IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


බීලා එළවළු ගන්න ගිහිල්ලා ජංජාලයක්

(මාවතගම කාන්චන මාලා බණ්ඩාර)
පුද්ගලයකු පදමට සූර්වී පොළේ එළවළු මිලදී ගැනීමට ගොස් සිහිමද ගතියෙන් තැන් තැන්වලින් වම්බටුම කිලෝ 10 ක් පමණ මිලට ගෙන ගෙදරයාම නිසා කෝපයට පත් බිරිය පසුදා ඔහු කාර්යාලයට ගෙනයන බත්මුලට වම්බටු ක‍්‍රම 4 කට පිසදීමේ හාස්‍යජනක සිදුවීමක් කුරුණෑගල නගරයේ කාර්යාලයකින් වාර්තාවිය.


එදා ඉරිදා දිනයකි. යහළුවන් සමග පදමට සූර්වී සිටි ඔහු පොළට ගියේය. වම්බටු කෑමට ප‍්‍රිය කළ මෙම පුද්ගලයා පොළේ තැන තැන ඇවිද වම්බටුම මිලට ගත්තේ කලින් මිලට ගත්තේද වම් බටුම බව අමතක වීමත් නිසාය.


සිහි මද ගතියෙන් සිටි ඔහුට පොළේ ඇති අනෙක් එළවළු පරයා බටුම පෙනුණි. ඒ නිසාම ඔහු කීප වතාවක්ම බටුම මිලදී ගත්තේය. නිවෙසට ගිය ඔහු බිරිදට එළවළු සහිත බෑගය දී අඩ සිහියෙන්ම නින්දට ගියේය.


බිරිය පසුදා පාන්දර තම සැමියා අවදිවීමට පෙරම අවදි වී එළවළුමල්ල දැක කෝපවූයේ බටු පමණක්ම කිලෝ 10 ක් පමණ ඇති අයුරු දැකීමෙනි. ‘‘කරන්නම්කෝ හොඳ වැඩක්’’ යැයි නිහඬවම සිතාගත් ඇය පසුදා කාර්යාලයට ගෙනයාම සඳහා බත්මුලක්ද සැමියාට පිරිනැමුවාය. 


පසුදා කාර්යාලයේ මිතුරන් හා දිවා කාලයේ කෑම මේසයට වාඩි වූ ඔහු බත්මුල ලෙහීය. ඒ දැක ඔහු අන්දමන්ද වූයේය. යහළුවන්ද ඒ දෙසට එබී බැලූවේ ඔහුගේ මුහුණ කෝපයෙන් රතු වූ නිසාමය. ක‍්‍රම 4 කට පිසූ බටුම එහි විය.


”මොකද බං උඹ ඊයේ පොළෙන් වම්බටු විතරමද අරං ගියේ.” යහළුවන්ගේ කතාවලට ඔහුට උත්තර නැති විය.


ප‍්‍රශ්නයක් නෑ බටුම කමු. කළ හැකි කිසිත් නොවූ නිසා ඔහු නිහඬවම කෑම කෑවේය.



අදහස් (0)

බීලා එළවළු ගන්න ගිහිල්ලා ජංජාලයක්

රූපවතී Thursday, 08 October 2015 05:36 PM

මම කොබෙයිගනේ.බැද්දේගම අපේ හේනේ වැවුණු වම්බටු කෑවොත් පිටබැද්දර ජයා අයියා ආපසු යනවා නොවෙයි සිදාදියට.ඒ තරමට රසයි අම්මා උයන වම්බටු බැදුම... (නි)

:       0       0

නුවන් Friday, 09 October 2015 05:34 AM

ගැහැණු පාර්ශවය කොහොමත් වම්බටුවලට කැමැති නෙව ? නේද (බ)

:       0       0

බණ්ඩා Monday, 12 October 2015 08:33 AM

අනේ අපේ නෝනා නම් එළවළු කන්න හරිම අසයි (අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 08 October 2015 11:24 AM

රුපවතිලගේ ගමේ කෙනෙක්ගේ වැඩක් වගේ , කොහොමත් ඔය කොබෙයිගනේ පැත්තේ වම්බොටු වලට පුදුම කැමැත්තක් තියෙන්නේ (බ)

:       0       0

ඉනෝකා Thursday, 08 October 2015 11:26 AM

බටු කිලෝ10ක් ගෙනාපුවාම අපටත් තරහ යනවා තමයි.ඒ කොහොම උනත් ගෙදර කාන්තාව ක්‍රම 4කට වම්බටු උයලා තියෙන්නේ ඇය හොඳ සුපවේදිනියක් නිසා.දැන් ඉන්න සමහර අයට එක ක්‍රමේකටවත් උයාගන්න පුලුවන්ද කියලා සැකයි.වම්බටු බැදලා කහබත් සමග අම්මා උයලා දුන්න රසවත් බත් වේල මතක් වුනා. මෙහෙ මා ඉන්නා රටේ ගොඩක් වෙලාවට ප්‍රමාණයෙන් විශාල බටු තමයි දකින්න ලැබෙන්නේ.ලංකාවේ බටු තරම් රස නැහැ. බදින්නත් ගොඩාක් වෙලා යනවා. (බ)

