විශාල මුදලක් වැය කර ව්‍යාජ මැණික් ගලක් ලබාගෙන මුදලත් මැණික් ගලත් දෙකම අහිමි කරගත් මුදලට දැඩි ගිජුකමක් දක්වමින් ජීවත්වූ මුදලාලි කෙනෙකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
තොග වෙළෙදාම මෙන්ම සිල්ලර වෙළෙඳාම සිදුකිරීම සිය ජීවිකාව කරගත් තරුණ මුදලාලි අතිශයෝක්තියට දැඩි කැමැත්තක් දැක්වූවෙකි. කවමදාකවත් ව්‍යාපාරයේ ලාබ ලබන බවක් ඔහු නොපවසන අතර පාඩු පිට සේවයක් ලෙස වෙළෙඳාම් කරන බවට නිතරම පුරසාරම් දෙඩීම දින චරියාවේ සුපුරුදු අංගයක් විය. අත්‍යාවශ්‍යම හේතුවකට නිවාඩුවක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට බිරිඳ වෙළෙඳසලේ නතර කිරීමට ද ඔහු වගබලා ගත්තේය.
මුදල් තැන්පත් කිරීම සඳහා බැංකුවට ගිය මුදලාලි බැංකුවේ සිටි පුද්ගලයකු කතා කරමින් සිටි දුරකථන ඇමතුමකට සවන්දීගෙන සිටියේය. මැණික් ගලක් අලෙවි කිරීමක් පිළිබඳව එම පුද්ගලයා කතා කරමින් සිටි අතර එය මිලදී ගැනීමට මුදලාලිට ආශාවක් ඇති විය. පසුව එම පුද්ගලයා සමග දොඩමළු වූ මුදලාලි මැණික් ගල මිලදී ගැනීමට සූදානම් බව පැවසුවේය.
වෙනත් අයෙකුට මැණික ලබාදීමට පොරොන්දු වී ඇති නිසා ගනුදෙනුවට එම පුද්ගලයා අකමැත්ත පළකළේය. කෙසේ හෝ වටිනා මැණික් ගල මිලදී ගෙන මැණික් ව්‍යාපාරිකයකුට අලෙවි කර විශාල ලාභයක් ලබා ගැනීමේ සිතුවිල්ල පහලවූ මුදලාලි ගනුදෙනුවට එකඟ කර ගත්තේය. ගනුදෙනුව රහසක් ලෙස තබාගන්නා ලෙස මැණික් ගල රැගෙන පැමිණි පුද්ගලයාගෙන් ඉල්ලා සිටි මුදලාලි ගනුදෙනුව සඳහා වේලාවක් ද කඩිනමින් යොදා ගත්තේය.
මැණික් ගලෙහි වටිනාකම යැයි පැවසෙන මුදල නෝට්ටුවලින් සකසා පරණ හාල් මල්ලකට දමා මුදලාලි විසින් මැණික් ගල රැගෙන පැමිණි පුද්ගලයාට ලබාදී සිය කඩය පිටිපස කොටසේදී ගනුදෙනුව සිදුකර ඇති බව පැවසේ.
දින කිහිපයක් ගතවීමෙන් පසු මුදලාලි මැණික් ගල අලෙවි කිරීම සඳහා ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු හමුවීමට ගියේ බිරිද සමගින් වන අතර, ගල මැරුණු මැණික් ගලක් බවත් මෙහි කිසිදු වටිනාකමක් නොමැති බවත් මැණික් ගල පරීක්ෂා කළ ව්‍යාපාරිකයා පැවසීමත් සමග මුදලාලිට උන් හිටි තැන් අමතක විය.
ගනුදෙනුවක් කිරීමේදී කිසිදු ලිඛිත සාක්ෂියක් නොමැති නිසා නීතිය හමුවේ ගනුදෙනුව සනාථ නොවන බව බිරිඳ පැහැදිලි කර දුන්නාය.
හක්මණ විශේෂ
දෙනගම යසන්ත ආරියසේන
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මැණිකට ලොබ බැඳ ඒකත් මුදලත් දෙකම නැතිකරගෙන