(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
දෑවැදි එපා කියා වසර පහකට පෙර පුතාට කැන්දාගෙන ආ ලේලියගෙන් ගුරු නැන්දම්මා දෑවැද්ද ඉල්ලූ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල නගරයට ආසන්න ගමකි. මේ ගමේ මීට වසර දෙකකට පමණ ඉහතදී ගුරුවෘත්තියේ සේවය කොට විශ්‍රාම ලැබූ කාන්තාවක් සිටින්නීය. ඇය පුතුන් දෙදෙනකුගේ සහ දියණියකගේ මවකි. සැමියා ද විශ්‍රාමිකයෙකි. මෙම විශ්‍රාමික ගුරු මාතාවගේ මව්පියන් මිය යෑමෙන් පසු ඔවුන් භුක්ති විඳිමින් සිටි නගරය ආසන්නයේ ඉඩම් කඩම් ඇයට හිමි වූවාය. එම ඉඩම්වල වටිනාකම කෝටි ගණනකි. ඇයගේ වැඩිමහල් පුතා අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟළුම් ආයතනයක සේවය කරයි. එම ඇඟළුම් ආයතනයේ සේවය කරමින් සිටින අවස්ථාවේදී තරුණයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ තරුණියක හඳුනා ගත්තේය. දරුවාගේ කල වයසත් සම්පූර්ණ වීමත් ගැන සිතූ විශ්‍රාමික ගුරුවරිය සහ ඇගේ සැමියා දෑවැදි කිසිවක් අවශ්‍ය නැති බවත් තියෙන ඉඩම් කඩම් රැක බලාගෙන ජීවත්වීමට හැකි තරුණියක් ප්‍රමාණවත් යැයි පවසා තරුණියගේ මව්පියන්ද දැනුවත් කර දෙපාර්ශ්වයේම කැමැත්ත පරිදි විවාහ මංගල්‍යය පැවැත්වීමට සූදානම් කෙරිණි.
විවාහ මංගල්‍යය ඉතා උත්කර්ෂවත් අයුරින් පළමු දින දෙහිඕවිට ප්‍රදේශයේදීත් දෙවැනි දින වූ මනාලයාගේ පාර්ශ්වයේ උත්සවය පින්නවල ප්‍රදේශයේ උත්සව ශාලාවකත් ජයටම ගැනීමට කටයුතු සිදුකර තිබුණි.
දෑවැද්ද අවශ්‍ය නැති බව මනාලයාගේ මව ප්‍රකාශ කිරීම හේතුවෙන් එදා මනාලිය මනාලයාගේ නිවසට පැමිණෙන අවස්ථාවේදී රැගෙන ආවේ තමන්ට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් ටික පමණි. පුතාගේ විවාහයෙන් පසුව නැන්දම්මා ලේලිය රැකියාවට යාමද නවතා දැමුවාය. ගෙදර දොරේ වැඩ ටික කරගනිමින් ජීවත්වන ලෙසද ඇය කිහිප වරක් ලේලියට කීවාය.
දැන් ලේලියට වයස අවුරුදු 3ක පිරිමි දරුවෙක් සිටී. තවත් දරුවකු බිහි කිරීමටද ඇය සූදානමින් සිටින්නීය. පුතා අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයේ රැකියාවට පිටත්ව ගියාට පසු ගුරු නැන්දම්මා ලේලියගේ අඩු පාඩු කියමින් දෙදෙනා අතර කලක සිට මත ගැටුම් ඇතිකර ගත්තාය. ලේලිය කෑවත් හොඳ නැත. ඇය අමාරුවෙන් සැමියාගේ සහ තමාගේ රෙදි ටික සේදුවත් හොඳ නැත. ඇඟේ අමාරුවට ටිකක් නිදා ගත්තද නැන්දම්මාට හොඳ නැත. ගෙනාපු දෑවැද්දකුත් නැතැයි පවසමින් ඇයට දොස් කියන්නට පටන් ගත්තාය.
ඇය දින කිහිපයක් සිය සැමියාට මේ බව නොදන්වා සිටියද එන්න එන්නම දෑවැදි කතාව මතුවීම නිසා දුකට පත් ගැබිනි මව දිනක් ගුරු නැන්දම්මාගේ ප්‍රශ්නය තම සැමියාට කීවාය. පසුව ඔහුද සිය මවට මේ සම්බන්ධයෙන් කරුණු කාරණා පැහැදිලි කර දුන්නද ඇය සත පහකට එය ගණන් ගත්තේද නැත. බැරිම තැන දිනක් ඇඳුම් ටිකක් බෑගයකට දමාගෙන දරුවාත් සමග ගැබිනි මව යළි මව්පියන් ළඟට යන බව සැමියාට දැන්වීමෙන් පසුව ඔවුන් කුලී පදනම මත ගත් නිවසකට ගොස් ඇති බවද මේ වනවිට වාර්තා වෙයි.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මඟුලේදී දෑවැද්ද එපා වූ ගුරු නැන්දම්මා ලේලි එක්ක ඇවිළෙයි
sampath Monday, 01 March 2021 06:48 PM
ලංකාවේ පවුල් ආරාවුල් වැඩි ප්‍රමාණයකට මුල දෙමව්පියන්..