IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


මඟුල් සාදයේදී සූර්වී බෝතලයක් ඉණේ ගසාගෙන යද්දී මාට්ටු

වියලූවේ ගම්බද ප‍්‍රදේශය මඟුල් ගෙයකි. තම බිරිය හා වැඩිමහල් දියණියද සමග ජැණ්ඩියට හැඳ පැළඳගත් ඔහු එහි පැමිණියේ  නිවැසියන් කල් තබාම කළ ආරාධනයට අනුවය. දියණියත් බිරියත් හිතවතුන් අතර හිදින්නට සැලැස් වූ ඔහු කෙළින්ම පියමැන්නේ උත්සවයේ මත්පැන් සාදය තිබෙන ඉසව්වටය. ඒ මඟුල් ගෙදර තරුණයකු කළ ආරාධනයකට අනුවය.
 යහමින් මත්පැන් සපයා තිබූ සාදයට එක්වූ ඔහු ඇති පදම් සප්පායම් වූයේ තම සීමාව පවා අමතක කර ගනිමිනි.
 හිටි හැටියේම වටපිට බැලූ හෙතෙම හොඳවැයින් අරක්කු බෝතලයක් ඉණේ ගසා ගත්තේ ඔය අතරතුරය. බොහෝ දෙනෙකුට එය දැක ගන්නට නොලැබුණත් අසල මේසයක සිටි තරුණයකුගේ උකුසු ඇසට මඟහැර යන්නට නොහැකි විණි.
සිද්ධිය දුටු තරුණයා සිදුවන්නේ කුමක්දැයි ඇස ගසා සිට නිවසේ තරුණයකුට ද සිද්ධිය සැල කළේ පුංචි උපායක් ද ඊට එක් කරමිනි.
සාදය උණුසුම් වෙමින් තිබිණි. අරක්කු බෝතලය ඉණේ ගසා ගත් තැනැත්තා එතැනින් පිටවී මහ මඟ දෙසට යන්නට වූයේ ඔය අතරේය.
මඟුල් ගෙදරින් කටගැස්මට බැඳුමක් ද සපයා ගත් තරුණයෝ පිරිසක් ද ඔහුගේ පිටු පසින් වැටිණි. ”මාමේ ඔය  බෝතලේ විතරක් මදි. මේ බයිට් එකක් අරන් යන්න” යැයි තරුණ පිරිස ඔහු වෙත කට ගැස්ම බඳුත දිගු  කරමින් සමච්චල්  සිනහවක් පෑවේ කාටත් ඇසෙන්නටය. ඔය අතරේ තවත් වැඩිහිටියෙක් සරමෙන්ද ඇද්දේය.
 ගතවූයේ නිමේෂයකි. අරක්කු බෝතලය ගත්  වැඩිහිටියා මහමඟ යන  තුන්රෝද රථයක  එල්ලූනේ තමන් සමග ආ බිරියත්,  දියණියත් මඟුල් ගෙදරත් අමතක කර දමමිනි. 



අදහස් (0)

මඟුල් සාදයේදී සූර්වී බෝතලයක් ඉණේ ගසාගෙන යද්දී මාට්ටු

හේරත් Friday, 26 July 2013 06:34 PM

"මමත් ඉලන්දාරි කාලේ රා බිව්වා ආයුබෝන්." (නි)

:       0       0

ඡයා Saturday, 27 July 2013 07:45 AM

ලංකාවේ අයට මදුවිත නැතිව මොන උත්සවද?(නදී)

:       0       0

මහින්ද Saturday, 27 July 2013 07:45 AM

නරක දේකට ආරාධනා කරහම නරක දෙයක් කරන එක ස්වාභාවිකයි.(නදී)

:       0       0

සමන් Saturday, 27 July 2013 07:45 AM

ඕවා ඔහොම තමයි ගණන් ගන්න එපා.(නදී)

:       0       0

සමන් Saturday, 27 July 2013 07:51 AM

මිනිහට ජොලියක් යන්න ඇති බෝතලේ දැක්කම.(නදී)

:       0       0

කුමාර් Friday, 26 July 2013 07:47 PM

වියලූවේ ගම්බද ප‍්‍රදේශ වල ඉන්නේ ඔක්කොම බෞද්ධ සෙනග නේද ? ලංකාවේ පන්සිල් නමට විතරයි. හැබැයි බෞධයන්ගේ පම්පෝරිය, මස් කඩ වලට විරුද්ධ සටන....??(නි)

:       0       0

ආනන්ද ආර් Sunday, 28 July 2013 06:08 PM

රුපවති අක්කගේ ගෙදර ඕක වුනානම් රොස්ට් කරපු කුකුලෙක් බැදලා දෙනවා බෝතලෙත් එක්කම ගෙනියන්න නේද? (දී)

