කඹුරුපිටිය විශේෂ – කේ. අජිත්
තමා කලින් ඇසුරු කළ පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට ගොස් අපහසුතාවට පත්වීමට පෙර උපක්‍රමයකින් යාමය බේරා ගත් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් මාතර දිසාවෙන් වාර්තා වෙයි.
මාතර නගරයෙන් ඈත ග්‍රාමීය පෙදෙසක විසු රජයේ නිලදරුවෙකු වූ ඔහු යම් සමාජ මට්ටමක සිටි පුද්ගලයෙකි. ගමෙහි මෙන්ම අවට ගම්වල ද මංගල හා අවමංගල උත්සවයක්, පිරිත් පිංකමක් මෙන්ම වෙනත් වුවමනාවන් සඳහා මුලිකත්වය ගෙන කටයුතු කළේ ඔහුය. ඒ ඔහු තුළ තිබූ සංවිධාන ශක්තිය හා තැනට උචිත චතුර කථිකත්වය නිසාවෙනි.
දිනක් තම ඥාති පුතෙකුගේ මංගල උත්සවයකට ඇරයුම් ලැබූයෙන් එම ගමනට සුදානම් වුයේ තම අායතනයෙන්ද නිවාඩු අනුමත කර ගැනීමෙන් අනතුරුව තම බිරිය සමගිනි. දුර බැහැරක පැවැති මංගල උත්සවය සඳහා ඔවුන් පිටත් වුයේ මංගල දිනය දා උදෑසනිණි.
මංගල නිවසට පැමිණි ඔවුන් පිළිගනු ලැබුයේ මනාලියගේ පියා විසිනි. ඒ මව තම දියණිය සුදානම් කිරීමේ කටයුතුවල නියැලී සිටීම නිසාවෙනි. පැමිණි පිරිස තේ පැන් සංග්‍රහය භුක්ති විඳීමෙන් අනතුරුව ආ ගිය විස්තර කථා කරමින් සිටින විට ඔහු හට ඉතා හුරු පුරුදු කාන්තා රුවක් දැකගන්නට ලැබූයෙන් ඒ පිළිබඳ සොයා බැලු ඔහුගේ ඉහ මොළ රත්වුයේ තමා මේ ඇවිදින් සිටින්නේ මෙයට වසර 25 කට පමණ පෙර ආදරයෙන් බැඳී සිටි පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට බව දැන ගැනීමෙනි.
වහා ක්‍රියාත්මක වූ ඔහු බොරු ලෙඩක් මවා කඩයකින් මුව ආවරණයක් ගෙන්වා පැළඳ ගත්තේ එම කාන්තාවට තමා කවුරුන්දැයි හඳුනාගත නොහැකි වන්නටය. එතැනින්ද නොනැවතුනු ඔහු කල්පනා කළේ මෙතැන සිටියොත් මංගල කථාවේ දී තමා කවුරුන් ද යන්න මනාලියගේ මව හඳුනා ගන්නා බවත්, ඉන් තමාගේ සමාජ තත්වයට මෙන්ම පවුල් ජීවිතයටත් බලපෑමක් වන බවත්ය.
වහා තම ජංගම දුරකථනය අතට ගත් ඔහු ඇමතුමක් පැමිණි ආකාරයෙන් කතා කරමින්, තමාට ඇරයුම් කළ ගෙහිමියා ළගට ගොස් කලබලයෙන් මෙන් ප්‍රතිචාර දැක්වූයේ “හරි මම දැන්ම එන්නම්” යනුවෙනි. මේ කතාව අසා සිටි ගෙහිමියා “මොකක් ද මහත්තයෝ කරදරයක් ද” යනුවෙන් විමසූ විට, “ඔව් අනේ අයියේ ඊයෙ රෑ අපේ ඔපීස් එකේ දොර කඩලා. මගේ කාමරයේ තිබුණු පරිගණකය අරගෙන ගිහින්. දැන් කතා කළේ ඒ ගැන පොලිසියේ පැමිණිල්ලක් දාන්න යන්න. නැත්නම් මාවත් අත්අඩංගුවට ගනීවි.”
“අනේ එහෙනම් ඉක්මනට යන්න මහත්තයෝ. මම කථාව වෙන කෙනෙකුට පවරන්නම්” යනුවෙන් පැවසීමත් සමග ඔහු එතනින් ලිස්සා ගියේ ඉබ්බා දියට දැම්මාක් මෙනි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මඟුල් ගෙදරදී පැරැණි පෙම්වතිය දැක ඉහ මොළ රත්වෙලා
Sumana kumara Wednesday, 29 May 2024 02:27 PM
පැරණි පෙම්වතියක් හම්බ වුණා කියලා නම් පැනලා දුවන්න අවශ්‍ය නැහැ. සමහර විට ඒ කාලේම සල්ලිත් ඉල්ලන් පොල්ලක් තියලාම මාරු වෙන්න ඇති...!
Upali Rathnayake Saturday, 01 June 2024 12:26 PM
මම මගේ පැරැණි පෙම්වතිය බලන්න ඇඟේ ගෙදරත් යනවා. එයාගේ හස්බන්ඩ් එක්කත් කතාකරනවා. කිසිම අවුලක් නැහැ. මේ පොර girlfriend ගෙන් සල්ලි අරගෙන පොල්ලක් තියලා වගේ...