දියණියකගේ මංගල දිනයේ මංගල සභාව අමතා අසල්වැසි පුද්ගලයකු පවත්වන ලද කථාවෙන් මනාලියගේ පාර්ශ්වය අන් අය ඉදිරියේ දැඩි ලෙස ලජ්ජාවට පත් වූ පුවතක් ලංකාවේ දකුණු දෙසින් වාර්තා වෙයි.
මව තම එකම දියණිය ඇති දැඩි කිරීමටත් අධ්‍යාපනය ලබා දීමටත් දැඩි පරිශ්‍රමයක් දැරුවාය. සරසවි වරම් ලබා ගැනීමට නොහැකි වූ ඇය පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වූවාය. එහිදී දැන හඳුනා ගත් තරුණයකු සමඟ පෙම් සබඳතාවක් ගොඩනගා දෙපාර්ශවයේ ආශිර්වාද මැද විවාහ දිවියට පත්වූවාය. ඒ වෙනුවෙන් උත්සවයක් ද පැවැත්වූයේ දෙපාර්ශ්වයේ නැදෑ හිතවතුන් සීමිත පිරිසක් සහභාගී කරවා ගනිමිනි.
මංගල දිනයේ සියලු චාරිත්‍ර ඉටු කොට දිවා ආහාරය ද ගෙන උත්සව සභාව පවත්වන්නට විය. එහිදී අසල්වැසි එක් පුද්ගලයකු නැගිට වැඩ සටහන මෙහෙයවන තැනැත්තාට පවසා සිටියේ තමාට ද කථාවක් කරන්නට අවශ්‍ය බවයි.
බමන මතින් සිටි ඔහුට අවස්ථාවක් ලබාදීම ප්‍රතික්ෂේප කළ සංවිධායකට ඔහුගෙන් ලැබුණේ අපුරු පිළිතුරකි. ‘හොඳයි මට කථාවක් දෙන්නේ නැත්නම් මම කාපු බීපු දේවල් මෙතනම දානවා’ යයි තර්ජනාත්මකව පැවසීය. සිදුවන්නට යන නින්දාව මගහරවා ගැනීමට සියලු දෙනා කතිකා කරගෙන විනාඩි දෙකකින් තම කතාව නිමා කරන ලෙස පොරොන්දු වී ඊට ඉඩ හසර ලබා දෙන ලදී.
බමන මතින් කතාව ආරම්භ කළ ඔහු මෙසේ පවසන්නට විය. ‘තාත්තා නොමැති මේ කෙල්ල අපි හැදුවේ පිට කෙනෙකුට දෙන්නට නෙවෙයි. මේ නංගිත් දුව හදා ගන්න නොකරපු දෙයක් නැහැ. මමත් නිතරම මේ නංගිගෙ ළඟින්මයි හිටියෙ. ඒ නංගි කියන දේවලුත් රැයක් දවාලක් නොබලා මම කරල දුන්නා.
එක් වරක් මේ කෙල්ල කොල්ලෙක් එක්ක යාළු වෙලා ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වෙලාවෙත් මම ඉදිරිපත් වෙලා ඒ ප්‍රශ්නය ලිහුවා. ඔන්න පුතේ අද සිට කෙල්ල උඹට බාරයි, පවසමින් තවත් බොහෝ දේ කියවන්නට විය. මොහු තවදුරටත් කතා කළහොත් තව තවත් දේ හෙළිවෙන බව දැනගත් සංවිධායක විසින් ඔහු පසෙකට රැගෙන යන ලදී.
මොහුගේ කතාව අසා සිටි සැම දෙනා නොසන්සුන් වන්නට විය. ඒ සමඟම ඔවුනොවුන් මුහුණට මුහුණ බලා මුමුණන්නට ද විය. ඒ අවස්ථාවේ මව ඇතුළු ඥාතීන් විසින් කරුණු අවබෝධ කර දීමෙන් පසුව මනාල යුවළ හා ඔහු සමඟ පැමිණි පිරිස නොසතුටින් පිට වී යද්දී එහි සිටි වැඩිහිටි අයකු පවසා සිටියේ ‘‘දැන් ඉතින් මොනවා කරන්න ද බැඳගත්ත බෙරේ මුළු ජීවිත කාලය පුරාම ගහන්න තමා වෙන්නෙ’’ යනුවෙනි.
කඹුරුපිටිය විශේෂ කේ. අජිත්
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මංගල කතාවෙන් මනාලියගේ පටි රෝල්