IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


බුරියානි වෙනුවට ගෙදර කෑම දී ඉල්ලන් කාලා

හේවාහැට-එම්. දසනායක 


මැතිවරණ තරඟ බිමේ සිටින ප්‍රධාන පෙළේ අපේක්ෂකයකු වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදුකරන ගමේ ආධාරකරුවන්ට ඉස්තරම්ම තත්වයෙන් සංග්‍රහ කිරීමට ලබාදුන් උපදෙස් පිළි නොගෙන තම නිවසේ ආහාරපාන සකස් කර දී ආපනශාලා වලින් බිල්පත් ලබාගෙන ඉදිරිපත් කර මුදල් ලබා ගැනීමට ගොස් තම දේශපාලන ලොක්කාගේ උදහසට ලක්වූ කන්ද උඩරට ප්‍රදේශයේ පුංචි මන්ත්‍රීවරයකු පිළිබඳව පුවතක් ලංකාදීපයට වාර්තා වේ.


සිද්ධියට මුහුණ දුන් පුංචි ආණ්ඩුවේ මන්ත්‍රීවරයා ක්‍රියාවට වඩා කයිවාරුවෙන් වැඩ පෙන්වන අයෙකි. මුහුණු පොතේ නිතර දෙවේලේ සැරි සරමින් තම වැඩ කටයුතු පිළිබඳව මහ ඉහළින් ප්‍රචාරක කටයුතු සිදුකරන මොහුට මෙවර තමන් සහාය දක්වන අපේක්‍ෂකයා වෙනුවෙන් ගමේ කැන්වසින් යන පිරිසට අාහාරපාන ලබාදී ඉහළම තත්වයෙන් සංග්‍රහ කිරීමට ප්‍රදේශය භාරව කටයුතු කරන ඇමතිවරයාගෙන් උපදෙස් ලැබී ඇත.
කෙසේ නමුත් ඇමැතිවරයාට නොදැනෙන්නට මොහු සිය බිරිඳ සමග නිවසේදීම ආහාරපාන සකස් කර කැන්වසින් යන පිරිසට සංග්‍රහ කර පසුව නගරයේ ඇති ආපනශාලා වලින් බිල්පත් ලබාගෙන එම බිල්පත් ඉදිරිපත් කර මුදල් ලබාගෙන ඇත.
තම ආපනශාලාවලින් ආහාරපාන ලබා නොගෙන අවස්ථා ගණනාවකදීම මෙලෙස බිල්පත් පමණක් ලබා ගැනීම පිළිබඳව සැක සිතූ එහි හිමිකරුවන් මේ පිළිබඳව ඇමැතිවරයාගේ ගෝල බාලයන් දැනුවත් කිරීමෙන් පසුව ඔවුන් හොර රහසේ ආධාරකරුවන්ගෙන් මේ පිළිබඳව විමසා ඇත.
ඉස්තරම් වර්ගයේ බුරියානි ප්‍රයිඩ් රයිස් වෙනුවට ප්‍රචාරක කටයුතු සිදුකළ මේ දින කිහිපය පුරාවටම සාමාන්‍ය පන්නයේ අාහාර වේලක් පමණක් තමන්ට ලැබුණු බවත් ආධාරකරුවන් පිරිස ඇමතිවරයාගේ ගෝලයන්ට පවසා ඇත.
මේ සිද්ධිය සැලවීමත් සමග මාරාවේශවූ ඇමැතිවරයා අදාළ මන්ත්‍රීවරයා තම ප්‍රචාරක කාර්යාලයට ගෙන්වා මේ පිළිබඳව විමසා දෝෂාරෝපණය එල්ල කර පහරදීමට පවා උත්සාහ කරන විට එම අවස්ථාවේ කාර්යාලයේ රැඳී සිටි පිරිසක් මැදිහත් වීමෙන් පුංචි මන්ත්‍රීවරයා බේරාගෙන එම ස්ථානයෙන් පිටමං කර ඇත.



අදහස් (0)

බුරියානි වෙනුවට ගෙදර කෑම දී ඉල්ලන් කාලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බුරියානි වෙනුවට ගෙදර කෑම දී ඉල්ලන් කාලා
2024 සැප්තැම්බර් මස 20 43 0

මැතිවරණ තරඟ බිමේ සිටින ප්‍රධාන පෙළේ අපේක්ෂකයකු වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදුකරන ගමේ ආධාරකරුවන්ට ඉස්තරම්ම තත්වයෙන් සංග්‍රහ කිරීමට ලබාදුන් උපදෙස් පි


ආධාරකරුවන් අන්දවන්න ගිහින් අතින් තට්ටු වෙලා
2024 සැප්තැම්බර් මස 19 385 0

දේශපාලන රැස්වීමකට ආධාරකරුවන් පිරිසක් රැගෙන ගොස් ඔවුන්ට සංග්‍රහ කළයුතු බව පවසා ආසන සංවිධායකවරයාගෙන් මුදල් ලබාගෙන ආධාරකරුවන් පිරිස මගහැර සිටි කාන්තා


ඡන්දෙ බාගන්න ලේළි නැන්දම්මාට බටර් ගාලා
2024 සැප්තැම්බර් මස 18 693 0

ජනාධිපතිවරණයෙන් රටම උණුසුම් වුවත් එයට පින් සිද්ධවෙන්න සිය නිවසේ ගිනි පුපුරු දෙක ශීතලවී මුළු නිවසම සීතලවී ඒ සීතලෙන් දෙසවනට සහනයක් ලැබූ අයකු පිළිබඳව අ


අඹුසැමි දෙන්නා ඡන්දෙට මරාගෙන
2024 සැප්තැම්බර් මස 13 1346 0

ගෘහස්ථ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් දෙන්නා දෙමහල්ලන් තුවාල ලැබූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


බිරිඳට දුන් බඩ විරේකය තමන්ටම කැරැකිලා
2024 සැප්තැම්බර් මස 12 1133 0

බිරිඳගේ කැන්වසින් යාම නවත්වන්න සැමියා විසින් දෙන ලද බඩ විරේක සැමියාටම පෙවූ බිරිඳක පිළිබඳ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.


කේක් වෙනුවට රෙජිෆෝම් කපලා
2024 සැප්තැම්බර් මස 11 1440 0

දකුණේ මාතරට නුදුරු නියම් ගමකි. මෙහි වෙළෙඳ ව්‍යාපාරයක් කරගෙන යන තරමක් මෝඩ පහේ පුද්ගලයෙකි. දැන් වයස තිස් ගණන් ද ඉක්මවීමට ආසන්නය. පෙළවහක් කර ගැනීමට තවමත් න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 48 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site