IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා

කැබිති ගොල්ලෑව හේමන්ත රණසූරිය 


බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු  පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. 
කතාව මෙසේය. 
රාජ්‍ය සේවකයකු වූ මෙම ස්වාමිපුරුෂයා මේ වන විට විශ්‍රාම සුවයෙන් කල්ගත කරයි. හෙතෙම උපන් ගෙයි මනමාල කුරුල්ලෙකි. දරු තිදෙනකුගේ පියෙකු වුවද, අවුරුදු හැටක් ගතවී තිබුණද, තවමත් වයස අවුරුදු 45 කට වැඩි පෙනුමක් ඔහුගෙන් නොපෙනේ. 
වසර ගණනාවක් රාජකාරී කර ඇති මොහු, ඒ කාලයේ ප්‍රේම ජවනිකා ගණනාවක්ම රඟපාමින් සිටියේය. එහෙත්, ඔහුගේ ස්ථාන මාරුවත් සමගම ප්‍රේම ජවනිකා නතරකොට ඔහු එම ගම්පළාතෙන් වාෂ්ප වී ගොස් අවුරුදු විසිපහක් ගත වී තිබුණි.


ඉතාම මෑතක ඔහු සිය බිරිය සමග වෛද්‍යවරයකු හමුවීමට අනුරාධපුර පෞද්ගලික රෝහලකට පැමිණියේ බිරියගේ අධික හන්දි කැක්කුම් වලට ප්‍රතිකාර ලබා ගැනීම පිණිසය. 
බෙහෙත් ගැනීමට පැමිණි රෝගීන්ගේ පෝලිම විසිපස් දෙනෙක් පමණ බංකුවල වාඩිවී සිටියෝය. බිරිඳ ද එම පෝලිමට එකතු වී ඉඳගත්තාය. අපගේ මනමාල කුරුල්ලා ඒ අවට ඔබ මොබ සැරිසරමින් සිටියේය. බෙහෙත් පෝලිමේ සිටි එක් කාන්තාවක් මෙම ස්වාමිපුරුෂයා දෙස ඉතා ඕනෑකමින් බැලු‍වාය. ඇය පෝලිමෙන් නැගිට නිදහසේ එහේ මෙහේ ඇවිදිමින් සිටි පුද්ගලයා දෙස ඉතා හොඳින් ඔහුට කිට්ටු වී වඩාත් විපරමින් බැලු‍වාය. ඇය කිසියම් දෙයක් තහවුරු කරගත්තා සේ හිස දෙපසට වනා මෙලෙස ඇසුවාය. 
“ආ මනමාල මහත්තයා කොහොමද මාව මතකද. මම අහවලා. මාව කසාද බඳිනවා කියලා කාලයක් තිස්සේ අපේ ගෙදරට ආවා ගියා මතකද. හොඳට කල්පනා කරපන්. දැන් උපාසකයා වගේ ඉන්න එපා. මට උත්තර දීපන්. උඹලට සලකන්න ඕන මෙහෙම නෙවෙයි”‍ කියමින් ඇය අතේ තිබුණු කුඩයෙන් එම පුද්ගලයාට පහර කීපයක් ගැසුවාය. 
බෙහෙත් පෝලිමේ සිටි බිරිඳ කලබලයට පත් වී එතැනට දුවගෙන පැමිණ කරුණු විමසන්නටත් පෙර ගුටි කාපු සැමියා එතැනින් පලායාමට දුවගෙන යද්දී පාර අයිනේ කානුවකට ඇද වැටුණේය. 
බෙහෙත් ගැනීමට පැමිණ සිටි පිරිස සහ අවට නගරයේ සිටි පිරිස වහා එතැනට පැමිණ සිද්ධ වූ කාරණය තේරුම් ගත්හ. එහෙත් ඒ වන විටත් සැමියාගේ අතක් සහ කකුලක් කෙලින් කිරීමට නොහැකිව වකුටු වී තිබුණි. 
තමාගේ හන්දි කැක්කුමට බෙහෙත් ගැනීමට පැමිණි බිරිය අසනීපය අමතක කර දමා විළියෙන් ඇඹරෙමින් සැමියා රැගෙන ත්‍රිරෝද රථයකට අධික මුදලක් ගෙවා නිවසට පැමිණ ඇත. 
මේ වන වට සැමියාගේ හතර හන්දි පළුදුවීමෙන් ප්‍රදේශයේ කැඩුම් බිඳුම් වෙද මහත්මයකුගෙන් ප්‍රතිකාර ලබා ගන්නා බවට දැනගැනීමට ලැබුණි. 
දැන් එම ගම් පළාතේ අය “හන්දි අමාරුව සනීපයිද”‍ කියා විමසන විට සැමියා සහ බිරිඳ ඔවුන්ට කනේ ඇඟිලි ගසා ගැනීමට උත්තර දෙනවාලු‍.

 



අදහස් (1)

බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා

ඩිනෙශ්ඩීඒස් ටීස් Thursday, 05 September 2024 11:46 PM

මටත් ඔහොම වැඩක් වුණානේ, ඒ විදිහටම...

:       1       3

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අඹුසැමි දෙන්නා ඡන්දෙට මරාගෙන
2024 සැප්තැම්බර් මස 13 841 0

ගෘහස්ථ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් දෙන්නා දෙමහල්ලන් තුවාල ලැබූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


බිරිඳට දුන් බඩ විරේකය තමන්ටම කැරැකිලා
2024 සැප්තැම්බර් මස 12 925 0

බිරිඳගේ කැන්වසින් යාම නවත්වන්න සැමියා විසින් දෙන ලද බඩ විරේක සැමියාටම පෙවූ බිරිඳක පිළිබඳ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.


කේක් වෙනුවට රෙජිෆෝම් කපලා
2024 සැප්තැම්බර් මස 11 1308 0

දකුණේ මාතරට නුදුරු නියම් ගමකි. මෙහි වෙළෙඳ ව්‍යාපාරයක් කරගෙන යන තරමක් මෝඩ පහේ පුද්ගලයෙකි. දැන් වයස තිස් ගණන් ද ඉක්මවීමට ආසන්නය. පෙළවහක් කර ගැනීමට තවමත් න


ගැබිනි වෙසින් සීට් ගන්න ගිහින් රෙදි ගැලවිලා
2024 සැප්තැම්බර් මස 10 1406 0

කොළඹ සිට මහනුවර ගමනාන්තය දක්වා ධාවනය වෙමින් තිබු අතුරු සිදුරු නැතුව මගී ජනතාව පිරී සිටි ශ්‍රී ලංගම බස්රථයට අතරමඟදී අරුමෝසම් ඇඳුමකින් සැරසී සිටි කෙසඟ


උකසට ගත් රන්මුදුව රිදී වී තරු පෙනිලා
2024 සැප්තැම්බර් මස 09 794 0

සූදූ පොළේදී උකසට ගත් රන් මුදුව නගරයේ උකස් මධ්‍යස්ථානයේදී රිදී බවට පත්වු පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


දරුවන්ට පාඩමක් උගන්වන්න මව මලැයි කෝල් දීලා
2024 සැප්තැම්බර් මස 07 708 0

රෝහලට ඇතුළත් කර දින තුනක් ප්‍රතිකාර ලැබූ අවස්ථාවේ දී එක් දිනක්වත් තමාගේ සුව දුක් බැලීමට නොපැමිණි යැයි දරුවන් පිළිබඳ කනස්සල්ලට පත් වී පාඩමක් උගන්වන්න


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site