ගෙදරට අලුත ගෙනා ලේලිය නිසා මාමණ්ඩිට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව පුවතක් යාපහුව අවට ගම්මානයකින් අසන්නට ලැබුණි.
නිවසේ පසුවෙන එකම පුතාට වියපත් මවුපිය යුවළ සහකාරියක සෙවූහ. මවුපිය යුවළ රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයෝය. පුතාද රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක නියැලෙන අයෙකි. ඔහුගේ කලදශාව ඉක්ම යන නමුත් ඔහු සහකාරියක සොයා ගන්නේ නැත.
මේ නිසා පුතාට බැරි කාර්ය කිරීමට මව හා පියා අදිටන් කර ගත්හ. පුතාට ගැළපෙන බොහෝ දෙනකු හමු වූ නමුත් ඔවුන්ට රජයේ රැකියාවන් නැති නිසා ඒ සියල්ල අසාර්ථක වුණි.
කෙසේ හෝ මගුල් කපුවකුගේ මාර්ගයෙන් පවුලට ගැළපෙන රාජ්‍ය සේවයේ නියැලෙන සහකාරියක සොයා ගත්තේය. ගම, ගෙදර බැලීමට ගිය දෙපාර්ශවයම ඊට කැමැති වූහ. කෙසේ හෝ කාලය කෙමෙන් ගෙවී ගොස් මංගල්‍යයට දින වකවානු උදා විය.
උත්සවය දෙපැත්තෙන්ම යාපහුව අවට ප්‍රසිද්ධ හෝටල් දෙකක සිදු කෙරුණි. අවසානයේ මනාලිය නිවසට ගෙනා දිනයේදී පවා හෝටල්වලට අමතරව මනාලයාගේ නිවසේද උත්සවයකි.
හෝටලයේ නම්බුව රැක ගන්නට මත් තොල නොගෑව පියා මෙදින තම එකම පුතුගේ සහකාරිය ගෙට ගෙනා දිනයේ පදම ඉක්මවා යන්නටම අරක්කු බීවේය. ඔහු ගෙට නිදා ගැනීමට ආවත් වෙරි මරගාතේම කුස්සියේ වැටී නිදා ගත්තේය.
විවේකයක් නැතිව වෙහෙසට පත්ව සිටි නිවැසියෝ ද නින්දට වැටුණහ.
පසු දිනයේ නවක ලේලිය නැන්දම්මා නැගිටින්නට පෙර අවදි වී මුළු තැන්ගෙට ගියාය. උදේම තේ බීමට සියල්ල සූදානම් කළාය.මුළු තැන් ගෙය අතු ගා දැමුවාය. ඉවතට දැමිය යුතු දේවල් විසි කෙරුවාය. පියවි සිහිය ලැබුණු මාමණ්ඩිය මුළුතැන් ගෙට ආවේය. ඔහු යමක් සොයයි. ඒ සොයන්නේ මොනවාදැයි ඇය ඇසුවාය.
“ දුවේ මෙතැන සින්ක් එකේ වතුර වීදුරුවක් තිබුණේ නැද්ද.” මාමණ්ඩි ඇසුවේය.
“තිබුණා තාත්තේ මම ඒ වතුර වීදුරුව විසි කෙරුවා. ඒ හිස් වීදුරුව මෙන්න” ඇය කීවාය.
“අනේ දුවේ ඒක කොහාටද විසි කෙරුවේ.” ඔහු තක්කු මුක්කු වී ඒ දෙසට දිව ගියේය.
එය ඇසුණු පුතු හා ඔහුගේ වියපත් අම්මාද එහි පැමිණියහ.
තමුසේ ගෙට අරගෙන යන වීදුරුව මොකද වෙරි වෙලා සින්ක් එක ගාව තිබ්බේ. ඔහුගේ බිරියගෙන් සැමියාට උදේම එල්ල වන්නේ දෝස් මුරයකි. කට වහගෙන හිටපන් කියා ඔහු වීසි කැත්තක් ගෙනැත් වීසි ගාමින් පවා යමක් සොයයි. තම මනාලයාද ඊට සහාය වෙයි. එහෙත් ඒ සොයන්නේ කුමක්දැයි ඇය නොදැන සිටියාය.
මේ නිසා ඇය දැඩි කලකිරීමෙන් යුතුව පසුවූවාය. කිසිවක් නොකියා බොහෝ වෙලාවක් තිස්සේ සෙවූ යමක් පුතා අහුලාගෙන ඇවිත් පියා අත තැබුවේය. ඒ වතුර වීදුරුවේ දමා තිබූ මාමණ්ඩිගේ බොරු දත් ඇන්ද නවක ලේලීය විසිකර ඇති බව ඇයට පසක් වුණේ එවිටලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම
මග හැරුණු දුරකතන ඇමතුමකින් හිතවත් වූ පෙම්වතා සමඟ පැනගිය කාන්තාවක නැවත ගෙදර කැඳවාගෙන යමින් සිටි සැමියාට අතරමග දී පහර දී ත්‍රිරෝද රථයකින් පැමිණි මිස් ක
තොල් රතුපාට කරන ලේලියට නැන්දම්මා දුන් දඩුවමින් ලේලියට තරු පෙණුනු පුවතක් ගාලු දිසාවේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ.
තමාට බිරිය සලකන්නේ නැතැයි පවසා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර කාන්තාවක් සොයා ගැනීමට පුවත්පත් දැන්වීම් කාර්යාලයකට කිහිලිකරු ආධාරයෙන් ගොස් ඇතැයි කියන
ඉහළ නැග ඇති පොල් මිල මෙන්ම සහන මිලට පොල් නගරවාසීන්ට අලෙවි කරන පෝලිම් ගැනද දේශපාලන කරළියේ ද කතාබහට ලක්ව ඇති මේ දිනවල අපූරු සිදුවීමක් බස්නාහිර පළාතේ මුහ
නිතරම අනුන්ගේ පහනේ එළියෙන් තමාගේ වැඩ කටයුතු කරගන්නා පුද්ගලයකුට මුහුණපෑමට සිදු වූ අපූරු පුවතක් මාතර දිසාවෙන් වාර්තා වෙයි. තමා සතුව යතුරුපැදියක් හා ත්
මිල අධික පිටිවර්ගයක හිස් ටින් දෙකක් නිසා සහෝදරකමත් පියාගේ මළගමට සහභාගීවීමත් දෙකම අහිමි වූ පුවතක් පස්දුන් කෝරළයේ පිටිසර ගමකින් වාර්තා වෙයි.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
බොරු දත් ඇන්ද නැතිවී දෙලෝ රත්වෙලා