:       0       0

චන්දි Friday, 26 July 2013 08:19 PM

මටත් මන් පුංචි කාලේ මගේ සියා පණු අමාරුවට හොදයි කියල කිතුල් රා බොන්න දීලා තියෙනවා ආයුබෝවන් !!!!(අ)

:       0       0

හේරත් Sunday, 28 July 2013 10:37 AM

පොඩ්ඩක් මාට්ටු වුනාට මොකෝ මාමේ? (නි)

:       0       0

චන්දි Saturday, 27 July 2013 10:42 AM

අනේ උපාලි..,!!! එහෙම ඉල්ලුව නේන්නම්., ඔයා දන්නවද මන් මොකද කලේ කියල ..?හැමෝටම හොරෙන් කිතුල් රා බොන්න ගිහින් අපේ ආච්චි හාල් හෝදපු වතුර එකනේ බිලා තිබුනේ (හි හි හි ) (දී)

:       0       0

සරත් ' Saturday, 27 July 2013 11:09 AM

රූපවතී අක්කයි, චන්දියි රා බීල මීයෝ වගේ ඉන්න ඇති! (දී)

:       0       0

රූපවති Friday, 26 July 2013 09:40 PM

අපි පුංචි කලේ තාත්ත පැණි ගන්න ගෙදර පාවිච්චියට ගහක් මැද්ද , අපිත් බීල තියනවා රා ගොඩක් රස පානයක්, (අ)

:       0       0

වෙනුර Friday, 26 July 2013 02:03 PM

තමන්ගේ සීමාව දන ගෙන හැසිරෙන්න ඕන..ගෑනු දරුවෙක් එක්ක හිටිය නිසා ඒ ළමයා දැන ගත්තම කොච්චර දුකකට ,ලජ්ජාවකට පත්වෙයි ද..? (ස)

:       0       0

චන්දි Saturday, 27 July 2013 11:47 AM

සරත්ට උත්තර දෙන්න කියල මම රුපවති අක්කට ගෞවරවයෙන් අරාධනා කර සිටිනවා. (ස)

:       0       0

පද්මිණි Saturday, 27 July 2013 12:01 PM

සුද්දන්ට බනිනේ නැතිව සුද්දෝ කරන විදියටම තමන්ගේ බිරින්දෑ වරුත් එක්කලම ඔය වගේ සාදයකදී පානය කලානම් හරිනේ. අපේ සිංහලයෝ කරන්නේ ගෑනුන්ට හොරෙන් මුල්ලේ පාටිය. අන්තිමට කන සාක්කුවට වැටෙන කල් දන්නේ නැහැ. (ස)

:       0       0

උපාලි Friday, 26 July 2013 02:19 PM

සරත්, ඒක බොහෝදුරට ඇත්ත. අනික වැඩි දෙනෙකුට තමන්ගේ සහජ ගති එලියට එනවනේ ටිකක් වැඩි වුනහම. හරි අපුරුයි බලන්න. සමහරු හිනාවෙච්ච ගමන්. සමහරු සින්දුවක් කියන්නේ ("කෑ ගහන්නේ") කොයිවෙලාවේද කියල ඉන්නේ. වැඩි දෙනෙක් ගෝරියට බරයි. පොදුවේ කවුරුත් තොරතෝංචියක් නැතුව කියවනවා. මාමා නම් බෝතලේ ඉනේ ගහගන්න ඇත්තෙ නම් ඔබ කිවූ පළමු කාරණේ නිසා වෙන්න ඇති. මොනවවුනත් නැන්දා ගෙදර ගියාම දෙන්න ඇති වෙරි හිදෙන්න. (ස)

:       0       0

පිටිගල Friday, 26 July 2013 02:33 PM

අපේ රටට මත්පැන් හඳුන්වලා දුන්නේ සුද්දද? එකියන්නේ 1505 න් පෙර මේ රටේ මත්පැන් තිබුනෙම නැද්ද? මම දන්නා විදිහට නම් ඊට පෙර රා බීපු රජවරු වෙනත් අය ගැන සඳහන් වෙනවා ඉතිහාසයේ. රා මත්පැන් ජාතියක් නෙමෙයි මයේ හිතේ? මමත් ඉලන්දාරි කාලේ රා බිව්වා ආයුබෝන්. (නි)