:       0       0

චන්දි Thursday, 08 October 2015 12:15 PM

මාරයි..! ලජ්ජා ඇත්නම් මිනිහා කවදාවත් බිලා පොලේ යන්නේ නැහැ., (හේ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 09 October 2015 01:05 PM

අනේ ෂෙහාන් මලේ, රුපවතීට නම් බනින්න එපා, ඔය වෙලාවකට තවුසන් ටෝක්ස් දුන්නට ගමේ කම හොඳට දන්නා අඳුනන ගම ගැන හොඳට මතක ගමට ආදරේ කරන සංවේදී බවලතෙක්. (ර)

:       0       0

ධම්ම Thursday, 08 October 2015 12:30 PM

මට නම් ඔය බීලා කරන කෝලම් අප්පිරියයි. කොහොම ගෙදර අය මේවා ඉවසනවාද මන්දා. (ර)

:       0       0

ජනනී Thursday, 08 October 2015 12:38 PM

කිරට, මිරිසට, බැදලා, තෙම්පරාදු කරලා හතර විදියක්. මාර රසයිනේ. (ර)

:       0       0

චමිලා Friday, 09 October 2015 01:47 PM

අනේ ඔව් මමත් දැකල තියනවා රුපවති මොනවා උනත් ගමේ කතා ලස්සනට කියනවා. (ර)

:       0       0

නිශාන්ත Friday, 09 October 2015 02:27 PM

පිටබැද්දර ජයා, මෝඩයා කට වහගෙන ඉන්නකම් නුවනක්කාරයි කියලා කියනවා නේද ? (ර)

:       0       0

විරාජ් ඒකනායක Thursday, 08 October 2015 01:05 PM

ඉනෝක ඉන්න රටේ බටු බැදෙන්න පරක්කු දේශගුනික ප්‍රශ්නයක් වෙන්න ඇති ලංකාවේ බටු තරම් කොහෙවත් බටු හොදයි කියන්න බෑ කාපු අය විතරයි එක දන්නේ (බ)

:       0       0

ඉනෝකා Saturday, 10 October 2015 07:59 AM

පිට රටවල් වල කටුක දේශ ගුණයත්, සහෝදරයන්ගෙන් වෙන් වී ජීවත් වීමේ කාන්සියත්, යාන්ත්‍රික ජීවිතයේත් පාළුව කාන්සිය මකා ගැනීමට ලංකාදීපයේ එසැණ මට නම් ප්‍රදීපයකි. එහි මොනවා ලීවත්, කීවත් මම සතුටින් කියවමි. (ර)

:       0       0

කමල් Saturday, 10 October 2015 08:08 AM

බට්ටේ රස නැට්ටේ... (ර)

:       0       0

ජයා සෙනෙවි Friday, 09 October 2015 03:18 PM

නියමයි නිශාන්ත (නි)

:       0       0

සතිෂ් Thursday, 08 October 2015 07:25 AM

ස්වාමියා කරලා තියෙන්නේ වැරදි වැඩක්. නමුත් බිරිඳ කරලා තියෙන්නේ මෝඩ වැඩක්. (ර)

:       0       0

සංජය Saturday, 10 October 2015 08:44 AM

අයියෝ ඕක ගණන් ගන්න එපා. අපේ අප්පච්චි වැස්සේ කුඩේ අරන් කඩේට ගිහින් කුඩේ කඩේ තියලා තෙමි තෙමි ගෙදෙර එනවා. (ර)

:       0       0

තිළිණ Thursday, 08 October 2015 11:20 PM

අගය කළයුතු බිරිඳක් (නි)

:       0       0

දීප්ත Thursday, 08 October 2015 11:20 PM

මට අවුරුදු 15 විතර කාලේදී අම්මා මාර්කට් එකට ගිහිල්ලා වම්බටු 500 කුයි අමුමිරිස් 100 කුයි ගෙනෙන්න කිව්වා. මම අම්ොව කේන්ති ගස්සන්න හිතාගෙන "මොනවද අම්මේ කිව්වේ බටු 100 මිරිස් 500 නේද ?" කියා කියා පස් හය සැරයක් ඇහුවා. මාර්කට් එකට ගිහිල්ලත් මුදලාලිගෙන් මිරිස් 500 අරගෙන බටු 100 ඉල්ලනකොට, "මහත්තයා මොකටද හත්මාලුවකටද" කියලා මුදලාලි අහනකොට තමා මට අවුල තේරුනේ. මම සද්ද නැතුව ඔව් කියලා මුදලාලි කිරන්නෙත් නැතුව මල්ලට දැම්ම බටු කරල් දෙක ගෙදර අරන් ඇවිල්ලා අම්මගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගත්තා. (නි)

:       0       0

ගුණසේකර Thursday, 08 October 2015 01:24 PM

හොද පාඩමක්.(හේ)

