුණු පොතට පින්තූරය යොමු කළ තුවාල වී සිටි බල්ලා වෙදකම් කිරීමට රැගෙන යාමට නිවසට ගෙනවිත් සිටියදී යළි බල්ලන් රංචුවට එක්කාසු වී ගියේය.
ඇයට එම බල්ලා පශු වෛද්‍ය කාර්යාලයට රැගෙන යාමට නොහැකි විය. මේ පිළිබඳව දැනගත් කණ්ඩායමේ සිටි ආරක්ෂක අංශයට සම්බන්ධ අයගේ බිරිය ඇයට මේ හේතුවෙන් අපහාසයක් සිදු වූ බවත් බල්ලාට වෙදකම් කිරීම හිතාමතාම අතහැර දැමූ බවත් පවසා කොළඹ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කළාය.
පැමිණිල්ලට අනුව පසුගිය දිනක සෙවනගල පොලිසියෙන් ඇයගේ නිවෙසට පැමිණ බල්ලකු පිළිබඳව ඇයට විරුද්ධව කොළඹ අපරාධ විමර්ශන අංශයේ පැමිණිලි කර ඇති බැවින් එහි ගොස් කට උත්තරයක් ලබාදෙන ලෙස පැවැසීය.
මේ පිළිබඳව පුදුමයට පත්වූ ඇය සැමියා සමග කොළඹ අපරාධ විමර්ශන අංශයට ගොස් කට උත්තර දුන්නාය.
අහිංසක සතුන්ට වෙදකම් කිරීමට ගොස් පොලීසියේ ඉහළම ස්ථානයකට ගොස් කට උත්තර ලබාදීමට සිදු වීම පිළිබඳව ඇයට කිසිදු කළකිරීමක් නොතිබුණි. එහෙත් මුහුණු පොත හරහා සම්බන්ධ වී ඇය යොමු කරන පින්තූර උපයෝගී කරගෙන මෙන්ම ඇය සතුන්ට වෙදකම් කරන අයුරු පිළිබඳව තොරතුරු රැගෙන වෙනත් මාර්ගයකින් මුදල් උපයමින් සත්ගුණවන්තියක් ලෙස හැසිරුණ ආරක්ෂක අංශයට සම්බන්ධ සැමියකුගේ බිරිඳ පිළිබඳව ඇත්තේ මහත් කලකිරීමක් බවත් ඇය කීවාය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බල්ලෙකුට සාත්තු කරලා සීඅයිඩියටත් යන්න වෙලා
vihanga Wednesday, 26 October 2022 02:08 PM
ආරක්ෂක අංශයක නම් අහන්න දෙයක් නෑ... හොර ගුහාවල් තමයි.
Senarath Thursday, 27 October 2022 03:15 PM
මේ වගේ හොරු සමාජයේ ඕනේ තරම් ඉන්නවා .ඒ උදවිය කරන්නේ අනුන් කරන හොඳ දේකින් ප්‍රසිද්ධිය ලැබීම හෝ මුදල් හම්බු කිරීම
sampath Thursday, 27 October 2022 09:56 PM
අසත්‍ය පැමිණිල්ලක් කලාට නීතිය ක්‍රියාත්මක කලානම් හරි .අනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් ඕනේ මල දානයක් භාරගන්නවද. මේක බැලු බැල්මට පේනවනේ කිසි තේරුමක් නැති කතාවක් කියලා
visnu Friday, 28 October 2022 09:48 AM
දැන් පොලිසියට වැඩ නැහැ මම හිතන්නේ. සෑම පොලිස් බල ප්‍රදේශයකම අපරාධ රාශියක් සිදුවී ඇතත් ඒවා විසඳීමට හෝ වැළැක්වීමට කිසිදු පොලිස් නිලධාරියෙකු උනන්දු නොවුණත් ඔවුන් සියල්ලෝම අනවශ්‍ය ක්‍රියාකාරකම්වල යෙදෙති. ඔවුන් තමන්ගේ වගකීම දන්නේ නැහැ.