ගාලූ පාරෙන් ඈත පළාතකට ඇදෙමින් තිබූ බස් රියේ සෙනග සිටියේ ආසන ගණනට පමණි. ඇතැම් නැවතුම් ස්ථානවල දී විනාඩි ගණන් නතර කර තබමින් මගීන් සෙවීමට සිදු වූයේ එනිසාය. වෙනදාට දුර යන මගීන් ගැන පමණක් සිතූ කොන්දොස්තර තැන එදින රුපියල් 9ක කෙටි දුර මගීන් ද පැටවීමට උත්සාහ ගත්තේය. කොන්දොස්තරගේ උත්සාහය හරි ගියේය. දැන් බසය පිරෙන්නට මගීන් ඇත. මගීන් කිටි කිටියේ පටවන කොන්දොස්තර හරි යාං කියන වචනය කී සැණින් රියදුරු පවනට බඳු වේගයෙන් බස් රථය ඉදිරියට රැගෙන යයි. බස් රථයේ ගීත පටි යන්ත‍්‍රයකින් නිකුත් වන සංගීතයේ හඬ ද මගීන්ගේ කන් අඩි පැලෙන තරමට ප‍්‍රබලය. හරි යාං! රියදුරුට ඇසුණි. සුපුරුදු වේගයෙන් බසය ඉදිරියට ඇදුනි. දොරටු දෙකෙහිම සිටි සෙනග අතරින් කොතැනකින් හෝ කොන්දොස්තර ද එල්ලෙන අයුරු දැක ගත හැකි විය. නැවතුම් පොළවල් කීපයක දී එසේ කළ ද කොන්දොස්තරට තව තැනක දී වැඬේ වැරදී බසයට නැග ගැනීමට බැරි විය. බසය වේගයෙන් ඉදිරියට ඇදෙයි. නැවතුම් පොළවල් හතරක් පමණ පසුවූ සැණින් ත‍්‍රිරෝද රථයක් බස් රථය ඉදිරියෙන් නැවැත්වූයේය. මොන මගුලක් ද බං ඕක වහලා දාපං කතා කරන දෙයක් ඇහෙන්නෙත් නෑ. ඇඟිලි අතරේ රඳවාගෙන සිටි මුදල් නෝට්ටු අතරින් රුපියල් 150ක් ත‍්‍රිරෝද රථ රියදුරාට දුන් කොන්දොස්තර බස් රථයේ දොරටුවක එල්ලී ආවේගශීලී හඬකින් යළිත් කීවේ හරි යාං කියායි.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
බසයේ සිංදුව අස්සේ කොන්දොස්තර අතරමඟ