(උණවටුන ඩී.ජී. සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක කනිෂ්ඨ විදුහලක පස්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි දරුවෙකි. ඉගෙනීමට දක්ෂ වුණත් නගරයේ උපකාරක පංතිවලට හෝ නගරයේ පුස්තකාලවලට යාමට හැකියාවක් තිබුණේ නැත.
මේ අතර එක්තරා ආයතනයක් මෙම පාසලට පුස්තකාලයක් ලබා දීමට තීරණය කළේය. ඒ අනුව එම ආයතනයේ නියෝජිත පිරිසක් පැමිණ තොරතුරු සොයා බලා පළමුව පුස්තකාලය සඳහා අවශ්‍ය අල්මාරි ගෙනැවිත් තැබුවේය. ඉන්පසු දිනක එම පිරිස පොත් රැගෙන වෑන් රථයකින් පැමිණියහ.
පිරිස පිළිගැනීමට විදුහල්පතිවරයා සහ ගුරු මණ්ඩලය උත්සවයක්ද සංවිධානය කර තිබිණ. මෙම පාසලේ ගුරු මණ්ඩලය දස දෙනෙකි. උත්සවයට මව්පියන්ටද ආරාධනා කර තිබිණි. පොත් බාර දීමෙන් පසු පිරිස ආපසු ගියේ මෙම පොත් අල්මාරිවල පුස් කන්නට ඉඩනොදී කියවන ලෙස ළමයින්ගෙන් ඉල්ලීමක්ද කරමිනි.
පසුදිනම මෙම දරුවාද පුස්තකාල පොතක් ගෙනගොස් කියවන්නට විය. දරුවාගේ පියා මත්පැන් පානය කරන පුද්ගලයකු වන අතර ඔහු එතරම් අධ්‍යාපනයක්ද ලබා නැත. එදින සවස පියා එනවිට දරුවා පුස්තකාලයෙන් ගෙනා පොත කියවමින් සිටියේය. පියා පැමිණ දරුවා කියවමින් සිටි පොත බැලුවේය. ඔහුගේ කේන්තිය ඉහවහා ගියේය.
“මේ බලපල්ලා මුගේ වයසට නොවෙයි පොත් කියවන්නේ. ඕක ලොකු මිනිස්සු කියවන පොතක්, කව්ද උඹට ඕක දුන්නේ” කියමින් දරුවාට හොඳටම තලන්නට විය.
දරුවාගේ විලාපයට අසල්වැසි නිවසේ සිටින තරුණ ගුරුවරිය දුවගෙන ආවාය. ඇයටද පියා පෙර පරිදිම කීවේය.
“මේක ලොකු මිනිස්සුන්ට ලියාපු පොතක් නොවෙයි. මේ මඟුල් කෑම කියන පොත කුමාරතුංග මුණිදාස පඬිතුමා ළමයින්ට ලියාපු පොතක්. පොතේ නම මඟුල් කෑම වුණා කියල වැරදි විදියට තේරුම් ගන්න එපා.”
ඇයගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසු පියා පුතා බදාගෙන සිදුවූ වරද ගැන පුතාගෙන් සමාව ඉල්ලමින් පුතා කරට ගත්තේය.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘මගුල් කෑම’ දැකලා තාත්තාට යකා නැගලා