මඟුල් දාට පසුදා මනාලිය වෙන පුරුෂයකු සමගත් මනාලයා වෙන තරුණියක සමගත් ගිය පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. සිදුවීම මෙසේය.
මවුපියන් නිසි වයස පැමිණි එක්තරා තරුණියකට මඟුලක් යෝජනා කර ඇති අතර තරුණිය එයට අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ඇය වෙනත් පුද්ගලයකු හා සම්බන්ධයක් ඇති කරගෙන සිටි බැවිනි. කෙසේ වෙතත් මවුපියන් ගෙනා යෝජනාව තදින්ම ක්‍රියාත්මක කර ඇති අතර ඇයට යෝජනා කළ තරුණයා ද වෙනත් තරුණියක හා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ. කෙසේ හෝ මඟුල තීන්දු වී ජයටම සිදු කෙරී ඇති අතර ඔවුන් මධු සමය සඳහා ඈත ප්‍රදේශයකට ගොස් තිබේ. මධු සමයට ගිය අවස්ථාවේ හෝටලයේදී මනාලිය මනාලයාට නිදි පෙති මිශ්‍ර කිරි වීදුරුවක් ලබා දී ඔහුට නින්ද ගිය පසු ලිපියක් ලියා තබා තමන් යාළු වී සිටින තරුණයා සමග හෝටලයෙන් පිටව ගොස් තිබේ. උදෑසන අවදි වූ තරුණයා ඇයගේ ලිපිය දැක ඔහු යාළුවී සිටින අනෙක් තරුණියට දුරකථනයෙන් කතා කර ඇය සමග පලා ගොස් තිබේ. පසුදා දෙවනි මගුල සඳහා මනාල යුවළ කැඳවාගෙන යාමට පැමිණි මගුල් රථය ආපසු හිස්ව පැමිණෙන අයුරු දුටු මනාල යුවළගේ මවුපියන් සිදු වී ඇති කාරණය අවබෝධ වී පිරිස ඉදිරියේ ලැජ්ජාවට පත්වීමට නොහැකිව හිමිහිට මගුල සංවිධානය කර තිබූ හෝටලයෙන් මාරු වී ගොස් තිබේ.
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මඟුලට පසුදා මනාලියන් මාරුකරගෙන දෙවැනි ගමන් රථය හිස් අතින් ගෙදර