IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


බසයේ ටිකට් හබයට රියැදුරාගෙන් සටන් විරාමයක්

බසයේ සටනට විරාමයක් ඇති කළ රියදුරකුගේ කතාවක් අගනුවර බස්රථයක සිදුවිය. අපි හැමදාම ගියේ රුපියල් 12ට, මොකද ඔයා විතරක් රුපියල්   16ක් ගත්තේ. කොල්ලූපිටියේ මංසන්ධියෙන් බසයට නැගගත් කාන්තාවන් දෙදෙනකුගෙන් එක් තැනැත්තියක් රුපියල් හතරක් වෙනුවෙන් සටන ආරම්භ කළේ ඒ ආකාරයෙනි.  මේ නෝනලා උගත් අය වෙන්න ඇති. ඒක මම හරියට දන්නෙ නැහැ. ඒ වගේම මමත් මගේ රස්සාව තරමට ඉගෙන ගෙන තියෙනවා. කොන්දොස්තර එසේ කියද්දී කාන්තාව නැවතත් මෙසේ කීවාය. ”හා හොඳයි එහෙනම් මට ටිකට් එකක් දෙන්න” කොන්දොස්තර එවර අසරණ විය. රාක්ක දෙස වරක් බැලූ ඔහු බස් රථයේ ඉදිරි ලොකරය හැර යමක් සොයන්නට විය. ටිකට් නිකුත් කිරීමට පොත එහි නැත. නැවතත් පැරණි සුංගුම් බුංගුම් ගොඩක් ඇද්දේය. එවර පැරණි ටිකට් පොතක් එළියට ආවේය. ආ මෙන්න තියා ගන්න දුහුවිලි පිරීගිය ටිකට් පතක් කාන්තාව අත තැබුවේය. මට එපා 28 එකක්. මට දෙන්න මම දුන්නු මුදලට හරියන ටිකට් එකක්. කාන්තාව නැවතත් කීවාය. දැන් බස්රථය බොරැල්ලට ද ආසන්නය. දෙදෙනාගේ ගණුදෙනුව තවමත් අවසන් නැත. කොන්දොස්තර නැවතත් ටිකට් පොත එහා මෙහා පෙරළුවේය. මුළු බස් රථයේම සිටි පිරිසට මෙය ටෙලිනාට්‍යයක් දැයි සැකයක් ද සිතුනේය. ඒ තරම් දෙබස් රසවත්ය. බස් රථය ප‍්‍රසිද්ධ පාසලක් අසල නතර විය. රියදුරු බස්රථය නැවැත්විය. එක්වරම අසුනෙන් නැගිට්ටේය. මේ ඔය දෙන්නගේ කන්දොස්කිරියාව නවත්වනකන් මම මේක අඩියක් හොළවන්නේ නෑ. මොනවද හලෝ ඔය රුපියල් හතරකට නහින්නෙ. ඔන්න ඔය මනුස්සයා දුන්නු ගාණකට ටිකට් දෙනවා. නිකං ලේ පුච්චගන්නේ නැතිව. මේ නෝනා, නෝනා වුණත් බස්රථයක යන්න කළින් මගී නීති ගැන දැනුවත් වෙන්න දැන් බස් ගාස්තු එක්ක රුපියල් 12 ටිකට් එක 16යි. මේ මිනිහා ඒ අවශ්‍ය මුදලට තමයි නෝනාගෙන් අරගත්තේ. බස් ගාස්තු වැඩි වුණාට ඒ ගැන අපටම බැනලා වැඩක් නෑ. ඔය රුපියල් හතරකට දෙන්නා එක්කම ලේ පුච්ච ගන්නේ ඇයි?  විනාඩි කිහිපයකින් පසුව දෙදෙනාම නිහඬ වූහ. රියැදුරු බස්රථය පණ ගන්වා ගමන ඇරඹීය.



අදහස් (0)

බසයේ ටිකට් හබයට රියැදුරාගෙන් සටන් විරාමයක්

තනුජා මිහිරි සංකල්පනී Friday, 30 March 2012 09:58 AM

මේ වගේ සිදුවීම් අපි හරියට දකිනවා සමහර මිනිස්සු රුපියලකට නහිනවා බස් වල ඉබ්බට යන (හොරෙන් යෑම) අය කොච්චර ඉන්නවද තවත් සමහර අපේ මිනිස්සු රුපියලට දෙකට රපියල් දාහක් විතර වියදම් කරන්න ලේ පුච්ච ගන්නවා මෝඩ මිනිස්සු

:       0       0

නෝනිස් Friday, 30 March 2012 10:36 AM

තනුජා ඔයාගෙ අප්පොච්චිටනම් ඉතින් බස් එකේ යන්න දෙන්න සල්ලි ඇති ඒත් මේ රටේ සාමාන්‍ය ජනතාවට රුපියලත් ගොඩක් වටිනවා. බස් එකේ හැමදාම ගමන් බිමන් යන අයට දවසගානේ ඔය විදියට රුපියල දෙක නුදුන්නහම මොකද වෙන්නේ?