:       0       0

උපාලි Saturday, 27 July 2013 12:17 PM

චන්දි නංගිට ස්තුතියි. රූපවතී නංගිගෙනුත් මම ප්‍රශ්නයක් ඇහුවා. ඒත් ඒක හරි ගියේ නැහැ. මං කියන්න හැදුවේ කිතුල් රා කියන්නේ රසවත් බීමක් වගේම ඹෟෂධීය ගුණයකුත් තියෙන දෙයක් කියන්නයි. ඔයත්, රුපවති නංගිත් ඒක ස්ථිර කළා කියලා මං හිතනවා. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමති කාලේ (1964) පනතක් ගේන්න උත්සාහ කළා රා මැදීම නීතිගත කරන්න. අපේ සුචරිතවාදීන් තදින් විරුද්ධ වූ නිසා අගමැතිනියට සිදුවුනා ඒක විසිකරන්න. ඒක හරිගියා නම් සමහරවිට කසිප්පු උවදුර මෙහෙම දරුණු නොවෙන්න ඉඩ තිබුනා. ෆිදෙල් කස්ත්‍රෝ කිව්වා වගේ යමක් නිවැරදි බව ඔප්පුකරන්නේ ඉතිහාසය විසින්.(නදී)

:       0       0

ධනූ Friday, 26 July 2013 02:47 PM

පාටියට ගියේ බිරිද සහ දරුවත් එක්ක මේ මෝඩ මනුස්සයට ඒ ගැනවත් හිතන්නේ නැතිව හොදටම බීලා නේද? ගානකට බිව්වනම් ඒත් කමක් නැහැ. (ස)

:       0       0

නාලක Sunday, 28 July 2013 12:44 PM

කවුරු මොනවා කිව්වත් අර අම්මයි දුවයි මොන තරම් අපහසුතාවයකට පත් වෙන්න ඇතිද? (නි)

:       0       0

සරත් Sunday, 28 July 2013 10:30 PM

රූපවතී අක්ක ළඟ ඉන්නවා බැදපු කුකුලෙක් නෙමෙයි බැඳ ගත්ත කුකුලෙක්! බලන්න වටිනවා අත්තටු ගහලා ඇස්දෙක පියාන හඬලන ලස්සන! (නි)

:       0       0

ටෙෂාන් Friday, 26 July 2013 11:25 PM

මේකට තමයි වෙඩින් එකකදී බාර් එකක් තියලා මත්පැන් ඕනෑ අයට දෙන්න ඕනෑ. නැත්නම් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්, මෙහෙම අරගෙන ගියාම මගුල් ගෙදර සංවිධානය කරපු අය බිල ගෙවන්න ගියාම තමයි තරු පෙනෙන්නේ. මේක මත්පැන් විතරක් නෙමෙයි කෑම වලටැත් එහෙම තමයි. අම්මලා කවන්න ඕනෑ ඒ ගොල්ලන්ගේම පිගානෙන්. ඒත් සමහර අම්මල වෙන පිගානක් ගන්නවා.ඒක වැරදියි. මොකද පිගන් වලට ගණන් ගන්න නිසා. (නි)

:       0       0

සමීර වී . Friday, 26 July 2013 03:23 PM

මෙයාට පදම වැඩි උනාම ගෙදර බල්ලාගේ පණු අමාරුව මතක් වෙන්න ඇති. තරුණ වරුණ මල්ලි මම අහල තියනවා යමෙක් අරක්කු බිවු පමණින් බේබද්දෙකු නොවන බව . ඊට තව කරුණු එකතු විය යුතුයි. මත් පැන් බොන අය අහල පහල කුකුල්ලු මරනවා බයිට් එකට. බොරුනම් රුපවති අක්කාගෙන් අහන්න . එතන සතුන් මැරීම සහ හොරකම අරක්කු බොන්න සල්ලි නැතිනම් හොරකම් හරි කරනවා. ඊලගට පදම වැඩි උනාම 3 වෙනි සිල්පදය කඩනවා. සමහරු හොරෙන් හා ප්‍රදේශීය දෙසපාලකයෝ ප්‍රසිද්දියේ. ගෙදරට මිතුරන්ට නොයෙක් බොරු කියල නයට සල්ලි අරන් අරක්කු බීල තවත් බොරු කියල 4 සිල් පදය කඩනවා. මේ කරුණු සම්පූර්ණ කලාම නියම බේබද්දා. දුම් පානය ගැන මේ කතාව කියල තියෙන්නේ ප්‍රේමයේ ප්‍රතිමුර්තිය බදු ප්‍රේමකීර්ති ද අල්විස් සුරින්. දුම් බොන අය ලෙඩ වෙලා ඉක්මනට මැරෙනවා එහෙම නොමැරෙන අය ස්නායු දුර්වල වෙලා අත වේවිලන්න පටන් ගත්තම ඇවිදින්න අතට හැරමිටියක් ඕනිලු. හැරමිටිය අතේ තියන තුරු බල්ලෝ හපන්නේ නැතිලු. ඒ වගේම නිතර දුම් බොන අයට කැස්ස හැදෙන නිසා රෑ එළිවෙනතුරු කහින නිසා ගේ හොරුන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන්ලු.(නදී)

