(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
යෝජිත මනාලයා පිළිගැනීම හදවත් රෝගියකු වන යෝජිත මනාලිය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇති වූ ගැටලුව විසඳන්නට වෙනත් තරුණියක ඉදිරිපත් කර ජාමය බේරාගත් මගුල් කපුවකු පිළිබඳව පසුගියදා සියනෑවේ ගම්මානයකින් වාර්තා විය.
දැකුම්කලු තරුණියකි. එමෙන්ම කාගේත් සිත්ගත් රූමතියකි. පවුලේ එකම දියණියය. නිසි වයස් එළැඹීමෙන් පසු ඇයට මනාලයකු සෙවීම මාපියන් බාර දුන්නේ නමගිය කපුවකු වෙතය. මවුපියෝ තරුණිය ගැන වැදගත් සිද්ධියක් කපුවාට ද නොකියා සිටින්නට කටයුතු කළහ.
තමන්ට මනාලයකු සොයන බව තරුණිය දැන සිටියේද නැත. ඇය ඒ බව දැනගත්තේද එදින උදේමය. තරුණිය එක හෙලා මංගල්ලයට අකමැත්ත පළ කළාය. තමන් කලක් තිස්සේ පෙළෙන දරුණු හදවත් රෝගයක් තිබියදී ඒ බව රහසක්ව තබා මනාලයකු හා දීග යන්නට බැරි බව ඇය එක හඩින් මවටත් පියාටත් කියා සිටියාය. එහෙත් මනාලයා හා ඥාතීන් පැමිණි පසු දියණිය සිය තීරණය වෙනස් කරනු ඇතැයි ඔවුහු සිතා නිශ්ශබ්දව සිටියහ.
මනාලිය ගැන කෙරුණු ආලවට්ටම් ආදියෙන්ද කුල්මත්වූ මනාලයා සිටියේ ඇය දකින තුරුය. කෙසේ හෝ මේ මංගල්ලය කර දුන්නොත් මනාලියගේ පියාගෙන් තමන්ට ලැබෙන තෑගි මල්ල ගැන කපුවා සිටියේ දැඩි පෙරේතකමින්ය. නියමිත දින උදේම කපුවාද සමග මනාලයාගේ පවුලේ පිරිස මනාලියගේ නිවසට ආයේ මනාලිය දැක ගන්නටය.
මනාලයාගේ ඥාතීන් පැමිණියද තරුණිය සිටියේ තම ස්ථාවරයේමය. තමන්ගේ රෝගී තත්ත්වය ගැන සත්‍ය හෙළිදරව් කරන්නේ නම් පමණක් ඇය මනාලයා පිළිගන්නට යන්නට කැමැත්ත පළ කළාය. මවුපියන් ඊට එකඟවූයේද නැත. මනාලිය කෝ මනාලයාගේ නෑදෑ පිරිස කපුවාගෙන් ඇසුවේ මේ අතරය. මනාලයාද මනාලිය බලන්නට සිටියේ ඇඟිලි ගනිමිනි.
මනාලිය මංගල්ලය ප්‍රතික්ෂේප කරන බවත් තමන් අසරණව සිටින බවත් කපුවාට මවුපියන් දැනුම් දුන්නේ හොර රහසේය.
මනාලිය නොපෙන්වා ගියොත් තමන්ට සිදුවන පාඩුව ගැන සිතූ කපුවා උප්පරවැට්ටියක් ගැන සිතා මනාලිය රූපලාවණ්‍යාගාරයට ගොස් ඇති බැවින් තමන් ගොස් ඇය ඉක්මනින් කැඳවා ගෙන එන බව කියා පිටවී ගියේය.
කපුවා දන්නා හඳුනන හැඩ වැඩ ඇති තරුණියක කැඳවාගෙන ආයේය. ඒ තරුණිය මනාලයා හමුවට ගියේ පවුලේ දියණිය සේය. කපුවා කපෝතියෙන් බේරුණේය. මනාලයා එකපයින් ඇයට කැමත්ත පළ කිරීමෙන් කපුවා තවත් අමාරුවක වැටී සිටින අතර දැන් එයින් බේරෙන අන්දම ගැන සිතමින් පසුවෙයි.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මඟුල් කපුවා ජාමය බේරාගන්න ගිහින් තවත් පඹගාලක පැටලැවිලා
sampath Friday, 04 February 2022 05:47 PM
ඇත්ත, මනාලිය දැන් ඉදිරිපත් කරලා ඇත්ත කතාව කිව්වාම වැඩේ ඉවරයි. ඒ වෙලාවේ ජාමෙ බේරගත්තු එක අමතක කරලා දාමු...