IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


බෝතලය පුපුරා ටයිකෝට් ගැලවිලා

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


මංගල උත්සවයේදී සුද්දාගේ ඇදුමට අපූරු ගෞරවයක් දුන්නු අයකු පිළිබදව ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
ටයි කෝට් පැලදියත් මිනිහා බෙබේය. බොන තැන පෙරමුණේය. මංගල සාදයකට යන්නේ ලියුම් කවරයට දාන මුදලට වඩා දෙගුණයක් මෙන් බොන්නය. කොටින්ම කීවොත් බීම කොතනද මිනිහා එතනය. ඔහු ඒ තරමටම බීමට ලැදිය. පෙරේතය.
එදා ගියේ හිතවතකුගේ විවාහ මංගල උත්සවයකටය. එය පැවතියේ හෝටලයකය. වේලාසනින්ම එහි ගිය ඔහු පුල පුලා බලා සිටියේ බීමට ආරාධනා කරන තෙක්ය. වේලාව හරිය. නැකැත් චාරිත්‍රවාරිත්‍රද නිමාවිය. සියල්ලන්ම තමා වාඩිවී සිටි මේසයට තට්ටු කරමින් සිටියේ සිය මේසයට සැර ජාතියේ බීම සහ බයිට් එන තෙක්ය. මේ වන විට ටයිකෝට් පැලද සිටියත් කතානායක හරි හරියට වැඩය. බයිට් ගේන්නේ ඔහුය. සැර බෝතල් ඉල්ලන් එන්නේද ඔහුය.


ඔහුට ලැබුණු බෝතලය කැඩුවේද නැද්ද යන්න කවුරුත් නොදනී. ඒ ගැන සෙවීමටද කිසිවකුටත් උවමනාවක් ද නොවීය. දන්නා දන්නා මේසය වෙත ගොස් ප්‍රෙන්ඩ්ෂිප් එකට යයි කියමින් ඔහු වීදුරුවක් දෙකක් කටට හලා ගත්තේය. නොහැදුනුවත් හඳුනාගෙන ඔහු මේ වැඩේ දිගටම කරගෙන ගියේය. මිනිහට දැන් බඩුය. ඒත් සිතට මදිය.
මංගල උත්සවයේ පශ්චාත් භාගය කරා පැමිණෙමින් තිබිණ. බොහෝ අය එක පොදියේ නටති. සියල්ලන්ගේම අවධානය ඒ වෙතය. තමා වෙත කාගේවත් අවධානයක් නැතැයි අනුමාන කරගත් හෙතෙම හීන් සීරුවේ නැගිට්ටේය. අඩියටම අඩි ගසා සිටි ඔහු අඩියෙන් අඩිය තිබ්බේ බොහෝම පරිස්සමටය. හෝටල් එළිමහනෙන් ඔහුට යාමට අවශ්‍යව තිබුණේ එළියටය. ඒ සිය මෝටර් රථය වෙතය.
හෝටල් භූමියේ පිළිවෙළකට තණ අල්ලා තිබුණේ කොන්ක්‍රීට් කොටු අතරය. බොහෝම පරිස්සමට වැනි වැනී ගිය ඔහුගේ එක් කකුලක සපත්තුව තණ අල්ලා තිබූ කොන්ක්‍රීට් තහඩුවක ගැටුණේය. ඔහු වැටෙනවාත් සමගම ඩෝං ගා ශබ්දයක් ද ඇසිණ. සියල්ලෝම මේ පිපිරීම් ශබ්දය ආ දෙස බැලූහ.
ටයිකෝට් කාරයකු දණගානු දුටු බොහෝ අය සිනාසුනහ. ඔහු ආසන්නයෙන්ම බිදුණු බෝතලයක් දෝරේ ගලා යන්නේය. මෙය දුටු ඔහුගේ වෙරි හිදුනේය. ලැජ්ජාවෙන් මුහුණ රතුවී ගියේය. කෝට් බෑයට අස්සෙන් ඉනේ ගසා ගෙන සිය මෝටර් රථයට දමා ගැනීමට ගෙන ගිය බෝතලය ඔහුත් සමග බිම වැටුණු බව සියල්ලෝටම අවබෝධ වූහ. මිනිහා තවත් කිහිපදෙනෙකුගේම ආධාරයෙන් නැගිට එතනින් මාරුවී ඇත්තේ මුදල් කවරයද නොදීලු‍.

 



අදහස් (0)

බෝතලය පුපුරා ටයිකෝට් ගැලවිලා

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

කෙට්ටු කරන්න ගිහින් මට්ටුවෙලා
2025 පෙබරවාරි මස 10 383 0

ප්‍රියම්භිකාවගේ සිරුර කෙට්ටු කරන්න ගොස් තමන්ට තට්ටුවූ අයකු පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


දෙහිකපන්න හොයද්දී පදමට ගහලා ඇඳයට බුදි
2025 පෙබරවාරි මස 08 103 0

අතුරුදන් වූ අයකු ඇඳක් යටින් සොයා ගත් පුවතක් මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකින් අසන්නට ලැබුණි.


බෝතලය පුපුරා ටයිකෝට් ගැලවිලා
2025 පෙබරවාරි මස 07 809 0

මංගල උත්සවයේදී සුද්දාගේ ඇදුමට අපූරු ගෞරවයක් දුන්නු අයකු පිළිබදව ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.


දරුවා පාස් කරන්න එපා කියා පියා දෙවියන්ට කියලා
2025 පෙබරවාරි මස 06 2405 0

සිය දරුවා පෙනී සිටින විභාගයෙන් පාස් කර නොදෙන්නැයි දෙවියන්ට පවසා සිටින ලෙස දේවාලයක කපු මහතෙකුගෙන් ඉල්ලා සිටි පියකු පිළිබඳ පුවතක් හසලක පොලිස් වසමේ එක්


සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 870 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


කේළම අතේ පත්තු වී කෙහෙවලු‍ පටලවාගෙන
2025 පෙබරවාරි මස 04 639 0

කේළම අතේ පත්තුවී දෙ නෑනෝ කෙහෙවලු‍ පටලවාගත් අපුරු කතාන්දරයක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 80 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 119 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 879 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site