:       0       0

මොහොමඩ් Friday, 26 July 2013 03:28 PM

වෙනස පේනවා නේද ? (ස)

:       0       0

පියල් Saturday, 27 July 2013 12:18 AM

පුදනකොටම කාපි යකා. (නි)

:       0       0

සරත් Friday, 26 July 2013 10:05 AM

"තියනවට බීම" සහ "ඇති තරම් බීම". මුදලට බොන විට 'දෙවෙනි ක්‍රමය'. නිකම් ලැබෙන විට 'පළමු ක්‍රමය' . කොහොමත් ඔය දෙකම අපිත් කරනවා. (නි)

:       0       0

බන්ඩාර Friday, 26 July 2013 10:16 AM

වරුණ මොකද කියන්නේ, මෝඩ කතාවක් කියමුද? (ස)

:       0       0

උපාලි Saturday, 27 July 2013 02:27 AM

චන්දී, ඔයාගේ ඒ පුංචිකාලේ අහිංසක පුංචි පණු පැටවූ ඉතින් දිගටම කරදරකලේ නැද්ද 'අනේ තව දෙන්න, තව දෙන්න' කියා කියා? දෙන්නම "නෑ" කිව්වොත් නම් හරි පවු. (නි)

:       0       0

දුමින්ද Friday, 26 July 2013 10:35 AM

බුද්ධිමත් ලාංකිකයන්ට සුද්දා බෝකළ සුරාව නිසා මෙවන් උතුම් බුද්ධිමත් සමාජයක්ම අපට නොදැනීම ජෝකර්ලා වුනු බව සනාත කලාවූ තවත් එක අවස්ථාවක්.බීමත් ජනතාවක් යනු රටේ සමෘද්ධියේ ලක්ෂණයක් නොවේ. (නි)

:       0       0

දුම්මලසූරිය ප්‍රැන්සි Sunday, 28 July 2013 01:54 AM

අද කාලේ ඔයවගේ දේවල් සාමාන්‍ය දේවල් බවට පත්වෙලා. ඕවා දෙවියෝ සාක්කි තීරුවට සුදුසු කරුණු නොවේ. මගුල් ගෙදර ඇවිත් පස්සේ බොන්න අරක්කු හංගනවා. .ගෙනියනවා අපි ඕන තරමි දැකලා තියනවා.(නදී)

:       0       0

ධම්මික Sunday, 28 July 2013 11:51 PM

මොහොමඩ්, අපි වෙනස දන්නවා. දැනගෙන තමයි වැඩ කරන්නේ. ඉස්සරහට බලාගන්න පුළුවන් වෙනසේ තරම. ඩුබායි වලටම වෙලා තම වෙනස තේරුම්ගන්න වෙන්නෙත් ! (නි)

:       0       0

පහන් Friday, 26 July 2013 11:05 AM

දෙයියෝ සාක්කි ප්‍රතිචාර කණ්ඩායම මේ ලගදි ඉදල ලිද ලග සංගමයක් වෙලා (දාන සමහර ප්‍රතිචාර වලින් ඒක පේනවා )සැපදුක අහන්නත් මෙතෙන්ට එනවා (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 27 July 2013 05:12 AM

අපේ හෙල දෙරණේ අරක්කු බෝතලේ වැඩියෙන්ම පාවිච්චි කරන විශේෂ දවස්... දරු උපතක්, ඉඳුල් කට ගෑම, උපන් දිනය, මල්වර උත්සවය, මංගල්ලය, අවමන්ගල්ලය, හත් දවසේ දානය, තුන්මාසේ දානය, අවුරුද්දේ දානය.... මේ ලඟදි ලංකාදීපේ තිබුනේ පෝය දවසෙත් පොඩි පාටියක් ගැන! (නදී)

:       0       0

ෂෙරිෆ් Saturday, 27 July 2013 06:16 AM

රූපවති අක්කේ ඔයාගේ තාත්තා පැණි ගන්න මැදපු ගහේ තණකොළ එහෙම තිබුනේ නැද්ද? (නි)

:       0       0

වරුණ Friday, 26 July 2013 11:31 AM

බණ්ඩාර නුවනක්කාරයනේ. ඔයාම කියන්න.මම නම් බේබද්දන් ගැන එච්චර පැහැදීමක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 492 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 645 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1049 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9362 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 853 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 320 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 490 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1989 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site