:       0       0

Chamila Friday, 30 March 2012 11:03 AM

තනුජා, අපි සල්ලි ගස් වලින් කඩන්නෙ නෑති නිසා අපිට රුපියලත් වටිනවා. ඔය වගෙ අයට තමා මොඩ මිනිස්සු කියන්නෙ.

:       0       0

අනුර Friday, 30 March 2012 11:44 AM

අපි රුපියලක් අඩුව දුන්නොත් බස් එකේ යන්න බෑ. කොන්දොස්තර අපේ සල්ලි වලට විදින්න ඉන්නේ .

:       0       0

an Friday, 30 March 2012 11:45 AM

අපි රැපියලක් අඩුව දුන්නොත් බස් එකේ යන්න බැ.

:       0       0

කොන් Friday, 30 March 2012 11:58 AM

තනුජා බස් එකකට ගිහින් රුපියලක් අඩුවෙන් දීල ටිකට් එකක් ගන්න බලන්න

:       0       0

susantha sri ekanayaka - Italy Friday, 30 March 2012 01:28 PM

ඒක නම් ඇත්ත තමා...බැරි වෙලාවත්,අසරණ කමකටවත් අපි අතින් රුපියලක් අඩුව දුන්නොත් කෙහොම තියේවිද.බස් එකේ යනවා තියා හිතන්න වත් පුළුවන්ද...? එහෙම කියලා දුප්පත් ජනතාවගෙන් රුපියල රුපියල ගසා කන කොට ඒ මිනිස්සු පවු නේද....?

:       0       0

මනෝජ් Friday, 30 March 2012 01:59 PM

ටිකට් නැතුව යන එක මගීන්ට අවාසියි. මේකට නීතියක් නැහැ. ගනන් වැඩි ගණන් වැඩිකරද්දිනම් යුනිෆෝම්, ටිකට් ගැන කතා කරනවා විතරයි.

:       0       0

එස්.එල්.ටී.කේ. Friday, 30 March 2012 02:45 PM

නියමිත ගාස්තුව බස් රථයේ ප්‍රදර්ශනයකරලා., නියමිත මුදලට ටිකට් එකක් දුන්නනම් ප්‍රශ්නයක් නැහැ.

:       0       0

නදීක Friday, 30 March 2012 02:57 PM

තනුජා කියන්නේ මෝඩ කෙල්ලෙක්. කියන ඒවා ගණන් ගන්න එපා.

:       0       0

ප්‍රියන්ත Friday, 30 March 2012 03:00 PM

වැඩේ වෙලා තියෙන්නේ ලංකාදීපෙත් මේ මෝඩ කෙල්ලගේ (තනුජා) ඒවා දාන එකනේ.

:       0       0

Brahman Monday, 02 April 2012 01:55 PM

තනුජා අයෙ නම් comment දාන එකක් නෑ

:       0       0

අර්ජුන Friday, 30 March 2012 03:05 PM

තනුජා,ඔයා පොහොසත් ඇති ඒ නිසා තමා අහිංසක මගීන්ගේ දුක තේරෙන් නැත්තේ

:       0       0

ඒ.ආර්.එල්.බණ්ඩාර Friday, 30 March 2012 03:26 PM

මම තනුජව දන්නව එයාට බ්ස් තියෙනවා

:       0       0

සමන් Friday, 30 March 2012 03:33 PM

අය්යෝ සල්ලි

:       0       0

ඈම්ඩා Friday, 30 March 2012 03:43 PM

නදික ඔයා කොහොමද දන්නෙ තනුජා මොඩයි කියල එයා ඔයාගෙ නිවුන් සහොදරියද??

:       0       0

චානක Friday, 30 March 2012 05:26 PM

කොන්ද පණ තියෙන මනුස්සයෙක් ඔය 177 බස් කාර‍යන්ට නැගි සිටින්න කාලය හරි ‍

:       0       0

isuru Friday, 30 March 2012 07:28 PM

තනුජට සල්ලි තිබුනට අපට සල්ලි නැහැ. අපි දුප්පත් මිනිස්සු. අපිට රුපියල පවා වටිනවා. නිකකන් මෝඩ කතා කියන්නැතිව ඉන්න තනුජා.

:       0       0

සො‍්රෝ Friday, 30 March 2012 07:34 PM

නෝනිස්, චමිල්, නදීක.... අනේ අනේ .......ඔයගොල්ලොත් බලන්නේ කල දුටු කල වල ඉහ ගන්න තමයි. මොකක්ද රුපියලේ කතා දෙන්නේ. ලැජ්ජ නැතිව මහ සුද්දවන්තයෝ වගේ කථාව.

:       0       0

ලලිත Friday, 30 March 2012 07:40 PM

ඇමීඩා ඔයාට වැරදිලා එයා මොඩ නැ. නිවුන් නොව්නට එයා මගේ සහොදරී එකම ලේ,එයා අල්ලපුගෙදර.මෝඩයි කියා මිනිසුන්ට අපහස එපා.

:       0       0

කොන්දොස්තර Saturday, 31 March 2012 10:18 AM

තනුජාගේ තාත්තා කොන්දොස්තර කෙනෙක්. එයා එහෙම මාටියා ගැහුවේ නැත්තන් තනුජල බඩගින්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 639 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 705 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1089 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9405 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 864 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 327 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site