:       0       0

අජිත් Thursday, 08 October 2015 01:24 PM

රෑට කමු අපි වම්බටු වම්බටු හොදි හදලා....(හේ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 09 October 2015 05:44 PM

අනේ ඉතින් මොකද මේ නිශාන්ත වගේ මහාචාර්යවරු වම්බටු හේනට ඇවිල්ලා පට්ටම හෑල්ලු කරගන්නේ? මෝඩ ගොවි, ගෙවිලියන් අතරට ඇවිල්ලා? (නි)

:       0       0

ඉමේෂ් Thursday, 08 October 2015 08:10 AM

නියම බිරිඳක් (බ)

:       0       0

රූපවතී Monday, 12 October 2015 12:53 PM

මම ළඟක හිටියා නම් ඉඟුරු තේ එකක් ගෙනත් දෙනවා හකුරු කෑල්ලකුත් එක්ක චන්දි අක්කට. රුවිනි කිවුවට මොකද උයලා බෙදන්න නම් ලෝබ නැහැ. ඒත් මේ සිදාදියේ පිටරට වැවෙන වම්බටු රස නැහැ, ලංකාවේ ඇට්ටරවෙවී හේනේ වැවෙන බටු තරම්. (නි)

:       0       0

පුජිත සිල්වා Saturday, 10 October 2015 11:12 AM

බටු වල ගොඩක් ජාති තියනවා නේද ? මම නම් කැමතිම තිබ්බටු වලට. (ර)

:       0       0

අනිල් Saturday, 10 October 2015 12:20 PM

බිව්වාම කරන සමහර වැඩ හිතාගන්නත් බෑ. (ර)

:       0       0

සරත් බණ්ඩාර Thursday, 08 October 2015 02:40 PM

තෙම්පරාදු කරන්නේ කොහොමද? (බ)

:       0       0

මදු Sunday, 11 October 2015 03:13 PM

පුවත් වලටවඩා මම කැමති එහි ප්‍රතිචාර කියවන්නයි.ප්‍රතිචාර නැති පුවත් පරිප්පු නැති හෝටලය වගෙයි. (බ)

:       0       0

සීලා Thursday, 08 October 2015 03:10 PM

වැඩිපුර බටු ටික අහල පහල අයට බෙදලා දීලා නිකම් ඉන්න එකයි ඇත්තේ. (ර)

:       0       0

චන්දි Friday, 09 October 2015 06:53 PM

අපේ සමහර දෙනාට පිටරට ගියාම අපේගම,අපේකම අමතකවෙන කාලෙක රූපවතිට ගම ගැන කතා මතක තිබීම ගැන අපි සතුටු වෙන්න ඕනෑ (නි)

:       0       0

සාගර Thursday, 08 October 2015 03:20 PM

ඔය වගේ දේවල් හැමතැනම වෙනවා.(හේ)

:       0       0

බණ්ඩාර Thursday, 08 October 2015 03:20 PM

මටත් දවසක එහෙමවුනා. එළවලු මල්ල කාරෙකේ තියලා කුකුල් මස් ටික ඩිකියේ දැම්මා. පහුවදා ඉවසන්න බැරි ගදක් ආවට පස්සේ මතක් වුනේ. (හේ)

:       0       0

පාරා Thursday, 08 October 2015 04:21 PM

අපි ඉන්න රටේ නම් වම්බටු හරිම රසයි (බ)

:       0       0

රුවනි Friday, 09 October 2015 09:18 PM

රූපවති අක්කා බටු මෝජුවක් හදලා මෙතන හැමෝටම බෙදුවා නම් හරි. ෂෙහාන් ඔහොම අනම් මනම් කියන්න එපා (නි)

:       0       0

චතුර Thursday, 08 October 2015 10:25 AM

කාලෙකින් හොදට හිනා වුණා (ම)

:       0       0

කමල් Friday, 09 October 2015 09:53 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ෂෙහාන් Friday, 09 October 2015 04:50 AM

දීප්ත ඔයාගේ මෝඩ චුන් වලට අපිට කිති නෑ. රූපවතී මහා පණ්ඩිතයි. (බ)

:       0       0

තුසිතා Sunday, 11 October 2015 05:18 AM

ඒක ඇත්තමයි ඉනෝකා.මාත් හරිම ආසාවෙන් කියවනවා. (බ)

:       0       0

ජයතිලක Thursday, 08 October 2015 05:08 PM

හොඳ බිරිඳක් (නි)

:       0       0

චන්දි Monday, 12 October 2015 05:13 PM

ස්තුතියි රූපා නගෝ. හොදට කටසැරට කාලා දැවිල්ල පිටම ඉඟුරු තේ බොන්න ඕනෑ. එවිට තමයි තේ එකේ රස වැඩියෙන් කටට දැනෙන්නේ (නි)

:       0       0

අප්පුහාමි Saturday, 10 October 2015 02:30 AM

පිස්සු මිනිස්සු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 709 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 735 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1109 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9433 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 866 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 329 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 503 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2020 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site